IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ආණ්ඩුවේ මහ ගැහිලි ගැන පැමිණිලි ගලයි

ප්‍රධාන පෙළේ  රාජ්‍ය  ආයතන කිහිපයක සහ පළාත්  සභා ප්‍රාදේශිය සභා  කිහිපයක වි  යැයි කියා  මහා  පරිමාණයේ මුල්‍ය වංචා සහ අක්‍රමිකතා  සම්බන්ධයෙන්  මහජන පැමිණිලි ජනාධිපති  විමර්ශන කොමිෂන්  සභාවට  ඉදිරිපත්  වි  තිබෙන බව කොමිසමේ  ලේකම්  ලැසිල්  ද සිල්වා මහතා පැවසිය.

එම පැමිණිලි  සම්බන්ධ මුලික විමර්ශන සිදු  කරගෙන යයි පැමිණිලි  ඉදිරිපත්  කරන්නන්ගේ  රහස්‍යභාවය  සුරකිමට  අවශ්‍ය  නම්  ඒ  හා  සම්බන්ධ ක්‍රියා  කිරිමට  කොමිසමට  හැකි  බව ද කොමිසම සඳහන්  කරයි.

එම නිසා 2010 ජනවාරි  මාසයේ  10 දා  සිට  සිදු වුණ බරපතල වංචා  දුෂණ රාජ්‍ය  සම්පත්  බලය  සහ  අධිකාරිය අනිසි  ලෙස භාවිතා   කළ හිටපු සහ දැනට  සිටින දේශපාලකයන් , ආයතන ප්‍රධානීන්  සම්බන්ධ පැමිණිලි  ලිඛිතව ඉදිරිපත්  කරන ලෙසට  කොමිසම මහජනයාගෙන්  ඉල්ලීමක්  කරයි.



අදහස් (0)

ආණ්ඩුවේ මහ ගැහිලි ගැන පැමිණිලි ගලයි

පාලිත Wednesday, 10 June 2015 08:48 AM

ඇයි තව වැඩ වැඩි කරගෙන එකක්වත් හරියට නොකර ඉන්නද?, අල්ලගත්තු වෙලේ සුදාගෙන් තාම හරියට යමක් හොයාගන්න බැරි උනා. සචින්වාස් ගුණවර්ධන ගෙන් තාම මුකුත්ම ගන්න බැ, පාවෙන අවි ගබඩා ගැන කිව්වා, බැසිල් රාජපක්ෂව හුළං වදින්න එලියට ගන්නවා, ඇතුලට දානවා. ඔං ආටක නාටක (බ)

:       0       0

නාරද Wednesday, 10 June 2015 08:51 AM

කරුණාකර තොරතුරු තාක්ෂණ ආයතනය ගැනත් සොයන්න; අපිත් කරන්නම් පැමිණිලි (ම)

:       0       0

කුමාරි Wednesday, 10 June 2015 09:34 AM

ඔව් ඔව් තව ඕවා හොය හොයා කාලය කන්න. දැන් ඇල්ලුවයි කියපු එකක්වත් ඔප්පු කරන්න හැකිවුණාද? කවදද රටට වැඩක් කරන්න පටන් ගන්නේ? (නි)

:       0       0

ඉන්දික Wednesday, 10 June 2015 11:23 AM

මේ ඡන්දෙන් පරදිනකම් හොයා හොයා ඉඳියි '(හේ)

:       0       0

ප්‍රකාශ් Wednesday, 10 June 2015 01:21 PM

මේවා සෙවිය යුත්තේ 1977 පටන්ය.(හේ)

:       0       0

දුමින් Wednesday, 10 June 2015 08:43 AM

2010 ජනවාරි 10 ට කලින් සාන්තුවරුද රට පාලනය කලේ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site