(හර්ෂණ තුෂාර සිල්වා)
දිවයිනට බලපෑ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් ආධාර කිරීම සඳහා බැංකු ගිණුම් කිහිපයක් විවෘත කිරීමට රජය තීරණය කර තිබේ.
දෙස් විදෙස් දානපතියන්ගෙන් කෙරෙන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩුව මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව ආපදාවට ලක්වූ ජනතාවට සහාන සැලැසීම සඳහා ආධාර මුදල් තැන්පත් කිරීමට මෙම විශේෂ ගිණුම් භාවිත කෙරෙනු ඇත.
ඒ අනුව විදෙස් මුදල් ඒකකවලින් මුදල් පරිත්‍යාග සිදු කරන පුද්ගලයන්ට සම්පත් බැංකුව යටතේ ක්‍රියාත්මක ( BSAMLKLX) යන ජාත්‍යන්තර බැංකු කේතය සහිත පහත ගිණුම් අංක සහිත ගිණුම්වලට ප්‍රේෂණය කරන්නැයි රජය ඉල්ලා සිටියි.
අදාළ මුදල් ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ දේපළ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සඳහා යොදාගන්නා බව ද රජය ප්‍රකාශ කරයි.
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් - 5029 6000 2000
එක්සත් රාජධානිය පවුම් - 5029 6100 2000
ජපාන යෙන් - 5029 6400 2000
ඕස්ට්‍රේලියා ඩොලර් - 5029 6600 2000
යුරෝ - 5029 6900 2000

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.