ගංවතුර සහ නායයාම් මගින් සිදුවු ආපදාවයන් යථාතත්ත්වයට පත්කිරීම වෙනුවෙන් ඉතාමත් ඉක්මණින් අධාර ලබාදෙන්නන්ගේ ජාත්‍යන්තර සමුළුක් (Donor conference) කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ.
ආපදා තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක ලක්ෂ 06කට වැඩි පිරිසක් බලපෑමට ලක්වූහ. ගම්මාන රැසක් විනාශ විය. ආපදාවට පත්වූවන් වෙනුවෙන් පසුගිය දින කිහිපයේ විවිධ ද්‍රව්‍යමය ආධාර ලැබිණි.
ඉදිරියේ දී එවැනි ද්‍රව්‍යමය ආධාර වෙනුවට ප්‍රදේශ සහ ස්ථාන වෙන් වශයෙන් සංවර්ධනය කිරීමට ආධාර ලබා ගැනීමේ අරමුණින් මෙම සමුළුව කැඳවා තිබේ.
අපදා ප්‍රදේශ යළි සංවර්ධනය කිරීමට සැලසුම් සහගත සංවර්ධන සැලසුමක් එම සමුළුවේදී රජයෙන් ඉදිරිපත් කිරීමට නියමිතය. එම සැලසුමේ සඳහන් පරිදි සංවර්ධන කටයුතු වෙනුවෙන් ජාත්‍යන්තර පරිත්‍යාග ලබා ගැනීමට රජය අපේක්ෂා කරයි.
044

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd