(ඉන්දිකා රාමනායක සහ ඩයනා උදයංගනී)
ගංවතුර සහ නායයාම් ඇතුලූ ආපදාවන් සහිත ප‍්‍රදේශ නැරඹීම සදහා පැමිණි පිටස්තර පුද්ගලයින් හය දෙනකු ගතවු දින කිහිපය තුළ මියගොස් තවත් 16 දෙනකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි‍්‍රයන්ත ජයකොඩි මහතා පවසයි.
මෙම පිරිස ඇඳවැටීමෙන් , ගංවතුරේ ගසාගෙන යාමෙන් සහ දියේ ගිලීමෙන්, ආදි විවිධ අනතුරුවලින් මියගොස් ඇති බවට වාර්තා වී ඇති බවද ඒ මහතා ප්‍රකාශ කරයි.
කළුතර, රත්නපුර,සහ මාතර යන ප‍්‍රදේශ වලින් මෙම අනතුරු වාර්තා වී ඇති බවද පැවසේ.
අපදාවලට ලක්වු ප‍්‍රදේශ නැරඹිමට එම ප‍්‍රදේශ වෙත පැමිණීමෙන් වලකින ලෙසට පොලිසිය මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කර තිබියදී එම අවවාද පිළිනොගැනීම නිසා මෙම පිරිස අනතුරුවලට ලක්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි බලන්න ආපු එක... ඒත් ඉතින් අපරික්ෂාකාරීව මරු තුරුලටම ගියානේ... දුකයි.
පුදුම ජාතියක්. ආපදාවක් වුනාම සිරි බලන්න යනවා. අනතුරක් උනාම චායාරුප ගන්නවා. මේක සහන සේවකයන්ගේ රාජකාරියට බාධාවක්.
මේක මට විශ්වාස කරන්නත් අමාරුයි...
මට මතක් වෙන්නේ 80/90 ගණන් වල බෝම්බ පුපුරනකොටත් අපේ අය ඒවා බලන්න වැල නොකැඩී ආපු හැටි! මෙවැනි ආපදා අවස්ථාවලදී මෙවැනි අනුවණකම් නොකිරීමට සිහි තබා ගත යුතුයි.
ලෝකේ තිබිය හැකි ජරාම පුරුදු ඇති සත්වයා ශ්‍රී ලාංකිකයාද?
මිනිස්සුනේ.. ලංකාවෙනේ.. කියන එක අහන්නෑ නේ..