(තිළිණි ද සිල්වා)
ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා වියලි ආහාර රැගත් පළමු ඉන්දිය නෞකාව කොළඹ වරායට ළඟාවී තිබේ.
අද(27) උදෑසන මෙම නෞකාව කොළඹ වරායට පැමිණි අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං මහතා විසින් විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා වෙත එම ආධාර නිල වශයෙන් ලංකා රජයට බාර දෙන ලදී.
මේ අතර ආපදා සහන සේවා සඳහා සහාය වීමට ආපදා සහන සේවා නිලධාරීන් පිරිසක්ද පැමිණ ඇතැයි විදේශ අමාත්‍යාංශය කියයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ආපදා සහන මෙහෙයුම් සඳහා සහය වෙන්නැයි අදාළ සියලු ආයතනයන්ට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා උපදෙස් දී වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකත් ගහගෙන කන්න වගෙයි හදන්නේ....
අපේ ඇමතිලාට කාර් ගන්න ඉල්ලන කොටි ගාණෙන් අරික්කාලක් විතරවත් ගංවතුර ආධාරෙට දෙනවානම් වෙන මුකුත් ඕන නැහැ...
ඔය නැව හරිනම් ගෙන්වා ගත යුත්තේ ගාලු හෝ හම්බන්තොට වරාය දෙකට... ඉස්සෙල්ල කොටසක් ගාල්ලට බාල ඉතුරු ටික හම්බන්තොටට බාන්න ඕනේ. ඔය භාණ්ඩ කොළඹ බාලා දකුණට ප්‍රවාහනය කරනකොට ගංවතුර බැස ගොස් සතියක් විතර ගතවෙලා තිබේවි..., ගංවතුර නිසා තංගල්ලෙන් පසුව මාතර - කතරගම මහාමාර්ගයේ කොටස් ජලයෙන් යටවී ඇති නිසාවෙන් භාණ්ඩ ඉක්මනින් ප්‍රවාහනය කල නොහැක.
ඉස්සෙල්ලාම නිවැරදි කෙනාව තෝරලා දෙන්න. එ්කත් නැති නාස්ති කරලා පවුල් පිටින්ම යවන්නේ නැතුව..
ඉන්දියාවට, ගරු මෝදි අගමැතිතුමාට අපේ ප්‍රණාමය...!!!