කැලණි ගඟ පිටාර ගැලීමෙන් අවතැන්ව සිටි මල්වානේ වැසියනට පිසූ ආහාර හා වතුර බෝතල බෙදා දීමට මහා සංඝරත්නය හා මුස්ලිම් සංවිධාන එකතුවිය.
යුද හමුදාවේද අනුග්‍රහයෙන් මහා සංඝරත්නය ආහාර පාන බෙදා දුන්හ.
කැලණි ගඟ පිටාර ගැලීමෙන් අවතැන්ව සිටි මල්වානේ වැසියනට පිසූ ආහාර හා වතුර බෝතල බෙදා දීමට මහා සංඝරත්නය හා මුස්ලිම් සංවිධාන එකතුවිය.
යුද හමුදාවේද අනුග්‍රහයෙන් මහා සංඝරත්නය ආහාර පාන බෙදා දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හාමුදුරුවන්ගේ උපන්දිනයත් අද. සිංහලයන්ට වගේම මුස්ලිම් සහෝදරවරුන්ටත් හිතට දැනෙන ආදර්ශයක් (නි)
අර ළඟදි පත්වෙනවා කී සංඝ හමුදාවත් දැන් විපතට පත්වි සිටින ජනතාව බේරාගැනීමට කටයුතු කිරීම කළයුතුයි. එයයි සංඝයා වහන්සේලාගේ උතුම් කාර්යය (නි)
බුද්ධ පුත්‍රයන් වහන්සේලා හැමදාම දුකේදී මනුස්සයින් එක්ක හිටියා. රට වෙනුවෙන් අැපකැපවී හිටියා. එදා ඉඳලම එ්ක අරුමයක් නෙමෙයි. (නි)
දකින්නත් සතුටුයි. (ර)
ආපදාවට ජාති මොන ජාති භේදද මහත්තයෝ... (ර)
මේ කාලේ නියම බුද්ධ පුත්‍රයන් වහන්සේලා දැක ගැනීමත් ඇසට රසඳුනක්! (ර)
ජයතු, අනුන්ගේ හමුදා ගැන කතා කර කර ඉන්නේ නැතුව වැඩේට බහින්න. ඒකයි යුතුකම. (නි)
ආපදාව අවසන්වුණාට පස්සේත් මේ විදිහටම ඉන්න (නි)
පුදුමයි, වෙනදාට දිව එළියට ඇදගෙන අදහස් දාන අය අද නැහැ. සමහරවිට එයාලටත් ගංවතුරද දන්නේ නැහැ. (නි)
අපි ඇතිතේ සිට මේ විදියට එකිනෙකාට උදව් පදව් කරපු ජාතියක්. (ර)
අපි බොරුවටනේ ගහ මරාගන්නේ. (ර)
මගේ ඇස් වලට කදුළු අවා. (ර)
මේ හැදියාව නැතිකරන අයත් ලංකාවේ ඉන්නවා. (ර)
ඉතාම යහපත් ක්‍රියාවකි. (ර)
ආපදා වලදී නම් කට්ටිය හොහොමත් එකමුතුයි තමයි . හැබැයි, කාලා, ඇඳලා පිළිවෙලකට ඉන්නවා දකිද්දී තමයි එකෙකුට අනෙකාව දකිද්දී රුස්සන්නේ නැත්තේ. (ර)
රජයක යුතුකම. (ර)
කෛරාටික දේශපාලකයෝ නොහිටින්න ,මීට වඩා ජාතීන් අතර සමගිය දකින්න තිබුනා . මුස්ලිම් සහෝදරවරුන්ටත් , ගෞරවනීය සගරත්නයටත් මගේ ප්‍රණාමය. (ර)
ප්‍රීතිගේ අදහස නිවැරදියි. අපි විපතේදී පිහිටවෙන සැපතේදී ඊර්ෂ්‍යා කරන ජාතියක්. ඒකයි දියුණුවෙන්න අමාරු. (නි)
මේ තමයි නියම බුද්ධ පුත්‍රයන් වහන්සේලා. සැබෑ බුදු දහම මේ වෙසක් මස අවබෝධ වේවා...! (ර)
මේ වෙලාවේ මෙහෙම එකමුතුව වැඩකිරීම අගය කරනවා (නි)
හාමුදුරුවරුන්ට අපහාසවෙන විදියට කතාකළ අයට හොඳ පිළිතුරක් අපේ හාමුදුරුවෝ දීලා තියනවා. (නි)
මේ කාලකන්නි දේශපාලකයෝ තමයි මිනිස්සුන්ව උසිගන්වන්නේ..!! (බ)
මා ඉපදිලා හැදිච්චි මෙම මල්වාන ප්‍රදේශයේ මා මිත්‍ර කට්ටිය සාදුන් වහන්සේලාත් එක්ක මෙම ආපදා මොහොතේ දැකලා කඳුළු ආවා මුළු රටටම / සියලු ජනතාවටම හොඳක් වෙන්න ප්‍රාර්ථනා කරමි.! (ර)
කෝ දැන් ඔය දේශපාලනයට කඩේ යන,ජාතිවාදය අවුස්සගන දගලන සංවිධාන, ඒවායේ ඉන්න පුජක පක්ෂය, දේශප්‍ර්මියෝ හොයා ගන්නවත් නැහැ නේද.මේකෙන්ම පේනවා තමන්ගේ ගොඩ වැඩිකර ගන්න මිසක් වෙනදෙයක් ඒ ගොල්ලන්ගේ න්‍යාය පත්‍රයේ නැහැ කියල (බ)
ප්‍රීති සහ කපිලගේ කතාව ඇත්ත . අවන්කවම හොදට හිතා බලන්න අපේ රටේ හැමදෙනාටම හොදින් සතුටින් සාමයෙන් ජිවත් වෙන්න පුළුවනි .දේශපාලකයින් තමයි තමන්ගේ ජාතියට අඩු සැලකුම් ලැබෙන්නේ කියා ජාතිවාදය ඇතිකරන්නේ . (ර)
හොඳ වැඩක් (බ)
මේ එකමුතුව රටටම වාසනාවන්! (නි)