
(අංජුල මහික වීරරත්න)
තමන්ගේ පක්ෂයට වියදම් කරපු කෙනා හංගා ඔහු ආරක්ෂා කර ඔහුගේ දේපලත් නිදහස් කරලා දී කොහෙවත් යන කට්ටියට පාස්කු ප්‍රහාරයට ඇඟිල්ල දිගු කළාට හරියන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.
"පාස්කු ප්‍රහාරය තනිකර දේශපාලනීකරණය කරලා තියෙනවා. එක පැත්තකින් පිල්ලෙයාන් හිටපු ඇමතිවරයා අත්අඩංගුවට ගත්තා. සුරේශ් සලේ අපේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියා අත්අඩංගුවට අරගෙන තියෙනවා.ඔහුගෙන් ප්‍රශ්න කරන්නේ කවුද? පාස්කු ප්‍රහාරයේ බුද්ධි අංශ වාර්තා ලාච්චුවේ හංගගෙන හිටපු දෙන්නා. දැන් ඒ දෙන්නම තමයි ගල් අඟුරු ගැන හොයන්න යන්නේ. ඒක තමයි හොඳම විහිළුව යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජකම් කලත් පුතේ කලකම් පල දෙනවාමයි.
ඉබ්රාහිම් නානාගේ පුත්තු බෝම්බ පුපුරවාගත්ත දවසේ නානාත් ඒ ගෙදරම ඉඳල එළියට එන වීඩියෝ එකක් පහු ගිය කාලෙක දැක්ක. පොලීසිය නිවසට ගියාම බෝම්බය පුපුරවාගත්ත. ඊට පස්සේ ඔය පවුලේ ඉතිරි සාමාජිකයෝ එළියට එන වීඩියෝ එකක්. ඉතින් මේ සම්බන්ධයෙන් ඉබ්රාහීම් නානා නොදැන හිටියා කිව්වොත් එක තරම් බොරුවක් තවත් නැහැ. හරි නම් ඔය නානා ගේ පුත්තුන්ගේ සියලුම දේපල වෙන්දේසි කරලා ආබාධිත සහ මරණයට පත් වූවන්ට වන්දි ගෙවන්න ඕන. එත් ඒ කිසි දෙයක් නැහැ මහා මොළකාරයෙක් හොයනවා කියල වටේ යනවා. ඔන්න ඕක තමයි ඇත්ත.
පුහුල් හොරා කරෙන් දැනේ
සිහිය නුඹව රැකවල් කරන්නේය! බොරු කියන තොල් ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය! (හිතෝපදේශ 12:22)
ඉතින් ඔයාගේ බාප්පත් 2019 දී බලයට ආවෙත්, පාස්කු ප්‍රහාරයට සම්බන්ද අයට නීතිය ක්‍රයාත්මක කරනවා කියල. කෝ කලාද? ඉතින් ඔයාල බලයේ හිටපු කලේ, ඔයා කියන කෙනාට අධි චෝදනා ගොනු කරන්න තිබුන නේද? ඇයි නොකළේ? දැන් ඉතින් ඔයාගේ පියාට අල්ලස් කොමිසමෙන් නීතිය ක්‍රයාත්මක කරන විට, පියා කියනවා මේ අවුරුද්දේ බලය ගන්නවා කියලත්, දැන් මෙයා කියනවා පාස්කු පරහාරයට කොහෙවත් යන කට්ටිය අල්ලන්නව කියල. මටහ්ක තියා ගන්න අර්බුදයෙන් බලයට ආපු කෙනා, අර්බුදයෙන් විනාශ වෙනවා. ඔයාලාට එක වුනා.
රටට ලැබුණු ලොකුම හෙනයක් මේ නො මොලේ
බලලෝබී බඩගෝස්තරවාදි දූෂිත පවුල් පාලනේ උන් පාස්කු ප්‍රහාරය එල්ලවෙන තැනට වැඩ සිද්ද කරලා බලයට ආපු බව රහසක් නෙවෙයි.දේව සාපයකින් ජනතාව එළවලාම දැම්මේ නිකම්ද .
ඒ කියන්නේ ඔබ දන්න දේවල් ඇඟිල්ලෙන් මොන පැත්තටද දික් කරන්න ඕන කියලා, Maude?