ගංවතුර සහ නායයෑමෙන් අවතැන්වූ ලක්‍ෂ හතරකට අධික ජනතාවට සහන සැලසීම සඳහා ජාතික රක්‍ෂණ භාර අරමුදල රුපියල් ලක්‍ෂ 1450 මුදලක් ආපදා කළමනාකරණ අමාත්‍යංශයට නිදහස් කළ බව ජාතික රක්‍ෂණ භාර අරමුදලේ සභාපති මංජුල ද සිල්වා මහතා පැවසීය.
ගංවතුරට සහ නායයෑමට ගොදුරු වූ නිවාස සහ කුඩා ව්‍යාපාර ස්ථාන නැවත ඉදිකිරීමට සහ පිළිසකර කිරීමට වියදම් දැරීමට ද එම අරමුදල සූදානමින් සිටියි.
ජාතික රක්‍ෂණ භාර අරමුදල පසුගිය අපේ‍්‍රල් මස ආරම්භ කළ ජාතික ස්වාභාවික ආපදා සහ හදිසි සහන සේවා රක්‍ෂණ ක‍්‍රමය යටතේ මෙම මුදල ලබාදී තිබේ.
ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේ පවතින ජාතික රක්‍ෂණ භාර අරමුදල ක‍්‍රියාත්මක කරන මෙම රක්‍ෂණ ක‍්‍රමය යටතේ රුපියල් කෝටි 1000 ක වාර්ෂික සමස්ත ආවරණයක් ලැබෙන අතර ඒ සඳහා ලෝකයේ ප‍්‍රමුඛතම ප‍්‍රතිරක්‍ෂණ සමාගම් කීපයක් සම්බන්ධ වී සිටී.
‘‘සෙසු රක්‍ෂණ සමාගම්වලට අප බලාදී ඇති අනිවාර්ය ප‍්‍රතිරක්‍ෂණ යටතේ ද විශාල හිමිකම් රැසක් අපි අපේක්‍ෂාවෙන් සිටිනවා. අපේ මූල්‍ය ශක්තිය සහ අප පසුපස සිටින ප‍්‍රතිරක්‍ෂණ සමාගම් නිසා මෙම හිමිකම් දරා ගැනීම අපට ගැටළුවක් නොවේ’’ යැයි ජාතික රක්‍ෂණ භාර අරමුදලේ සභාපති මංජුල ද සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය.
‘‘අපේ අරමුණ රක්‍ෂණය නොවූ අය රැකබලා ගැනීමයි. රක්‍ෂණය සමාගම් ඔවුන්ගෙන් රක්‍ෂණය ආවරණය ලබාගත් අය රැක බලාගනී’’ යැයි ජාතික රක්‍ෂණ භාර අරමුදලේ ප‍්‍රධාන විධායක නිලධාරී සනත් සී. ද සිල්වා මහතා පැවසීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ආපදා සහන දෙන්න රක්ෂණ අරමුදලත් එක්වෙයි