( තිළිණි ද සිල්වා සහ රංජන් කස්තුරි )
හදිසි ආපදා තත්ත්වය අසා තමන් බලවත් ශෝකයට පත්වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඕස්ට්‍රේලියාවේ සිට ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියයි.
විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙස ද ජනාධිපතිවරයා අදාළ නිලධාරීන් වෙත උපදෙස් ද ලබාදුන් බව එහි වැඩිදුරටත් දැක්වෙයි.
මේ අතරම ජනපතිවරයා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සහ ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් යන මහත්වරුන් දුරකතනයෙන් සම්බන්ධ වෙමින් ජනතාවට කඩිනමින් සහන සලසන ලෙස දන්වා තිබේ.
අවශ්‍ය සියලු මූල්‍ය ප්‍රතිපාදන මුදල් අමාත්‍යංශය මලින් ලබා ගැනීමටද උපදෙස් දී තිබේ.මුදා ගැනීමේ මෙහෙයුම්වලට ත්‍රිවිධ හමුදාවේ සහය ලබාගන්නා ලෙසද ජනපතිවරයා පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුණුකන්ද වැටුණහම ඒක බලන්න යන්නේ නැතුව යාපනේ ගියා අවුරුදු සමරන්න. දැන් ඉක්මනට ලංකාවට එන්නේ නැතුව දුක්වෙනවා ඕස්ට්‍රේලියාවේ ඉඳලා. අනේ මේ වගේ නායකයෙක් වෙන කොහෙන් හොයන්නද ?
පාලකයන් අධාර්මික වෙනකොට,... මෙහෙම නොවුණොත් තමයි පුදුම...
මේවා නම් මට අහලාම හොඳටම එපාවෙලයි තියෙන්නේ...
වෙන රටවල නායකයෝ නම් මේ වගේ විපත්තියක් වුණහම බලන්න හරි එනවා..
ලංකාවේ හිටියත්, නැතත් වෙනසක් නැහැ...
අඬලා, දුක් වෙලා වැඩක් නැහැ...
මේ ගැන විස්තරේ පත්තරේකින් දකින්න ඇති.
කුණුකන්ද කඩා වැටිලා විපතට පත්වුණු අය බලන්න ලංකාවේ ඉඳලත් නොගියා නම් මේ සිද්ධිය දැනගෙන ඒවි කියල හිතනවද?
කොහොමත් කියන දේවල් වලට දක්ෂයි වගේ... ඒ ඒ ස්ථානවල පන්සල්, පල්ලි නැත්නම් මේ අනාථ වුණ මිනිස්සු සදහටම අනාථයි. ඔබල දැකල තියනවද වෙන රටවල පුරවැසියෝ මේ විදියට ප්‍රශ්නයකට මූණ දුන්නහම මිනිස්සු පොදි බැඳගන ගිහින් උදව් කරනවා? අනිවාර්යෙන්ම ඒ රටේ ආණ්ඩුව මිනිස්සු පිළිබඳ සියළුම වගකීම් කරට අරගෙන සියළුම සහසුකම් සලසනවා. එ්ක ට අපේ රට, අර කන්ද නාය යයි.. මේ ගඟ පිටාර දායි කියලා දුවලා බේරෙන්න කිය කියා ඉන්නවා...
ගිය වැඩටික කරගෙන නිවීසැනසිල්ලේ එන්න ජනපතිතුමනි. ඔබට රත්නත්තරේ පිහිටයි!
නායගිය තැන්වල, ගංවතුර ගැලූ තැන්වල ඔබතුමාත් හිටපු ඡායාරූපත් අලවන්නද, ඡන්දය දීපු අයගේ තනියටත් එක්කම....
ආපදාවක් වුණාම එතනට යන ජනහිතකාමී නායකයෝ අපේ රටේ හිටියි. නමුත් අපේ අයම තමයි ඒ නායකයෝ ඉවත් කලේ. දැන් ඉතින් තමන්ගේ ආරක්ෂාව තමන්ම සපයා ගන්න කියන නායකයෝ තමයි ඉන්නේ....
අනේ ජනපතිතුමනි, ඇත්තටම දුකද? අපිත් පව්...
හිටියත් ඉතින් මොනවා කරන්න කියලද? හැමදාමත් නෑනේ ඔන්න ඔහේ ගිහින් එන්න. මේ කට්ටිය මොනවා හරි කරයි.
මේ දවස්වල නම් ඕස්ට්‍රේලියා ඇවිත්... මෙහේ අපි ඉන්න පැත්තට ලයිට් පැය දෙකක් විතර නැතිව තිබුණා අවුරුදු ගණනාවකට පස්සෙත්...
මැයි රැලි වලට කට්ටිය අදින බත් පාර්සල් න්‍යාය අනුගමනය කරලා හරි මේ අහිංසකයන්ගේ කුසට ඉක්මනින් මොනවා හරි දෙන්න.
ඔබතුමා වැන්නෙක් ජනාධිපති වීම අපටද දුකකි..
එහෙනම් දැන් අපි මොකක්ද කරන්න ඕනේ ...
රටක පාලකයින් අධර්මිෂ්ට වෙනකොට ස්වාභාවික විපත් එනවා. එක වළක්වන්න බැහැ. එක්කෙනෙක් ගියපාර ගංවතුර වෙලාවේ කෙසෙල් ගෙඩිය බැගින් බෙදමින් පොටෝ වලට හිටිය මට මතකයි.
ඔබතුමාගෙයි, ඇමතිවරුන්ගෙයි සමහර පිරිස් කැළෑ කපනකොට ගංගාවල් හාරමින් විනාශ කරනකොට ඇල වේලි, කුඹුරු ගොඩ කර කර ගොඩනැගිලි හදනකොට... මේවා මෙහෙම වෙයි කියලා නිකමටවත් හිතුනේ නැද්ද? නමුත් ජීවිත වලින් වන්දි ගෙවන්නේ, දුක් විඳින්නේ එදා වේල කන්න නැති, හරියට ඉන්න හිටින්න තැනක් නැති දුප්පත් අහිංසක අපි. අනාගතේදීවත් නිවැරදි නායකයෙක් ලැබෙයිද කියන එක හීනයක්...
මෙහෙම ගියොත් ඉතින් නැති කඳුත් කඩන් වැටෙයි ....
මේ රටේ මිනිස්සු අන්ත අසරණ තත්වයකට පත් වුණහම හොයලා බලන්න අද මේ රටේ නායකයෙක් නෑ. අඩුම ගානේ පළාත්පාලන ආයතනයක් නෑ. පළාත් සභාවල කට්ටිය බලයට පොරකනවා. අසරණ මිනිස්සුන්ට දෙවියන්ගේම පිහිට තමා.... අනේ කලින් ආණ්ඩුව කාලේ මිනිස්සුන්ට මෙහෙම කරදරයක් වුනාම එතුමා කොතරම් ඉක්මනට මිනිසුන් අතරට ඇවිත් අවශ්‍ය කටයුතු සලසා දුන්නද?
දේවෝ වස්සතු කාලේන – සස්ස සම්පත්ති හේතු ච පිතෝ භවතු ලෝකෝච – රාජා භවතු ධම්මි කෝ..... කියලා ගාථාවකින් කිව්වට දැන් වතුරට ගහගෙන ගිහිල්ලද නැත්නම් රට ගිහිල්ලද?
දැන් දුක්වෙන්නේ නැතිව දුකට පත් වුන මිනිසුන්ට පිහිටවීමයි අවශ්‍යතාවය....
ඇත්තටම නියම නායකයෙක් නම් විපතේදී රට සවාරි යන්නේ නැහැ නේද?
කිලිනොච්චි කඩ 50 ගිනි ගත්ත වෙලාවේ මාසයක් ඇතුලත ඒ කඩ හදල දීලා ලක්ෂ 50 ගානේ වන්දිත් ගෙව්වා..ශාලාවේ මිනිස්සු තාම හූල්ලනවා... සාමසර කන්දේ මිනිස්සු තාම කඳවුරුවල.. එකම රටේ මිනිස්සුන්ට දෙවිදිහකට සලකන්නේ ඇයි? ..
අදහස් පල කිරීමෙන් පලක් නැති බව මට වැටහේ.... ඇත්තටම කුමකටද අනුන්ගේ අදහස්....?
අනේ ජනාධිපතිතුමනි, උතුරේ ගහක් කඩා වැටුණා කියල ආරංචි වුණානම් ඔබතුමාට ඕස්ට්‍රේලියාවේ ඉඳලා බෝට්ටුවේ එන්න බැරිද?
ඔයාලා හිතනවද රටේ මෙවැනි විනාසයකදී රටේ ජනතාවත් සමග සිටියි කියලා....පෙර ක්‍රියාවෙන්ම එය හොඳින් පැහැදිලි වේ...
පිටරටවලත් නිතරම දුක් විඳින්නේ ඡන්දය දුන්න ජනතාවම තමයි. එහෙම කරලත් අපි ගැන නම් හිතන්නේ නැහැ මේ ගොල්ලෝ ...
අපේ රටට කලින් හිටපු සහ දැන් සිටින නායකයා අතර වෙනස දැන් හොඳටම තේරෙනවා. මේ සිද්ධි කිහිපය හොඳටම ඇති. පව්... අසරණ මිනිස්සු...
ඔය දුක්වීම් ගැන හිතන්න බැහැ ... නැත්නම් ගංවතුරෙන් මිනිස්සු අසරණ වෙලා ඉන්න අතරේ කාර් පර්මිට් පාර්ලිමේන්තුවට ඒවිද?
අපිටත් ගොඩක් දුකයි ජනපතිතුමෝ... ඔබතුමාට ඡන්දෙ දීපු එක ගැන...
යහපාලනය දැන් සනීපෙට දැනෙනවා. පව්!!! අපේ රටේ අසරණ ජනතාව...
රටේ ජනතාවට මොන දේ සිදුවුවත් නායකයෝ මාරුවෙන් මාරුවට විදේශ රටවල සංචාරය කරමින් හොඳින් වැජඹෙමින් ප්‍රසාදය දිනාගනිමින් සිටියා නම් හොඳයි කියලා විතරයි හිතන්නේ... ෆේස්බුක් හරි ට්විටර් පණිවිඩයක් නිකුත් කළාම හොඳටම ප්‍රමාණවත්නේ ජනතාවට සියළු ප්‍රශ්න අමතක කර සෑහීමට පත්වීමට... එහෙම නේද?