(රංජන් කස්තුරි)
ආපදාවට ලක්ව ඇති ප්‍රදේශවල පිහිටි සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නැවත දැනුම්දෙනතුරු පැය 24 පුරාම විවෘතව තැබෙන බව ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් නීල් ද අල්විස් මහතා පැවසීය.
එලෙසම එම ප්‍රදේශවල දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන්ගේ සේවය නැවත දැනුම් දෙනතුරු අත්‍යවශ්‍ය සේවා බවට පත්කර තිබෙන බවත් ඔවුන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවත් ලේකම්වරයා කීවේය.
එම ප්‍රදේශවල රාජකාරී ඉටුකිරීමට නිලධාරීන් ගෙන්වා ගැනීමට හෝ මෑතදී විශ්‍රාම ගත් නිලධාරීන් යොදවා ගැනීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලය පවරා ඇතැයි ද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒගොල්ලෝ පැය විසිහතරම සේවය කලාට රටේ ප්‍රධානින් ලෝකේ වටේ යනවා පුද්ගලික සංචාර වලට? යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?