‘ගිය ආණ්ඩුවට වගේම මේ ආණ්ඩුවටත් ආපදා කළමනාකාරණය ගැන නිවැරදි තක්සේරුවක් නැහැ 2016 සදහා ආපදා කළමනාකරණය වෙන්කළ මුදල 2015ට වඩා අඩුකරලා‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජ්ත හේරත් මහතා අද (24) පැලවත්ත කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.
‘මේ ආණ්ඩුව ආපදා කළමනාකාරණාය සදහා 2015 වර්ෂයේ ප්‍රාග්ධන වියදම රුපියල් මිලියන 2522 ක් වෙන්කර තිබුණු අතර 2016ට වෙන්කර තිබෙන්නේ 2135යි පුනරාවර්තන වියදම් සදහා 2015ට රුපියල් මිලියන 1543යි. 2016 සඳහා රුපියල් මිලියන 799 යි. අනාගතයේදී මෙවැනි තත්වයක් ඇති නොවීමට ආණ්ඩුව වගබලා ගන්න ඕනෑ කැළණි ගග ඇතුළුව සියලුම ගංගාවල ජල මට්ටම පාලනය කරන්න වාරිමාර්ග දෙපාර්තමේන්තුවට විකල්පයක් තිබිය යුතුයි.‘ යැයිද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලට ඒක මතක් වෙන්නෙ දැන්ද? බොරුවට හැමදේම විවේචනය කරන්න විතරයි දන්නේ. විකල්පයක් තියෙන්න ඕනෑ නම් මොකක්ද විකල්පය කියලත් කියන්න එපායැ. (නි)
මේකට අතන මෙතන කෑගහලා වැඩක් නැහැ. මේ වෙලාවේ කරන්න ඕනෑ ජනපති හා අගමැති සමඟ එක්වී අවශ දේවල් කතාකර අවැසි විදිහට පිළියම් යොදන එකයි (නි)
ඇත්ත නේන්නම්. 2015 අයවැය ගේනකොට ආණ්ඩුව දැන ගෙන ඉන්න එපාය මෙහෙම ගං වතුරක් එන බව. (බ)
2005 අවුරුද්දේ සිට හැම අයවැයකින්ම ආපදා කළමනාකරණයට යම් මුදලක් වෙන්කරනවා .. දැන් එක වෙනම ගිණුමක තිබුන නම් ලොකු මුදලක් ඉතුරුවෙලා තියෙන්න ඕන නේ මේ වෙලාවේ එලියට දාන්න . හැබෑවටම ඒ වෙන්කරපු මුදල් වලට මොකද වෙලා තියෙන්නේ .. ආපදාවක් නැතුවම හැම අවුරුද්දෙම ඒවා වියදම් වෙලාද ? (බ)
තක්සේරු කරලා හරියට ඡන්දෙ ගන්න (බ)
වැරදුනු දේශපාලන තීන්දුව! (නි)
මෙගොල්ලෝම ගෙනාපු ආණ්ඩුවනේ . අපි මොනවා කරන්නද? ජනතාව මේවිදිහට විපතට පත් වුවන්ට සලකන තාක් කල් අිපදා කළමනාකරණයට මුදල් වෙන් කරන්න ඕනේ නැහැ. (බ)
අනේ මහත්වරුනේ, ඔය කට්ටියත් හැමදාම මේ වගේ දේවල් කතා කරන්නේ පෙරහැර ගියාමයි. (නි)