(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව සමුපකාර ජන්ද විමසිම අද (30) පැවැත්වෙමින් තිබියදි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත හා රාජ්‍ය ඇමති පාලිත රංගේ බංඩාර මහත්වරුන් අතර ඇතිවෙන්නට ගිය ගැටුමක් ඇමති ආරක්ෂකයින් මැදිහත් වීමෙන් නැවත්විණි.
ආණමඩුව විවිධ සේවා සමුපකාරයේ නව සභිකයින් 92 ක් තෝරා පත් කර ගැනිම සදහා ප්‍රාදේශීක 22 ක් මුල් කරගනිමින් ජන්ද විමසිම පැවැත්විණි.
මෙම ජන්දය දුෂීත ආකාරයට පවත්වන බවත් බොහෝ සාමාජීකයින් පිරිසකට ජන්දය අහිමි වි අති බවත් කියමින් රාජ්‍ය ඇමති පාලිත රංගේ බංඩාර මහතා ජන්දය විමසිම භාරව සිටි සමපුකාර පරික්ෂක නිළධාරියාට දෝෂාරෝපනය කළේය.
ඒ පිළිබදව එම ස්ථානයේ සිටම සමුපකාර කොමසාරිස්වරයා දුරකථනයෙන් ඇමතු ඇමති වරයා මෙම ස්ථානයේ සිටින ජන්ද භාර නිළධාරියා නිසි ලෙස කටයුතු නොකරන බවත් දිගින් දිගටම දුෂීතව ජන්දය විමසිම සිදුවෙන බවත් පැවසූවේය.
එහිදි කොමසාරිස් වරයා පවසා සිටියේ මේ පිළිබදව තම නිළධාරියාව දැනුවත් කර සාධාරණව ඡන්දය පැවැත්විමට කටයුතුකරන බවයි.
එම ස්ථානයට පැමිණි සනත් නිශාන්ත මහතා ඇමති වරයාට යමක් කියන්නට උත්සහ කළ අතර එහිදි නොසිතු ලෙස දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවිය. ඒ වන විට දෙපාර්ශවයේම 200 කට වැඩි පිරිසක් සිටියහ.




COMMENTS
මේ වගේ මොලයක් නැති මිනිස්සුන්ගෙන් තොර දේසපාලනයක් අපේ රටේ කවදා දකින්න ලැබේද.
පිස්සෝ
රංගේ බණ්ඩාරගෙ හැදියාවනම් කතාවෙන් පේනව.කොහොමත් හිටපු පොලිස්කාරයෙක්නෙ.