
(ෂේන් සෙනෙවිරත්න)
අවලස්සන ඇමරිකානුවා තියාගෙන මේ ගමන යාමට නොහැකියි. ආණ්ඩුවට තියෙන 113 බහුතරය නැතිකර වත්මන් උද්ධච්ච පාලනය අහෝසි කරනවා යැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
රාජපක්ෂවරුන්කි බලයට ගේන්න කිසිදු කැපකිරීමක් අපි කරන්නේ නැහැ.අපගේ මේ වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මාවත් ගම්මන්පිල ඇමැතිවරයාත් ආණ්ඩුවෙන් ඉවත් කෙරුණා.
අපේ පක්ෂ 11 මගින් ජනගත කළ වැඩපිළිවෙළ මහ නායක හිමිවරුන්ට අද පිළිගන්නවලා ඉදිරි ගමන් මාර්ගය සම්බන්ධව උන්වහන්සේලා දැනුවත් කළා. මේ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහතාව පාවිච්චි කරනවද එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ මහතා පාවිච්චි වෙනවද කියල අපි දන්නෙ නැහැ.
සර්ව සර්වපාක්ෂික සමුළුවක් කැඳවන්නේ හැමෝම එකතු වෙලා වැඩ කරන්නයි . හිටපු අගමැතිවරයකුට ඔයා කියලා කතා කරන්න තරම් උද්දච්ච මිනිහකු කියලා මෙතනදී මුදල් ඇමැතිවරයා පෙන්නුවා .
සර්ව පාක්ෂික සමුළුව දී ඔහුට ඕනෑ වුණේ ගැටුමක්. මොන රාජපක්ෂ කෙනෙක්වත් ආයේ මේ රටේ පාලන බලයට ගෙන එන්න උදව් කරන්න ජීවිතයට අපේ බලාපොරොත්තුවක් නෑ. කවුරුහරි එහෙම කියනවනම් අපේ ගමනට බය වෙලයි ඔවුන් එහෙම ප්‍රකාශ කරන්නේ.
මේ රට වෙනත් රටක කොලනියක් කරන්න හදනකන් බලාගෙන ඉන්න අපිට පුළුවන් කමක් නැහැ.සජිත් හදන්න ගිය සුරංගනා ලෝකෙට වඩා මේ හැදුනු සුරංගනා ලෝක භයානක කමෙන් අඩුයි .ඒක හැදුවා නම් මේ රට මෙහෙම වත් ඉතුරු වෙන්නේ නැහැ යැයි ද පැවසිය .
ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 මගින් ඉදිරිපත් කළ රට හරිමගට ජාතික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් වහන්සේලා දැනුවත් කිරීම සඳහා මහනුවරට පැමිණි අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි විමල් වීරවංශ මහතා මේ බව පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාවෙන් මේ කියන්නේ... තමුන්ලාට තියෙන ගෞරවය නැතිකර ගන්න එපා. එහෙම වුණොත් තමුන්ලාට විරුද්ධවත් බලවේගයක් ගොඩනගන බව අමතක කරන්න එපා...
දැන් බලාගෙන ගියාම එකම එක රාජපක්ෂ කෙනෙක් විතරයි වැරැදි...!
මොකක් ගැනද මේ විමල් කියන්නේ..?
මේ අයට ප්රශ්නය තියෙන්නේ බැසිල් එක්ක විතරයි. නැතුව මහින්ද රාජපක්ෂත් එක නෙවෙයි. රටේ බහුතරය දැනටමත් රාජපක්ෂලාව ප්‍රතික්ෂේප කරලා ඉවරයි. නමුත් මේ අයට රාජපක්ෂලා නැතුව ඉදිරි ගමනක් නැහැ. ඒ නිසා මේ අය රාජපක්ෂ විරෝධීන් ලෙසින් පොඩි නාට්‍යයක් රඟ දක්වමින් ඉන්නවා. ඒ රාජපක්ෂලාගේ සහ මේ අයගේ අනාගත පැවැත්ම සඳහා...
ජවිපෙ නන්නත්තාර වෙන්න වැටිලා තිබුණු වෙලාවේ නැගිට්ටවලා ගත්තේ විමල්... මහින්ද වැටිලා ඉන්න වෙලාවේදී නැගිටින්නට උර දුන්නේ විමල්. තිත්ත වුණාට ඇත්ත ඒකයි...
මේ අය නොකියා කියන්නේ බැසිල් හැර අනෙක් රාජපක්ෂලා හොඳ බව පමණි.
මේ දාලා තියෙන ප්‍රතිචාර දැක්කම මට මතක් වෙන්නේ රුපියලක් උඩ දාලා නෝනද? පොල්ලද? කියන එක. නෝනා වැටුණොත් පොල්ල හොඳයි කියනවා, පොල්ල වැටුණොත් නෝනා හොඳයි කියනවා...
අනේ මේ නාටක නවත්තලා පුළුවන් වැඩක් කරන්න.
නාඩගම්කාරයෝ...!!!
මෙයාට යළිත් ජනතාව රැවටෙයිද? 2015 ජනවාරි 8 පැරදුණු රාජපක්ෂලා ගේන්න මහින්ද සුළඟ දින 40ක් ඇතුළත හදලා ජනතාව රැවැට්ටුවා. යහපාලනේ කෙරුණු හොඳ වැඩත් නරක පැත්තට පෙන්නුවා. 19 වැනි සංශෝධනයේදීත්, ස්වාධීන කොමිෂන් සභාවට සාමාජිකයින් පත් කිරීමේ දී ව්‍යවස්තා සභාවට පොලිටික්කන් වැඩිපුර දාන්න සිදුවූයේ මේ ගොල්ලෝ අකුල් හෙලපු නිසයි. දැන් සියල්ල ජනාධිපතිට පැවරුවේත් මේ ගොල්ලෝමයි. වෙච්චි දේ මදිද?
කව්ද දන්නේ නැහැ උද්දච්ච ආණ්ඩුව පත්කර ගන්න බොරු ජාතිවාදය මවලා, ගිරිය යටින් බෙරිහන් දීලා මිනිසුන් මුලා කළේ? අවලස්සන ඇමරිකානුවා ගේන්න උදව් කරේ නැහැ වගෙයි දැන් කතාව. හැමදාම බොරුව රජකරන්නේ නැහැ. සියලු බොරු එළිවෙලයි දැන් තියෙන්නේ...!
සජබයින්ට, ජෙප්පන්ට, හම්බයින්ට දර දිය අදිනවා වගෙයි.