‘පසුගිය සති දෙක තුනේදි මේ ආණ්ඩුව පෙරළන්න හැදුවා. පෙරළන්න හැදුවේ මාධ්‍යයෙන්. ජනතාව නෙමෙයි මේක කළේ. මාධ්‍යයෙන් පුම්බලා අපි පෙරළන්න මේගොල්ලෝ හිතුවා. සමහර කර්තෘවරු ලෑස්තිවෙලා හිටියා අලුත් ආණ්ඩුව ආවාම මහින්ද රාජපක්ෂ අගමැති වුණාම ඒගොල්ලන්ට ලැබෙන තොරතුරු මොනවාද කියලා. අපිත් ඔක්කොම බලාගෙන හිටියා‘ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (6) කැලණියේ දී පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ කැලණිය ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමට එක්වෙමින් අගමැතිවරයා මේ බව කීය. කැලණිය වරාගොඩ පාරේ නුංගමුගොඩ මංසන්ධිය අසල තෙමහල් ගොඩනැගිල්ලක නව එජාප කාර්යාලය පිහිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර අපි හිතන් හිටයේ මෙයාට හොඳ මොලයක් තියෙන හොඳ වැඩකාරයෙක් කියලයි. දැන් බලන් යනකොට මහදැන මුත්තාගේ මොලේ වගෙයි මෙයාගේ එකත්! (අ)
ආණ්ඩුව පෙරළන්න පුලුවන් මිනිසුන්ට (නි)
අනේ මන්දා මේ කතා! (නි)
දැන් කාලයේ පත්තර නිදහසක් නැහැ, ආණ්ඩුව ගැන හොද කිව්වොත් විතරයි පල වෙන්නේ. කරුණාකර මෙය හදන්න. (ර)
ටයිටැනික් නැව හදපු අය කීවෙත් එක ගිලෙන්නේ නැහැ කියලා. (ර)
අනේ මෙයාලාගේ ප්‍රලාප අහලා අහලා දැන් නම් ඇති වෙලා හොඳටම. මොනවා හරි මොලේ ඇති දෙයක් ඉඳල හිටලා හරි කියන්නකෝ පොඩ්ඩක් හරි හිත සැනසෙන්න. (ර)
ඡන්දයක් තියන්නකෝ බලාගන්න පුලුවන් සහසුද්දෙටම. (නි)
චමීර, ඔයාගේ අදහස දැනට අවුරුදු දෙකකට කලින් නම් හරි. (නි)
ජනතාව ආණ්ඩුව පෙරළාවි. ඡන්දෙ තියලා බලන්නකෝ. (නි)
කවුරුත් එකය. වෙනසක් නැත. මුලින් බොරු කියා පසුව නිවැරදි කරයි (නි)
අනේ මන්දා මොනවා කියනවද කියලා (නි)
පත්තර වලින් කරන්නේ රජයේ වැරදි අඩුපාඩු පෙන්වාදීමයි. ආණ්ඩු පෙරළීමක් නොවේ. (නි)
මොවුන් කියනවා අපි අහනවා. කොළ පාට,රතු පාට, නිල් පාට. කවදාද මහජනතාවගේ ස්වාධීන අදහස් වලට ඉඩදෙන්නේ. (නි)
ජනතාවගේ හඬ නියෝජනය කරන්නේ මාධ්‍යයෙන් බව අමතකවෙලා හැඩයි. (නි)
කාගෙ කාගෙත් හැටි අපි දැන් දන්නවා (නි)
මෙවන් කතා ගැන කණගාටුයි (නි)
ඕක මොකක්ද, ඇමෙරිකානු මාධ්‍යය හිලරි ජනාධිපතිත් කළේ. (නි)
මාධ්‍යයට ඇති බලය මේ රජය තවම හරියට දන්නෙ නැහැ (නි)
බමුණු,. ඔබ ඔය කඩේ යනු සමඟම ජනවාරි 8 වෙනිදා ජනතාව ගෙදරම ඇරියා. ඔබ මොනතරම් ඔවුන් වෙනුවෙන් කැස්සත් ජනතාව ඔවුන්ට රටේ පාලන බලය ලබාදෙන්න සුදානම් නැහැ (නි)