දැනට පවතින ආණ්ඩුව මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන ජාතික ආණ්ඩුවක් නොවන බවට ප‍්‍රකාශ කරන ලෙසත්, දැනට සිටින අමාත්‍යවරුන්, රාජ්‍ය අමතාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ගේ පත්වීම් බලරහිත කරන ලෙසත් නියෝගයක් නිකුත් කරන ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (01) ගොනු කැරිණි.
කැළණිය විශ්ව විද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය විමලධර්ම අභයවික‍්‍රම සහ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර පෙත්සම් කරුවෝය. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, කැබිනට් අමාත්‍ය මණ්ඩලය, සියලූම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, සියලූම දේශපාලන පක්ෂ වල නායකයින් හා පක්ෂ ලේකම්වරු , නීතිපති ඇතුළු 249 දෙනෙක් මෙහි වගඋත්තරකරුවෝය.
ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 46 (5) ව්‍යවස්ථාව මඟින් අර්ථ දක්වා ඇති ආකාරයට පවතින ආණ්ඩුව සැබෑ ජාතික ආණ්ඩුවක් නොවන බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.
පවතින ආණ්ඩුව ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක එක්වී නිර්මාණය කර ඇති අතර සෙසු පක්ෂ හෝ කණ්ඩායම් ඊට සම්බන්ධ වී නැති බවත්, එබැවින් එය ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව අනුව ජාතික ආණ්ඩුවක් ලෙස අර්ථ ගැන්විය නොහැකි බවත් ,එබැවින් එය නීතිවිරෝධී බවද පෙත්සමේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්රධාන දේශපාලන පක්ෂ දෙකේ මහත්වරු තමාගේ සුඛවිහරණය සදහා සාදාගත් පාරාදීසයක් බඳු වූ මෙම ජාතික ආණ්ඩුව මේ වෙනතුරු කළේ රටේ සංවර්ධන ව්‍යාපෘති අඩාල කිරීම, සාමාන්‍ය ජනතාවට අධික බර පටවමින් සහනාධාර කප්පාදු කිරීම, මැතිවරණයේදී ජනතාව ප්‍රතික්ෂේප කළ අපේක්ෂකයන්ට මැති ඇමතිකම් ලබාදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිට බනින විකට ජවනිකා පැවැත්වීම පමණද? (නි)