(හර්ෂණ තුෂාර සිල්වා)
දිවයිනට බලපෑ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් ආධාර කිරීම සඳහා බැංකු ගිණුම් කිහිපයක් විවෘත කිරීමට රජය තීරණය කර තිබේ.
දෙස් විදෙස් දානපතියන්ගෙන් කෙරෙන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩුව මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව ආපදාවට ලක්වූ ජනතාවට සහාන සැලැසීම සඳහා ආධාර මුදල් තැන්පත් කිරීමට මෙම විශේෂ ගිණුම් භාවිත කෙරෙනු ඇත.
ඒ අනුව විදෙස් මුදල් ඒකකවලින් මුදල් පරිත්‍යාග සිදු කරන පුද්ගලයන්ට සම්පත් බැංකුව යටතේ ක්‍රියාත්මක ( BSAMLKLX) යන ජාත්‍යන්තර බැංකු කේතය සහිත පහත ගිණුම් අංක සහිත ගිණුම්වලට ප්‍රේෂණය කරන්නැයි රජය ඉල්ලා සිටියි.
අදාළ මුදල් ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ දේපළ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සඳහා යොදාගන්නා බව ද රජය ප්‍රකාශ කරයි.
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් - 5029 6000 2000
එක්සත් රාජධානිය පවුම් - 5029 6100 2000
ජපාන යෙන් - 5029 6400 2000
ඕස්ට්‍රේලියා ඩොලර් - 5029 6600 2000
යුරෝ - 5029 6900 2000

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආධාර එකතු කරලා වාහන ගන්න පරිපූරක අස්තුමේන්තු වලට එහෙම ගන්නවා නෙවෙයි ඔන්න...
පිළිකා රෝහලට ස්කෑන් යන්ත්‍රයක් ගන්න මිනිස්සු එකතු කරලා දීපු මුදල් දැන් අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ ගිණුමේම තියෙන්න ඇරලා ලෙඩ්ඩුන්ට මැරෙන්න ඇරලා බලන් ඉන්න ආණ්ඩුවක් මේ මුදල් වලින් නිසි ආධාර ලබාදේවිද අවතැන් වුණ මිනිස්සුන්ට?
ආණ්ඩුවට සතයක් දෙන්න ඕනේ නැහැ කෙලින්ම පුළුවන් අය එකතුවෙලා විපතටපත් අයට උදව් කරමු.
ආණ්ඩුවේ ගිණුමට දැම්මොත් වෙන දේ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ. මම නම් දුන්නේ ජනතා විමුක්ති පෙරමුණේ රතු තරුවට....
මිතුරනි, මේ අය මේ මුදල් කවදාවත් අසරයන්ට නම් දෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් තනියම උදව් කරන්න.
කෙසේ වෙතත් සුනාමියේ වගේ කාගේ කාගේ සාක්කු තරවෙයිද මන්දා?
මේ එක බැංකු ගිණුමකටවත් කිසිම මුදලක් දාන්න එපා. ඒ ටිකත් ගසා ගිනීවි. මුදල් දෙන්න කැමති අය තමන් දන්නා කියන එක්කෙනෙකුට යවන්න. ඒ අය උදවු කරාවී. මෙදා පාර අසරණ අයට උදව් කලේ සාමාන්‍ය මිනිස්සුනේ, රජයෙන් නෙමනේ. දාන මුදල් ඒ අය වියදම් කරලා නම දා ගනිවී. දාන්න නම් එපා සත පහක්ක්වත් ඔය එක බැංකු ගිණුමකටවත්...
මේවට අහුවෙන මෝඩයොත් ලංකාවේ ඉන්නවා තවත්.
මෛත්‍රි මහත්තයා කිව්වේ ඇති වෙන්න සල්ලි තියෙනවා කියලයි. ඒත් මේ අය බලයට ආ දවසේ එලා රටටම හෙනයක් වෙලා.... පව් අහිංසක මිනිස්සු.... දන්නා කෙනෙක් මේවට නම් සල්ලි දන්න එපා.
රජයේ ගිණුම් මොකටද පුද්ගලික බැංකුවක අරින්නේ? රජයේ හැම වියදමකින්ම හොරකම් කරන අය ඕකෙන් හොරකම් කරන්නේ නැහැ කියල කොහොම හිතන්නද?
ලැජ්ජා නැත්ද දන්නේ නැහැ ආණ්ඩුවෙන් මිනිසුන්ගෙන් අධාර ඉල්ලනේ, කෝටි ගණන් වටිනා වාහන ගන්න සල්ලි තියෙද්දී
ඇයි මේ ප්‍රතිචාර දක්වන අය විපතට පත්වූවන් බලන්න යන මැති ඇමැතින්ගේ ගමනාගමනය ගැන නොහිතන්නේ. ඔවුන්ට අලුත් වාහන ලැබී තිබුනා නම් මේ වෙනකොට විපතට පත්වූවන්ට සහන සලසා හමාරයි.
එතරම්ම මේ ආණ්ඩුව දුෂිතද ? ඉතිහාසය අමතක නිසා මේ අහන්නේ .
සුසන්ත මහත්මය කියපුදේ හරියටම හරි. ඒ මුදල් යටිමඩි ගහන්න අවශ්‍ය සෑලසුම් හමාරකරලා ඈති.
පිළිකා රෝහලට සල්ලි එකතු කරල දීලත් ස්කෑනර් එකක් ඔඩර් කරල ගන්න බැරි තරම් නොහැකියවක් තියෙන ආණ්ඩුවක් ගංවතුර ගැන කවර කතාද