‘මෝසම් වැස්ස පටන් ගන්න ළඟයි. පවතින ආපදා තත්තවය උග‍්‍ර වෙන්න ඉඩ තිබෙනවා. කල් ඇතිව අඩුපාඩු මතුකර ඒවා හදා ගත යුතුයි. මමයි විද්‍යා තාක්ෂණ ඇමැති ලෙස කටයුතු කරද්දි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ආරම්භ කළේ. එය ආරම්භ කළේ ආපදාවක් ඇති වුණාම ප‍්‍රතිචාර දක්වන්න නොවෙයි. ආපදා අවම කිරීමේ අරමුණ ද ඇතිවයි. එම ආයතනය ආපදා වැළැක්වීමට බර දමා කටයුතු කළ යුතුයි. ආපදා ඇතිවෙද්දි රජයක යුතුකම කෂණික පියවර ගැනීමයි‘ යනුවෙන් ලංකා සම සමාජ පක්ෂයේ ප‍්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා අද (23) කොළඹ එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘අරනායක කඳු වළල්ලේ මෙහා පැත්ත යටියන්තොට හා බුලත්කොහුපිටියයි. කළුපහනවත්තේ 16 දෙනෙක් මිය ගියා. මේක වතු සමාගමකට අයත් වත්තක්. ඒ වතු සමාගම කි‍්‍රයා කළ ආකාරය ගැන සතුටු විය නොහැකියි‘ යැයි ද තිස්ස විතාරණ මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි ඔවු දැනට අවුරුදු දෙකකටත් කලින් බදුලේ නාය ගිය පැතිවල මිනිස්සු තවමත් අවතැන් වෙලා ඉන්නේ .මෙය කෙරුව තමයි කටින් බතල .මෙයා අැමතිද කියලවත් දන්නේ නැහැ .මෙයාවත් ආපදාවට අහුවෙලා හිටියේ .ඔය නිදාගෙන ඉන්න කුනුවලටම ගිහින් තව නිදාගන්න ලොක්කෝ (බ)
ඉෂානි, ඔබ නම් තේරෙන භාෂාවෙන්ම කියලා තියෙනවා. ඒත් කට්ටියට තේරෙයිද කියලා නම් සැකයි. (නි)
ඔක්කොටම කලින් ඔබතුමාලා නායගිය එකට විසඳුමක් දෙන්නම ඕනෑ. (නි)
ඔය ක්‍රියාමාර්ග මීට වසර 5-10ක් කලින් ඔබතුමාලා බලයේ හිටපු කාලේ කළයුතුව තිබු දේවල්. වෙච්ච වෙලාවට සහන ටිකක් බෙදලා ෂේප් වෙන එක නේද කවුරුත් කළේ? (නි)