(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු )
ආනයනික සුදු සීනි ,පරිප්පු, තිරිඟු පිටි තොග මිල අඩු කර ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෝ පවසති .
ඒ අනුව සුදුසීනි කිලෝවක තොග මිල රුපියල් 300 සිට 265 දක්වා ද , තිරිඟු පිටි කිලෝවක් රුපියල් 190සිට175 දක්වා සහ පරිප්පු කිලෝවක් රුපියල් 350 සිට 285 දක්වාද අඩුකර ඇතැයි ඔවුහු පවසති .
මේ වන විට අවශ්‍ය තරම් සුදු සීනි, තිරිඟු පිටි සහ පරිප්පු තොග තමන් සතුව පවතින බවත් එළඹෙන උත්සව සමයේදී පාරිභෝගික ජනතාවට කිසිදු බාධකයකින් තොරව එම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට හැකි බවත් ආනයනකරුවෝ කියා සිටි .
මේ අතර සුදු සීනි , පරිප්පු සහ තිරිඟු පිටි තොග මිල අඩුවී තිබුණද ඇතැම් සුපිරි වෙළඳසැල්වල සහ සිල්ලර වෙළඳසැල්වල එම භාණ්ඩවල මිල අඩුවී නැතයිද වාර්තාවේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු සෝබන නැතිව යථාර්ථය දකිමු. පොදු ජනයා අතේ ගැවසෙන මුදල් ප්‍රමාණය අවමයි. මුදල් නොමැතිව භාණ්ඩ මිලදීගත නොහැකිය. අධික ලාභ තබාගෙන විකිණූ භාණ්ඩ මිල අඩුකර හෝ මුදල් කරගත යුතුය. තිත්ත ඇත්ත ඕකයි.