භික්ෂුන් වහන්සේලාට හිමි ගෞරවය විනාශ කිරීමේ වැඩපිළිවෙලක් වත්මන් රජය ඉතාම ක්‍රමානුකූලව ක්‍රියාත්මක කරමින් සිටින බව හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද (08) පැවසීය.
ජයග්රහණයේදී හා පරාජයේදී පිහිටවු භික්ෂුන් වහන්සේලාට එරෙහිව රජය ගෙනයන වැඩපිළිවෙලට ඉඩදිය නොහැකි බවද ඒ මහතා පැවැසීය.
නව ජාතීක බලවේගය ගොඩනැගීමට මහා සඟරුවනේ ආශිර්වාදය මැයෙන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරන ලද සඟ සමුළුවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව පැවැසීය.
තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී මෙම උත්සවය පැවැත්විණි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලයට එන්න තියන කෑදරකමට ජාතිවාදය අවුස්සන්න එපා. අපිට හොඳට මතකයි නුඹලා සංඝයා කියන ඒවා හොඳට අහපු හැටි. (නි)
මේ තමා අපේ කාලයේ ලොකුම විහිළුව! (නි)
"වැසිකිළි බර වුණහමලු පිට්ටනි මතක් වෙන්නේ" කියල ගැමි වහරක් තියෙනවා. නම්බුකාර අන්දමට ඒ කෘත්‍යය කරන්න පිරිසිදු වැසිකිළි පද්ධතියක් හදනවා වෙනුවට පිට්ටනි අපිරිසිදුවීම ගැන පරාජිත නායකයන්ට ජීවිත කාලයක්ම කතා කරන්න පුළුවන්. (නි)
සංජු කියන කතාව හරි.(හේ)
සහතික ඇත්ත! (නි)
සමහර දේශපාලකයින් නොදන්නා කෙහෙල්මල් ගැන කතා කරන්න ගිහින් දේශපාලකයින්ගේ ම ගෞරවය කෙලෙස ගන්නවා. (හේ)
කතාව නම් සහතික ඇත්ත. මේ ආණ්ඩුව හාමුදුරුවන්ට වැරදි පටවලා උසාවියට යොමු කරනවා. සිංහල බෞද්ධ වැඩි ජනමතයෙන් ඇවිල්ලා ඔවුන්ටම වින කරනවා. (නි)
ඉතාම ක්‍රමානුකූලව භික්ෂුන් වහන්සේ දේශපාලන අතකොලුවක් කරගැනීමේ වැඩපිළිවෙලක් නම් ක්‍රියාත්මක බව අපිටත් පේනවා. මහනායක හිමිවරුන් තාම කෙළින් ඉන්න නිසා හොඳයි. ආගම විකුණන්න හදන දේශපාලුවන් තරම් ආගමට හානි කරන කවුරුත් නැහැ. (නි)
මිත්‍යාවෙන් වැළලුන ජීවිත වලට සඟරුවනේ ආශීර්වාද පැතීමත් වටිනවා. (නි)
දේශපාලකයන් ධර්මය ගැන කියමින් ජනතාවගේ ගෞරවය කෙළෙසනවා. (නි)
භික්ෂුන් වහන්සේලාගේ ගෞරවය නැති කරගන්නේ උන්වහන්සේලා විහින් කරන වැඩ නිසා බව දේශපාලන යක්දෙස්සන්ට හැර අනිත් අයට පෙනේ. ඒ කරන වැඩ නවත්වා, ශාසනික වැඩ වල යෙදෙන දවසක, නැතිවූ ගෞරවය නැවතත් ලැබෙන්ට බැරි නැත. දැන් කාලේ වැඩ ඉන්න සමහර හාමුදුරුවරුන්ට "අට්ටපුරිස පුග්ගලා" කියන්නේ කොහොමද? හරියට පන්සිල්වත් රකින්නේ නැති උදවිය. (නි)
බලය ගන්න නොකරන දෙයක් නැහැ. ඔය මොනවා කළත් අපි කවදාහරි මැරෙනවා මහත්තයෝ (නි)
නීතියට පිටින් වැඩකරන, ජාතියට විනකරන වසලයන් දඟගෙට යවන්න ඕනෑ. නීතිය අපි කාටත් ඉහළින් ඇති බව මතක තියාගන්න (නි)
ඡන්දෙට සිවුරු ඇතුළේ ෆොටෝ එක ඔබලා පූජාකරපු එකෙන් භික්ෂූන්ගෙ ගෞරවයට හානියක් වුණේ නැද්ද? (නි)
බුදුදහම සහ භික්ෂුන් ගැන කතාකරන අය "මට බලය ලැබේවා මම රජ වේවා" කියලා වැඳ වැඳ ගියේ ඉන්දියාවේ කෝවිල් ගානේ. අපිට නම් අමතක වෙලා නැහැ අතීතය. (නි)
ජාතිවාදය හා ආගම්වාදී අන්තවාදී ආවේග ඇවිස්සීම බලයට පැමිණීමේ උපාය මාර්ගය ලෙස සමහරු භාවිතා කරන බව පැහැදිලියි. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නොව මල් පොහොට්ටුවෙන් දේශපාලනය කරන බව එළිපිටම පෙන්වූ අවස්ථාවක්. (නි)
අනේද කියන්නේ! (නි)
ඇයි අලුත් පක්ෂයකට නොබැඳෙන්නේ? (නි)
මේ කතාවේ නම් ඇත්තක් තියෙනවා. දැන් පෙරහැරවල් වලට අලිත් නැහැ. එ්ක අපේ සංස්කෘතිය විනාශ කිරීමක්. පන්සල් කඩනවා, පාරවල් වල නම් වෙනස් කරනවා, හාමුදුරුවරු හිරේ දානවා, පන්සල් හදන එකත් තහනම් කරන්න හදනවා සමහර පළාත් වල. බුදුහාමුදුරුවොත් කිව්වා කාලෙකදී බුදුදහම විනාශවෙලා යනවා කියලා. (නි)
ශ්‍රී ලංකාවේ සංග බේදයක් ඇතිකළ, ඒ පාපකර්මය කරපු අය වහාම ජනතාවට හෙළිකළ යුතුයි. (නි)
අනේ මන්දා මොනවද කියලා මේ කතා? (නි)
සංඝ ගෞරවයට නොගැළපෙන දේවල් ඇතැම් හාමුදුරුවන් කරනකොට ඔහොම වෙනවා. සංඝ භේදය කවුද ඇතිකර ගත්තේ? උන්වහන්සේලම නේද? පරාක්‍රමබාහු රජතුමා පොළොන්නරු කතිකාවතෙන් නිකාය සමගියක් ඇතිකෙරුවා. අද මේ නිකාය කීයක් තියනවද? අනිත් එක සංජු මහත්තයෝ බුදු දහම කොහොමටවත් විනාශ වෙන්නේ නැහැ. ඒ ගැන නම් බයවෙන්න එපා. (නි)
චන්ද්‍රා, ඔබට පුළුවන්නේ අපිට දැන් ගන්න එක කියන්න. මම නම් හිතන්නේ සෝබිත හාමුදුරුවෝ නොමඟ යවලා, අන්තිමට උන්නාන්සේගේ මරණයත් ඉක්මන් කරපු අය ගැන වෙන්න ඕනෑ ඔබ කියන්නේ. එහෙමත් නැත්නම් අලුත් ව්‍යවස්ථාව රටට ඉතා හොඳයි කියා සම්මත කරගැනීමට හා එට්කා ගිවිසුම රටට හොඳයි කියා හාමුදුරුවො නොමඟ යවලා නිකාය බේදයක් ඇතිකරපු අය ගැන වෙන්න ඇති නේද (නි)
ජාතිවාදය හා ආගම්වාදය වපුරමින් නැවත සමහරු බලය ලබාගන්න හදන්නේ ඇයි? (නි)
මමත් ඡන්දෙ දුන්නේ යහපාලනයට. නමුත් මඩකලපුව ඇතුළු උතුරු නැගෙනහිර සිංහලයින්ට තියෙන අවනඩුව ගැන, වෙහෙර විහාර විනාශය ගැන කිසිම දෙයක් කරන්නේ නැතුව දකුණට පමණක් සහජීවනය බෙදන මේ ආණ්ඩුව බෞද්ධ ජනතාවට කරන්නේ ලොකු අසාධාරණයක්. අම්පාරේ හාමුදුරුවන් කරන කැපවීම පත්තරෙන්වත් නොපෙනෙන එක ගැන නම් තියෙන්නේ පුදුමාකාර දුකක් (නි)
මේ යහපාලන සර්වපිත්තල ප්‍රෝඩාව, මහා ඔලුවෙන් අනුමත කරමින් ඡන්දය දුන් බහුතර ලක්වැසියන්ට විඳවන්නට වේවි (නි)
දැන් දැන් මේ කතා අහලාම අපිට එපාවෙලා (නි)
අලිපැටවුන් පන්සලේ දාලා ගියායි කියන, ආවේගශීලිව කතා කරන හැසිරෙන, බණක් කවදාවත් කියලා නැති වුණාට දේශපාලනය කතා කරන සිවුරු දරාසිටින අයටත් ගෞරව කරන්න වඳින්න කියලද මේ කියන්නේ. එහෙම කළ නිසා තමයි රට මේ තරම් ජරාජීර්ණ වෙලා තියෙන්නේ. පිදියයුත්තා පුදනවා විනා හැමෝම පුදලා හරියන්නේ නැත (නි)
තිස්ස කියන විදියට අද සිල්වත් හාමුදුරුවරු නැතිලු. හොඳයි කියන්න බලන්න සිල්වත් සමාජයක් තියෙනවද කියලා. මහත්තයා හොදින් මතක තියාගන්න හාමුදුරුවරු කියන්නේ අහසින් කඩා පාත්වුණ කොටසක් නෙමෙයි. මේ සමාජයේ අපේම කොටසක්. අවාසනාව හාමුදුරු කෙනෙකුගේ මොකක්හෝ වරදක් දුටුවිට අපි බෙරිහන් දෙනවා. අනිත් ආගමිකයෝ තමන්ගේ ආගම්වල පුජකතුමන්ලා ආරක්ෂා කරනවා. (නි)
ජාතිවාදය හා ආගම්වාදය වපුරන හැම රටක්ම අන්ත අගාධයට යනවා. (නි)
දළදා මාලිගාව අසළ බියර් ටින් වපුරලා ඒ මතින් කාර් රේස් පැද්දේ කොයි ආණ්ඩුව කාලේද මට නම් මතක නැහැ. (නි)
ගෞරවය කියන එක තමන්ගේ ක්‍රියාව අනුව නිරායසේයෙන් ලැබෙන එකක්. එ්ක කාටවත් ඇති කරන්නත් නැති කරන්නත් බැහැ. දේශපාලනයට හාමුදුරුවෝ ගාගැනීම කවුරු කළත් වැරදි ක්‍රියාවක්. (නි)
මෙතුමලාගේ කාලේ දළදා මාළිගය ඉස්සරහා රේස් පැද්දේ මුළු බුද්ධ ශාසනයේම ගෞරවය වෙනුවෙන් වෙන්න ඇති! (නි)
මෙයාලා දැන් කතා කරන්නේ කටින්ද කියන එකයි පුදුමේ (නි)
ඔබතුමා බලයේ ඉන්ඳැද්දී ඔය කියන මොකුත්ම වුණේම නැද්ද (නි)
මේ මන්ත්‍රීතුමාටත් දුමින්ද සිල්වගේ අමතකවීමේ ලෙඩේ තියෙනවද කොහෙද (නි)
මෙයාලා නම් රටේ ගෞරවය පුදුමාකාර විදියට ආරක්ෂා කළා. තනියම නොවෙයි පරම්පරාවේ කට්ටියම එක්ක. එ්ක කොතෙක් දුරට කළාද කියනවා නම් තවත් වසර ගානක් යනකම් අපිට ඒවා ගෙවන්න වෙනවා. (නි)
අතීතයේත් හාමුදුරුවරු පන්සලට වෙලා බණ දහම් විතරක් රැකගෙන හිටියා නම් අද වෙනකොට සිංහල ජාතිය කියලා එකක් ඉතිරි වෙලා නැහැ. ඉතිහාසය කියවලා බලන්න. (නි)
බොහොම කණගාටුයි. හාමුදුරුවන්ට දේශපාලනය අවශ්‍ය නැහැ (නි)
අනේ හැබෑට අතීතය අමතක වෙලානේ... (නි)
කතාව බදුදහම ගැන. අත කන පුරා මුදු මාල යන්තර පැලදගෙන. (ම)
රණවක, තොප්පිය හරියන තැනට දැම්මොත් තමයි හොඳ. 'නරක සියල්ල වැනසී යයි.‘ (නි)
ත්‍රිවිධ හමුධාවට නිග්‍රහ කරලා, හමුදා වලට තිබුණු ගෞරවය විනාස කළා. හාමුදුරුවරුන්ට ගෞරවයක් සැළකීමක් නැහැ. මඩකලපුවේ පන්සල්වලට කරන විනාශය නායකයන්ට පෙනෙන්නේ නැහැ. සිංහල ජාතිය හැඟීම් නැති නිවට ජාතියක් කරලා. (නි)
අනේ මගේ කට! සඟ ගෞරවය නැතිකළේ ඔයාලගේ කාලේ තමා (නි)
යහපාලනය කියන්නේ ඔහොම තමා. අපිට දැන් තේරෙනවා. අපි රැවටුණා (නි)
බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිට කෝලම් නැටීමෙන් මෝටර් රේස් පැද ඒ අවට පරිසරයම දූෂණය කිරීමෙන් කෙළෙසුනේ ශ්‍රී සම්බුදු ශාසනයේම ගෞරවයයි. (නි)
නව ජාතික බලවේගයට සෙනඟ ගොඩාක් හිටියොත් මමත් සාමාජිකත්වය ගන්නවා. (නි)
පුදුම තණ්හාවකින් පෙළෙන කෙනෙක් (නි)
අනේ මොකටද මගේ කට! (නි)