කුරුවිට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පරගලතැන්න දෙල්වල මුකලාන කන්දේ නායයාමේ ලක්‍ෂණ මතුවූ නිසා 22 වැනි දා සවස සිට එහි වළදුර, විතානකන්ද සහ මිල්ලගස්තැන්න යන ගම්වල පදිංචි පවුල් හැට පහක දෙසිය හතළිස් අට දෙනෙක් නිවෙස් වලින් ඉවත් කර ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කළ බව කුරුවිට ප‍්‍රාදේශීය ලේකම් ඒ.එස්.ජේ.ගොඩැල්ලවත්ත මහතා පැවසුවේ ය.
ඉවත් කළ පිරිස් අතරින් කොටසක් එක්නැලිගොඩ විද්‍යාලයේ රඳවා ඇති අතර තවත් පිරිසක් සිය ඥාති ගෙවල්වල තාවකාලිකව වෙසෙන බව ද ඔහු කීවේ ය.
නායයාමේ අවදානමට ලක්ව ඇත්තේ ජනතාවගේ පාරම්පරික ඉඩම් බව පැවසූ ප‍්‍රාදේශීය ලේකම්වරයා මෙම ප‍්‍රදේශයේ මීට කලින් ද නායගිය ස්ථාන ඇති බව ද කීවේ ය. කන්දෙන් ගලා එන ජල පහරක් එක් ස්ථානයකදී පොළොව ඇතුළට ගිලා බසින නමුත් ඒ ජල පහර මතුවන ස්ථානයක් පෙනෙන්න නැති බවද පැවසුවේය.
ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනයටත්, භූවිද්‍යා හා පතල් කැනීම් පර්යේෂණායතනයටත් දන්වා ඇති බව පැවසූ ප‍්‍රාදේශීය ලේකම්වරයා ඔවුන් පැමිණ ස්ථානය පිළිබඳ තත්ත්ව වාර්තාවක් ලබාදුන් පසු ඉදිරි පියවර ගන්නා බව ද කීවේ ය. දැනට නිවෙස්වල රැදී නොසිටින ලෙස නිවෙස් හිමියන්ට දන්වා ඇති අතර නිවෙස්වල ඇති බඩු මට්ටු ආදිය ඉවත් කරගෙන නැති බවද සඳහන් කළේය.
ආසියාවේ ආදිම මානවයා වූ බළන්ගොඩ මානවයාගේ ඇටකටු හමුවු බටදොඹ ලෙනට පහළින් මෙම නායයාමේ අවදානම පිහිටි ප‍්‍රදේශය පිහිටා ඇති බව ද, ප‍්‍රාදේශීය ලේකම්වරයා කීවේ ය.
2025 දෙසැම්බර් මස 30
153
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
775
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
377
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ආදී මානවයා හිටි පැත්තටත් නාය රකුසා පනී