IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ආධාර ගලයි පෝලිම් දිගුවෙයි

කොළඹ නගරයේ බොහෝ ස්ථාන ජලයෙන් යටවීම හේතුවෙන් අවතැන්වූ පිරිස් සොයා ආධාර ලබාදීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

මේ හේතුවෙන් වැල්ලම්පිටිය, කොටිකාවත්ත, පෑලියගොඩ, බේස්ලයින් පාර, අංගොඩ ආදී පෙදෙස්වල මාර්ග රැසකම ගමනාගමනය අවහිර වී ඇතැයි පොලිසිය පවසයි.

නාවික හමුදාව හා සිවිල් සංවිධාන බෝට්ටු යොදා ආධාර ජලයෙන් යටවූ ප්‍රදේශවල නිවාසවල කොටුවී සිටින ජනතාව වෙත ප්‍රවාහනය කිරීමට කටයුතු යොදා ඇත. බෙහෙත් ද්‍රව්‍ය, සනීපාරක්ෂක තුවා, ඉටිපහන්, ගිනිපෙට්ටි, පානීය ජලබෝතල්, ඇඳුම් පැළඳුම් හා ඖෂධ වර්ග ඔවුනට අවැසිව ඇතැයි එම පෙදෙස්වල වැසියෝ කියති.

මේ වන විට ක්‍රමයෙන් ජල මට්ටම අඩුවී යන බවද එම පෙදෙස්වල ජනතාව පවසති. ලැබෙන ආධාර ඇතැම් ස්ථානවලට ලැබුණද අතුරු මාර්ග හා ජලයෙන් යටවී ඇති ඇතැම් පෙදෙස්වලට නොලැබෙන බවද ගම්වැසියෝ කියති. සංචාරය සඳහා එම ස්ථාන නැරඹීමට හා විනෝදය පිණිස පැමිණීමෙන් වළකින්නැයි පොලිසිය හා ආරක්ෂක හමුදා ජනතාවගෙන් ඉල්ලා සිටිති. එසේ පැමිණීමෙන් ආධාර උපකාර කටයුතු කරන්නන්ටද බෝට්ටු මගින් ප්‍රවාහන කටයුතු සිදුකිරීමටද බාධා පැමිණෙන බව ඔවුහු කියති.

එසේ පැමිණෙන පිරිස් හේතුවෙන්ද මාර්ග තදබදයක් ඇතිවී ඇති බවද පොලිසිය පවසයි.

kolonnaa_2016521IMG_1745 kolonnaa_2016521IMG2_1745 kolonnaa_2016521IMG2_17453 kolonnaa_2016521IMG2_17454 kolonnaa_2016521IMG2_17455 kolonnaa_2016521IMG2_17456 kolonnaa_2016521IMG2_17457 kolonnaa_2016521IMG2_17458 kolonnaa_2016521IMG2_17459 kolonnaa_2016521IMG2_1745611



අදහස් (0)

ආධාර ගලයි පෝලිම් දිගුවෙයි

නිශාන්ත Saturday, 21 May 2016 06:53 AM

මේ අසරණ මිනිසුන්ට ඉක්මන් සහනයක් ලැබේවා! (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Sunday, 22 May 2016 05:53 AM

ගංවතුර මුළුමනින්ම පහව ගියාට පසු මේ අවතැන්වූ අපේ ජනතාවගේ , ගෘහ උපකරණ ,නිවාස, ලින් ආදිය ,පිරිසිදු කිරීමට ස්වෙච්චා සංවිදාන දායක වනේ නම් ,ඔවුනට මහා උපකාරයක් වන්නේය. අපි උදව් කරමු ඔවුන්ගේ ජීවිත යතාතත්වයට පත් කරන්න. (ර)

:       0       0

සිරී Sunday, 22 May 2016 06:09 AM

විපතට පත් අයට සහන දෙන්න පක්ෂ පාට නොතකා... (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 769 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 375 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site