
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50කට අධික සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේ ස්වාධීනවීමට සූදානමින් සිටින බව හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.
එම කණ්ඩායම ස්වාධීන වී හෙට දිනයේදී පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වන බව ද ලන්සා මහතා කීය.
ඒ අනුව ආණ්ඩුවේ ආසන 113 ක බහුතර බලය අහිමි වන බව නිමල් ලන්සා මහතා සඳහන් කළේය.
ඔහු මේ බව පැවසුවේඅද (04) දින මීගමුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා, ආණ්ඩු පක්ෂය අය ලෙස එහි බහුතරය නැතිකර ආණ්ඩු පාලන බලය වෙන පිරිසකට දී විපක්ෂයේ කාර්යභාරය කරමින්ම ආණ්ඩුවට සහයෝගයදීමට බලාපොරොත්තු වන බව ද කීවේය.
කිසිම තනතුරක්, වරප්‍රසාදයක් නැතුව රටේ ප්‍රශ්න විසදන්නට තම කණ්ඩායම පත්වන ආණෟඩුවට සහය වන බව ද හෙතෙම පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සජිත්ට දෙන්නද හදන්නේ? ඒකට නම් සූදානම් වන්න එපා.
ඔන්න මිනිස්සු... පොඩි කාලේ අහපු යාලුවෝ දෙන්නෙක් කැලයක් මැද්දෙන් යනකොට වලහෙක් හම්බ වුණා, කතාව මතක් වුණා..
බබා හුකුං වෙන්න හදන්න එපා...
මෙයා ආණ්ඩුවට කුඩු වෙන්න ගහනවා වගේ...
මේ ඉතින් ඡන්ද ටික බේරගන්න ගහපු ගැටයක්... පාර්ලිමේන්තු බහුතරය නෙවෙයි, රටේ බහුතරයත් නැති වෙලා ඉන්නේ කියලා තේරුණාද දන්නේ නැහැ...?