‘වත්මන් ආණ්ඩුව බලයට පත් වෙලා ඉන්නෙ සුළු පක්‍ෂ නිසා නමුත් දැන් 20 වැනි සංශෝධනයත් එක්ක සුළු පක්‍ෂ මෙන්ම නියෝජිතයින් නොසලකා හැරෙනවා. අපි මේකට විරුද්ධයි ඉදිරියේදී ඉතා ඉක්මනින් සුළු පක්‍ෂ සියල්ලම එකතු වී අපේ විරෝධය ජනපතිට දැනුම් දෙනවා‘ යැයි අමාත්‍ය රවුෆ් හකීම් අඟහරුවාදා (22) යාපනයේදී කීවේය.
‘අපි ආසියානු සංවර්ධන බැංකුවත් සමග සාකච්ඡා කරලා තවත් කුඹුරු අක්කර 40,000 ක් වගා කරන්න පුළුවන් විදිහට ඉරණමඩු ජලාශය පුළුල් කරන්න මුදල් ලබාගන්න පියවර අරන් තියෙන්නේ. කොහොම වුණත් අපි අවුරුදු 2 කින් ජලය යාපනයට අරන් යනවා‘ යැයි ජාතික ජලසම්පාදන හා ජලාප‍්‍රවාහන මණ්ඩලයේ උතුරු ප‍්‍රාදේශීය කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ඔහු පැවසීය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන් , දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මනත‍්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, ඊ.සර්වනබවන් යන අයද ජලසම්පාදන හා ජලාප‍්‍රවාහන මණ්ඩලයේ උතුරු පළාත් නිලධාරීහුද එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු අනේ සුළු පක්ෂ! (ස)
20 ගේන්ට. (ස)
මහින්ද මැතිතුමාගේ කාලේ මේ අය හ්ම්ම් කියලවත් සද්දයක් දැම්මේ නැහැ, යහපාලන ආණ්ඩුවේ වැරදි තමයි මේවා. මහින්ද මැතිතුමාට බනින අය කුහකයෝ. (ස)
විජයබාහු - ජනතාවගේ කැමැත්ත මහින්දටයි. ජනතාව වැරැද්ද තේරුම් අරන් ඉන්නේ දැන්. මීලග මැතිවරණයේදී ලක්ෂ අසූවකට වඩා ඡන්ද අරගෙන මහින්ද උතුමා බලයට පත්වෙනවා. එතකොට හුඟක් අයට (කොටියට) පසුතැවෙන්න වෙයි. (ර)
මහින්ද මැතිතුමා හිටියා නම් මේ අය කට අරින එකකුත් නැහැ, රටේ අවාසනාව තමයි. සොක්කෝ ඔක්කොම සිංහල අපිට ගෙම්බර් පාර්ට් දානවා.(නදී)
මහත්තයෝ, තමන්ගේ ජාතියට විතරක් නැතිව මුළු රටේම ජනතාවට සේවය කරන්න හිත තියෙනවා නම් ඔවැනි හැගීම් අැතිවෙන්නේ නැහැ. මේවා වෙන සිංහල පක්ෂයක් කිව්වා නම් ,අන්තවාදී ,ජාති වාදී මෙකි නොකී හැම එකක්ම කියයි. ඔයිට වැඩිය, රටට සේවය කරපු අය ඉන්නවා (ඒ .සී.එස්. හමීඩ්,බර්කිර් මර්කෙර් වගේ අය) එතුමන්ලා ඔබතුමා වගේ තමන්ගේ අයට විතරක් සැලකුවේ නැහැ. හොයල බලන්න (නදී)
ඇඩෙනවා තනි ඇහැට (නදී)
මේ අය අපේ ලස්සන රට විනාශ කරන්න ඇවිත් තියෙන්නේ. මෙයාලගේ ඡන්ද බලාගෙන සේරම අය රට උගස් තියනවා. සෝම හාමුදුරුවන්ට පස්සේ කවුරුවත් නැහැ රට ගැන බලන්න. රට විනාස වෙනවා, මේ හරක්ට තේරෙන්නේ නැද්ද.(නදී)
කල්මුනේට වෙනම දිස්ත්‍රික්කයක් දීමට කැබිනට් මණ්ඩලය විරුද්ධව දීපු තීරණය ගැන එලියට ගිහිල්ල එම තීරණය විවේචනය කරපු හින්ද හකීම් මහත්තයට සාමුහික තීරණ විවේචනය කරපු වරදට කැබිනට් එකෙන් එලියට යන්න වුනා. 20වෙනි ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලයෙන් අනුමත වුනාට පස්සේ එලියට බැහැල විවේචනය කරන්නේ ආයිත් ප්‍රතිරූපය ගොඩනගාගන්න වෙන්න ඇති. (බ)
සරත්ගේ කතාව නම් මසුරන් (නදී)
මේ වගේ කතා අහන්න ඕනේ නැත්තම් මීලඟ මැතිවරණයේදී මහින්ද මැතිතුමාව තුනෙන් දෙකක බලයෙන් රටේ නායකත්වයට පත් කල යුතු බව මගේ මතයයි. (ස)
මම අලුත් පොත් පිංචක් නිකුත් කරන්න හිතන් ඉන්නේ. "පිවිතුරු යහපාලගේ බොඳ වෙන සිහින" කියලා.(ම)
ඉමිතායාස් බාකිර් මාකර් මහත්තය ආනන්දෙදි කරපු කථාව ඇහුව නම් හකීම්ට හොඳ පාඩමක් ඉගෙන ගන්න තිබුණා (ම)
හකීම් මහතා හැමදාම කළේ පක්ෂ මාරුකරන එක.1994, 2001, 2004, 2015 වර්ෂ ඔබට මතකද?මේවා බැලුවහම අපිට කියන්න වෙන්නේ රටට හොඳක් වෙනවා දකින්න ඔවුන් අකමැති බවයි. (නි)
ඔන්න බළලා මල්ලෙන් එලියට. මෛත්‍රී දිනුවේ සුළු ජාතිකයින්ගේ කේවල් කිරීම් වලට යටත්ව බව හරි පැහැදිලියි නේද?. ඒ ගිවිසුම් එකින් එක දැන් ක්‍රියාත්මකයි. නැගෙනහිරට වෙනම මුස්ලිම් කලාපයක් නුදුරේදීම ඇතිවේවි. උතුරේ හමුදා කඳුවුරු එකින් එක ඉවත් කිරීමත් එහි එක් ප්‍රතිඵලයක්.(නදී)
"පිවිතුරු යහපාල"දකින සිහිනය සැබෑවක්ම වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරමු.අහිංසකයාගේ ආසාවනේ.......! (නි)
ආණ්ඩුව බලයට ගෙනාවේ සුළු පක්ෂ නෙමෙයි "සමාජ ජාලගත තරුණ කණ්ඩායම යයි" කියලනේ මුල් දවස්වල විග්‍රහය දැම්මේ. ඒ හින්ද හකීම්ගේ කතාව වලංගු වෙන්නේ කොහොමද? (හේ)
මහින්ද මැතිතුමාව දැනුයි තේරෙන්නේ . 20 ත් කුණු කුඩේට වගෙයි නේද ? ඔහොම යන්න. සරත් හා කලනට මගේ තුති. (ර)
මෙයා මෙයාලා ගැන විතරයි බලන්නේ. අපේ මිනිස්සු තේරුම් ගත්තොත් හොඳයි (නි)
දැන් ඉතින් අර නැගෙනහිර වෙනම රාජ්ජේ ඉල්ලා ගත්තම ඕව වැඩක් නැහැනේ. (බ)
අපි මේවට ඡන්දෙන්ම උත්තර දෙන්නම් (නි)
වැරදි විවේචන කරනකොට සිතියයුතු කරුණු තිබේ. වැඩ කරමින් වැරදි නොකළ නායකයින් සිටීද? නැත. වැඩ කරමින් වැරදිද ඇති නායකයින් ඇද්ද? සිටි. ඒ අතර මහින්ද රාජපක්ෂ මහතා, ප්‍රේමදාස මහතා හොඳ උදාහරණ වේ. වැඩ නොකර වැරදි නොකළෘ යැයි කියන නාකයකොත් ඇත. වැඩ නොකර වැරදි කළ පාලනයකුත් ඇත.ජනතාව තෝරාගත යුත්තේ කවුද ? (නි)
පිවිතුරු යහපාල, මැදමුලනේ වලව්වට වැඩකරන්න යන්නකෝ (නි)
පිවිතුරු යහපාලට එයාගේ හීනය දකින්න දෙන්න. ඇයි අනිත් අය කලබල වෙලා. පිවිතුරු යහපාලගේ සිහිනය සැබෑ කරනවද නැද්ද කියලා ජනතාව තීරණය කරයි (නි)
වැඩ නොකරන අය වැඩ කළ අයගේ වැඩ විවේචනය කරයි. වැරදි වුණත් මහින්ද මහතා රට බේරාගෙන රටට කළ හොඳ දෙය අමතක කළ අයට යළි තමන් ගත් තීරණ වැරදි බව මතක්වෙනු ඇත. (නි)
අනේ පව් වෙන කියන්න දෙයක් නැහැ (බ)
අපි නම් කිව්වා ඉතින් ඡන්දේ දින්නේ බහුතර සුළු ජාතික ඡන්ද වලින් කියලා...කට්ටිය කිව්වා නෑමයි කියල..ඔය දැන් ඒගොල්ලොත් එහෙමම කියන්නේ..(ම)
ජනපති සිරකරුවෙකු නොවිය යුතුයි (ම)