ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන කිහිපයක සහ පළාත් සභා ප්‍රාදේශිය සභා කිහිපයක වි යැයි කියා මහා පරිමාණයේ මුල්‍ය වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් මහජන පැමිණිලි ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් වි තිබෙන බව කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා පැවසිය.
එම පැමිණිලි සම්බන්ධ මුලික විමර්ශන සිදු කරගෙන යයි පැමිණිලි ඉදිරිපත් කරන්නන්ගේ රහස්‍යභාවය සුරකිමට අවශ්‍ය නම් ඒ හා සම්බන්ධ ක්‍රියා කිරිමට කොමිසමට හැකි බව ද කොමිසම සඳහන් කරයි.
එම නිසා 2010 ජනවාරි මාසයේ 10 දා සිට සිදු වුණ බරපතල වංචා දුෂණ රාජ්‍ය සම්පත් බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කළ හිටපු සහ දැනට සිටින දේශපාලකයන් , ආයතන ප්‍රධානීන් සම්බන්ධ පැමිණිලි ලිඛිතව ඉදිරිපත් කරන ලෙසට කොමිසම මහජනයාගෙන් ඉල්ලීමක් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි තව වැඩ වැඩි කරගෙන එකක්වත් හරියට නොකර ඉන්නද?, අල්ලගත්තු වෙලේ සුදාගෙන් තාම හරියට යමක් හොයාගන්න බැරි උනා. සචින්වාස් ගුණවර්ධන ගෙන් තාම මුකුත්ම ගන්න බැ, පාවෙන අවි ගබඩා ගැන කිව්වා, බැසිල් රාජපක්ෂව හුළං වදින්න එලියට ගන්නවා, ඇතුලට දානවා. ඔං ආටක නාටක (බ)
කරුණාකර තොරතුරු තාක්ෂණ ආයතනය ගැනත් සොයන්න; අපිත් කරන්නම් පැමිණිලි (ම)
ඔව් ඔව් තව ඕවා හොය හොයා කාලය කන්න. දැන් ඇල්ලුවයි කියපු එකක්වත් ඔප්පු කරන්න හැකිවුණාද? කවදද රටට වැඩක් කරන්න පටන් ගන්නේ? (නි)
මේ ඡන්දෙන් පරදිනකම් හොයා හොයා ඉඳියි '(හේ)
මේවා සෙවිය යුත්තේ 1977 පටන්ය.(හේ)
2010 ජනවාරි 10 ට කලින් සාන්තුවරුද රට පාලනය කලේ? (ස)