(අකිල බද්දෙවිතාන)
මේ වනවිට ආපදා තත්ත්වය හේතුවෙන් 151 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.
පවතින තත්ත්වය පිළිබඳ දැනුම්දීමට අද(28) ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමැතිවරයා එසේ කීවේය.
මේ වනවිට පවුල් 1,12,565ක් අවතැන් ව ඇති බවත් පුද්ගලයින් 4,38,295 දෙනෙක් ඊට අයත් බවත් කී ඇමැතිවරයා අතුරුදන් වූවන් ගණන 111ක් හා ආපදා හේතුවෙන් තුවාල ලැබූ ගණන 95ක් බවත් පැවසීය. අවතැන් වූවන් ආරක්ෂිත ස්ථාන 339ක සිටින බවත් ඔහු සඳහන් කළේය.
දේපළ හානි සැලකූ විට පූර්ණ නිවාස හානි 250ක් හා අර්ධ හානි 1085ක් වාර්තා වන බවත් කී ඇමැතිවරයා සියලු මරණයට පත් පුද්ගලයන් වෙනුවෙන් ද, හානියට පත් නිවාස සඳහා ද වන්දි ලබාදීමට රජය පියවර ගන්නා බවත් කීවේය.
ආපදා කළමනාකරණ වැඩ බලන අමාත්‍ය දුනේෂ් ගන්කන්ද, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය, යුද, ගුවන් හා නාවික හමුදා මාධ්‍ය නිලධාරීන් ද, කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ එස්.ආර්.ජයසේකර, වාරිමාර්ග අධ්‍යක්ෂ එම්.තුරේසිංහම් යන මහත්වරුද එම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජිත ඇමතිතුමනි..., නිවාස අලුතෙන් සෑදීම සඳහා නිවාස ඇමතිතුමාට බලය සහ නිවාස ගොඩනැගීමේ අරමුදලක් පිහිටුවන්න. ජනතාව අඩු කිරීමට බලා සිටිනවා.
මෙවන් පාලකයෝ ඉන්න තාක්කල් මෙවන් විපත් සිදුවෙනවා.අධර්මිෂ්ඨ කම,වෛරය මුනෙන්ම පෙනෙනවා. ජනතාවට හෙන ගැහුවත් මොවුන්ට සුර සැප.ලෙඩකට පිට රට. ලංකාවේ රෝහල් ගැන සෑහීමකට පත්වෙන්න බරිනිසානේ රට යන්නේ.අහිංසක ජනතාවට කොකා පෙන්නන මොවුන්ට සොබා දහම දඩුවම් කරන දවස වැඩි අතක නොවේ.
සති දෙකක් යන තුරු වන්දි දෙයි. මතකනේ ශාලාව, මීරියබැද්ද, මී තොටමුල්ල, අරනායක............. මීට වැඩිය හොදයි ශබ්ධ නැතිව ඉන්නවනම්
පුදුම සල්ලි කාරයින් ඉන්න රටක්නේ .....