ආපදාවට පත්නොවූ ප‍්‍රදේශවල අමාත්‍යවරු ආපදාවට පත්වූ ආසනවල සම්බන්ධීකරණ කටයුතු සඳහා සංවිධායකවරු වශයෙන් පත් කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පියවර ගෙන ඇති අතර ඔවුහු අද (1) ජනාධිපති කාර්යාලයේ දී සිය පත්වීම් ලිපි ලබා ගත්හ.
ආපදාවට පත්වූ ආසනවල ජනතාවට සහන සැලසීමට සහ ඔවුන්ගේ ජන ජීවිතය යථාතත්වයට පත්කිරීම පිළිබඳ ගෙනයන වැඩපිළිවෙළේ සියලූ සම්බන්ධීකරණ කටයුතු සොයා බැලීම මෙම නව සංවිධායකවරුන්ට පැවරේ.
කළුතර දිස්ති‍්‍රක්කය - බුලත්සිංහල ආසනය - නිමල් සිරිපාල ද සිල්වා මහතා
අගලවත්ත ආසනය - එස්.බී. දිසානායක මහතා
බණ්ඩාරගම ආසනය - පාඨලී චම්පික රණවක මහතා
මතුගම ආසනය - ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
හොරණ ආසනය - සරත් අමුණුගම මහතා
කළුතර ආසනය - රවුෆ් හකීම් මහතා
අර්ජුන රණතුංග මහතා
මාතර දිස්ති‍්‍රක්කය - අකුරැස්ස ආසනය - අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා
දෙනියාය ආසනය - අකිල විරාජ් කාරියවසම් මහතා
මාතර ආසනය - රවී කරුණානායක මහතා
වැලිගම ආසනය - රංජිත් සියඹලාපිටිය මහතා
හක්මන ආසනය - විජිත් විජයමුණි සොයිසා මහතා
ගාල්ල දිස්ති‍්‍රක්කය - හිනිදුම ආසනය - දුමින්ද දිසානායක මහතා
බද්දේගම ආසනය - පී. හැරිසන් මහතා
බෙන්තර-ඇල්පිටිය - විජයදාස රාජපක්ෂ මහතා
රත්නපුර දිස්ති‍්‍රක්කය - කලවාන ආසනය - සුසිල් පේ‍්‍රමජයන්ත මහතා
රත්නපුර ආසනය - රිෂාඞ් බද්යුදීන් මහතා
ඇහැලියගොඩ - එස්.බී. නාවින්න මහතා
පැල්මඩුල්ල ආසනය - ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා
නිවිතිගල ආසනය - නවීන් දිසානායක මහතා
හම්බන්තොට දිස්ති‍්‍රක්කය - ෆයිසර් මුස්තාෆා මහතා
හරීන් ප‍්‍රනාන්දු මහතා
කෑගල්ල දිස්ති‍්‍රක්කය - දයා ගමගේ මහතා
ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තනතුරු දෙන්න ඕනේ සිවිල් සේවයේ සිටින උගත් නිලධාරීන්ට නේද?
මේ භාරදුර කාර්යය සඳහා එතුමන්ලාට අලුත් වාහනයක් ද ඇතුළුව නිසි ගෙවීමක් කරන්නැයි මා යෝජනා කරනවා.
ඔය කට්ටිය නැතුව වෙන කිසිකෙනෙක් නැතුව ඇති. නම් ටික අහලම එපා වෙලා. අනික ආසනයකට මන්ත්‍රී කෙනෙක් ඉන්නවා නේද? ප්‍රාදේශීය ලේකම් , තව මොනවටද? පරිපාලන සේවයෙන් නිලධාරී පත්කලානම් හරි.
නරින්ට කුකුල් කොටුව භාර දුන්නා වගේ
ජනතාවට සේවයක් සලසපු අය පත්කරන්න. අනික් අයගෙන් රටට වැඩක් නැහැ.
අනිවාර්යයෙන් ධම්ම මහත්තයෝ... වාහන, අලුතෙන් කාර්ය මණ්ඩල, අලුතෙන් කාර්යාල, ඒවාට පහසුකම්, ඔය ඔක්කොම එන නිසානේ ලිවුම් ගහලම දීල තියෙන්නේ. මේ එන්නේ මිනිස්සු එකතු කරලා දෙන ආධාර වලටත් තමන්ගේ නම් ගහගෙන, ඒවායින් ලකුණු දාගන්න මෙහෙයුම් කරන්න.
කළොත් කරන්නේ ඔය වගේ වැඩකට නැති දෙයක් තමා. රාජ්‍ය නිලධාරීන් කොච්චර ඉන්නවද මේවට...?, අනික ඔය ඇමතිවරු මොනවද අාපදා වුණ පළාත් ගැන දන්නේ....මේ ඩැඩෙන් වෙන්නේ කරගෙන ගියපු වැඩ ටිකත් අවුල් වෙන එක...