පසුගිය දිනට යෙදී තිබුණ සරෝජ් පංචාලිගේ 23 වැනි උපන්දිනය සඳහා ජනප්‍රිය යොවුන් සිනමා නිළි ආතියා ෂෙට්ටි රාත්‍රී කෑමක් ලබාදී ඇතැයි වාර්තා වෙනවා. මුම්බායිහි පිහිටි සුපිරි හෝටලයක ඔවුන් මෙසේ රාත්‍රී භෝජනය ගෙන ඇති අතර, සරෝජ්ගේ උපන්දිනය නිමිත්තෙන් පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයක් බව ආතියා සිය ‘ට්විටර්’ ගිණුමේ සඳහන් කර තිබුණා.
එදින ඔවුන් දෙදෙනාගත් සෙල්ෆි ඡායාරූප කිහිපයක්ද සිය ‘ට්විටර්’ ගිණුමේ පළ කර ඇති ආතියා එම ඡායාරූපවලට සටහනක් යොදා තිබුණේ, එය ආදරණීය ඡායාරූප පෙළක් යනුවෙනි. මෙම ඡායාරූප පළ වීමත් සමග බොහෝ දෙනෙකු පවසන්නේ සරෝජ් හා ආතියා අතර, මිත්‍රත්වයට එහා ගිය සම්බන්ධකමක් පවතින බවයි.
සරෝජ් හා ආතියා පසුගිය වසරේ තිරගත වූ ‘හීරෝ’ චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට පිවිසි නළුනිළි යුවළකි. ආතියා ජනප්‍රිය නළු සුනිල් ෂෙට්ටිගේ දියණිය වන අතර, සරෝජ් ජනප්‍රිය ආදිත්‍ය පචෝලිගේ පුතෙකු වෙනවා.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ආතියා ගානේ සරෝජ්ට කෑමක්