IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘ආණ්ඩුවේ දින 100 ඉවරයි : දැන් තියෙන්නේ අපේ දින 100‘

පසුගිය ජනපතිවරණයට පෙර 2014 නොවැම්බර් 21 වැනි දින මාධ්‍ය හමුවක් පවත්වමින් ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා (දැන් ජනපති) තමා ජයග්‍රහණය කළහොත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් කරන බවට කළැයි කියන ප්‍රකාශය අල්ලස් දීමක් බව කියමින් පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල අද (13) පස්වරු 3ට අල්ලස් කොමිසමට පැමිණිල්ලක් බාර දුන්නේය.

1981 අංක 15 දරණ ජනාධිපතිවරණ පනත අනුව ජනාධිපතිවරණයේදී තමන්ගේ ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහා තනතුරු පොරොන්දු වීම, තනතුරු ලබාදීම මෙන්ම තනතුරු බාර ගැනීම ද අල්ලස් වරදක්වේ. ඒ අනුව ජනාධිපති සිරිසේන මහතා ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා කටයුතු කිරීම වෙනුවෙන් තනතුරක් පොරොන්දු වීම සහ ලබාදීම යන වැරදි ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තනතුරක් භාර ගැනීම යන වරදද සිදු කර ඇතැයි පැමිණිල්ලේ දැක්වේ.

‘ආණ්ඩුවේ දින 100 ඉවරයි. දැන් තියෙන්නේ අපේ දින 100. මෙතැන් පටන් සතිපතා අපි අල්ලස් කොමිසමට ඇවිත් දින 100ත් ඊට පෙරත් සිදුවුණු දූෂණ ගැන පැමිණිලි කරනවා‘ යැයි ගම්මන්පිල එහිදී පැවසීය.

6efe2fcbc187d0604faaa04444d1b04cf66ed5c2ef92a246e3e789d88c1ce2cd 25caa0a58254153b03ac683ce4f579eead0957d98eaeab0700efe4b0b6e0f6fe 689be92819841f7af40c78cedcbe147ace9b7b3a5b8884e932248f9741fabf95 eb707c17f1711fad5e0d17906a0a4677070bbc7c4c16787dbd46781590e87575

 

ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක



අදහස් (0)

‘ආණ්ඩුවේ දින 100 ඉවරයි : දැන් තියෙන්නේ අපේ දින 100‘

විජයබාහු Wednesday, 13 May 2015 01:05 PM

තුෂාරගේ ඔලුව කොහේහරි වැදිලා මම හිතන්නේ. (නි)

:       0       0

ලාල් Wednesday, 13 May 2015 01:08 PM

ගම්මන්පිල ගිය උඩ! (නි)

:       0       0

පුබුදු Wednesday, 13 May 2015 01:12 PM

ආයෙමත් රු 100 ක් ඉල්ලන්නද කොහෙද වහෙන් ඔරෝ එන්නේ...(නි)

:       0       0

මෙත්සාර Wednesday, 13 May 2015 01:20 PM

ඇත්තටම හිටපු ජනාධිපති තුමා තිස්ස අත්තනායක මහත්මයට දුන්නු චන්ද අල්ලසට නම්, නඩු දාන්නම ඕනා. (අ)

:       0       0

සමන්ති Wednesday, 13 May 2015 01:25 PM

ඡන්දෙට මුදල් ඉල්ලා ගැනීමත් අල්ලසක්ද? (අ)

:       0       0

තිලක් Wednesday, 13 May 2015 01:39 PM

අල්ලස් කොමිසමට වැඩ තියෙනවා. අල්ලස් කොමිසමට බොරු පැමිණිලි කිරීම යටතේ නඩු වැටෙන්නත් පුළුවන් බලාගෙන මහත්තයෝ (නි)

:       0       0

ජයලාල් Wednesday, 13 May 2015 01:47 PM

නරකද නඩු ගාස්තුවට ආයෙත් රුපියක් 100 ගානේ එකතුකර ගත්තා නම් දැන්මම. (නි)

:       0       0

ලාල් Wednesday, 13 May 2015 02:21 PM

මේ ලෙඩේට බෙහෙත් නැත (අ)

:       0       0

ජයතු Wednesday, 13 May 2015 02:23 PM

කුඩු ඒතනොල් සුදුව වැනි බයානක දුසිරිත් වලින් රටෙි ජනතාවත් දරුවන්වත් පත් කල මහින්දට කඩෙි යන මොවුන් ජාති දේාහින්ය. (අ)

:       0       0

ජයලාල් Wednesday, 13 May 2015 02:28 PM

කෝ කෝ කෝ දින සියය නෙවෙයි ඉක්මනට රුපියක් 100 ක් සමාදම් කරන්න කට්ටිය . (කේ)

:       0       0

සුසිලා ජයන්තිමාල Wednesday, 13 May 2015 02:41 PM

ගෙම්මන්පිල මහතාණනි, බෙන්ගමුවේ නාලක හාමුදුරුවොත් කිව්වේ,ඔයවගේ කතා තමයි. (අ)

:       0       0

සිරිබිරිස් Wednesday, 13 May 2015 03:07 PM

ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිව කියල තියෙනවා මෛත්‍රිපාල මහතා ජානාධිපති උනාම රනිල් මහත්තයව අගමැති කරන බව. ලක්ෂ 62 ක ජනතාව චන්දය දුන්නේ ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයට. හෙන ලොකුවට කයිවාරු ගහල මේකද දාපු පැමිණිල්ල ? අනේ මන්ද මේවට හිනාවෙන්නද අඩන්නද කියල... (කේ)

:       0       0

චමින්ද Wednesday, 13 May 2015 03:14 PM

බලමුකෝ අල්ලස් කොමිසම ක්‍රියාත්මකවෙන ආකාරය.ඔබට ජය වේවා ගම්මන්පිල මැතිදුණි (නි)

:       0       0

අබේරත්න ටෝකියෝ Wednesday, 13 May 2015 03:34 PM

සුසිලා වැදගත් කෙනෙකුගේ නමට වෙනත් දෑ ආදේශ කරන්න එපා. එතකොට ජයන්තිමාලා අන්ගුලිමලා වෙනවා. (කේ)

:       0       0

මහානාම - කඳාන Wednesday, 13 May 2015 04:09 PM

වැදගත් වෙන්නේ මේ වගේ මාද්‍ය සන්ධර්ශන , පලි ගැනීම් හෝ එකට එක කිරීම් නොවේ . රට මුහුණ පා ඇති ජාතික හා ජාත්‍යන්තර ප්‍රසන තේරුම් අරගෙන් ඒවාට කල් පවතින තිර සාර විසදුම් යෝජනා කිරීමයි (කේ)

:       0       0

පෙරි Wednesday, 13 May 2015 04:21 PM

මෝඩ කමට බෙහෙත් නැහැ කියන්නේ ඕකට, මිනිස්සු ලක්ස 62 ක් ජන්දේ දුන්නේ ඒ පොරොන්දුවට (කේ)

:       0       0

සුමුදු හේවා Wednesday, 13 May 2015 07:42 PM

බටගල සහ පෙරී, ජනවාරියේ තිබුනේ ජනාධිපතිවරණයකි. එයින් පත්විය යුත්තේ ජනාධිපති කෙනෙකි. ඒ වන විට ජනතා ඡන්දයෙන් පත්කෙරුණු ඉදිරියට දෙවර්ෂයක ධුර කාලයක් ඉතිරිව තිබුණු පාර්ලිමේන්තුවක්ද අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයක්ද විය. ඒ සියල්ල එසේම තිබියදී පොදු අපේක්ෂක ලෙස තෝරාගැනීම වෙනුවෙන් දුන් පෞද්ගලික පොරොන්දුවක් මත අලුතෙන් සුළුතරයේ අගමැති කෙනෙක් පත්කිරීම කිසිදු රටක සිදු නොවුණ කිසිදු පිළිගත් නීතියකට රීතියකට හෝ සම්ප්‍රදායකට හෝ එකඟ නොවන ක්‍රියාවකි. ජනාධිපතිවරණයේදී මොහුට ඡන්දය දුන් ඡන්දදායකයන් මෙය දැන සිටියත් නැතත් පොදු ජනාධිපති අපේක්ෂකකම ලබාදීම වෙනුවෙන් ජයලද පසු තනතුරක් ලබාදීමට පොරොන්දුදීමත් දිනු පසු එය ලබාදීමත් ලබාගැනීමත් අල්ලසක්ම නොවන්නේද? (නි)

:       0       0

නදීකා Wednesday, 13 May 2015 07:45 PM

එහෙනම් අපි වැඩ පටන්ගනිමු නේද? (නි)

:       0       0

රුවන් Wednesday, 13 May 2015 07:45 PM

දැන් අපේ කාලයයි (නි)

:       0       0

ප්‍රභාත් Wednesday, 13 May 2015 10:50 AM

ඔබතුමාට ජයවේවා! (නි)

:       0       0

බටගල Wednesday, 13 May 2015 11:00 AM

එයා කවුද කියලා එයාවත් දන්නවද දන්නේ නැහැ. හිතට අරගෙන තියෙන්නේ නම් ලංකාවේම ඉන්න දක්ෂම දේශපාලකයා කියලා වගෙයි. මීළඟ මැතිවරණය සියල්ල තීන්දු කරාවි. (නි)

:       0       0

තුෂාර Wednesday, 13 May 2015 11:06 AM

රජයේ නිලධාරීන් තමන්ගේ ඡන්ද වැඩට යොදා ගැනීමත් බලපතල වැරැද්දක් . ආරක්ෂක ලේකම් කියන්නේ රජයේ නිලධාරියෙක්. (හේ)

:       0       0

ඇල්ලේ කුඩාබණ්ඩා Wednesday, 13 May 2015 11:11 AM

කතාව ඇත්ත. මැතිවරණයට ආ ගමන්ම එහෙම පොරොන්දුවක් ගැන ප්‍රසිද්ධියේ කිවුවානේ. කිවුවා වගේම කළානේ. (නි)

:       0       0

තරංග Wednesday, 13 May 2015 11:13 AM

මට හිතෙන්නේ ගොඩක් අයගේ දැන් මොළ අවුල්වෙලා කියලා. මීටවැඩිය කොච්චර දේවල් පොරොන්දුවුණ අය ඉන්නවද? ඇයි ඒවාට නඩු දාන්නේ නැත්තේ? (නි)

:       0       0

ප්‍රදීප් Wednesday, 13 May 2015 11:14 AM

මේ මොකද මේ? (නි)

:       0       0

වසන්ත Wednesday, 13 May 2015 11:15 AM

මේ උත්සාහය සන්ධානෙන් පාර්ලිමේන්තු යන්න වෙන්න ඇති නේද සර්.(හේ)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 13 May 2015 11:17 AM

මේ මිනිස්සු හැබෑවටම උගත්තුද?(හේ)

:       0       0

මාධවී Wednesday, 13 May 2015 11:28 AM

ඔබට ජය.(හේ)

:       0       0

සිසිර Wednesday, 13 May 2015 11:30 AM

ගම්මන්පිල ඔබ දේශපාලනයේ සිටිය යුතු නායකයෙක් . ඔබ කෙලින් කතා කරන බය නැති බුද්ධිමත් නායකයෙක් . ඔබට අපේ සුබ පැතුම් .(හේ)

:       0       0

කුමාර Wednesday, 13 May 2015 11:38 AM

මොනවා නම් කරනවද මන්දා? (නි)

:       0       0

නෙත්මි Wednesday, 13 May 2015 11:39 AM

ගම්මන්පිල ගැන නම් අපි දන්නවා. ඒත් මධුමාධව ගැන දැනගත්තේ දැන්නේ (නි)

:       0       0

සරත් Wednesday, 13 May 2015 11:47 AM

ජය වේවා ගම්මන්පිල මහත්මයා.(හේ)

:       0       0

සුමිත් Wednesday, 13 May 2015 11:55 AM

කෙලින් කතා කරන බය නැති බුද්ධිමත් නායකයෙක්,ඔබට අපේ සුබ පැතුම් !(හේ)

:       0       0

සිසිර Wednesday, 13 May 2015 12:02 PM

කතාව ඇත්තනේ .(හේ)

:       0       0

සංජීව Wednesday, 13 May 2015 12:04 PM

අනේ මට නම් හිනායනවා මේවා දකිනකොට. (නි)

:       0       0

බටගල Wednesday, 13 May 2015 12:19 PM

ජනතාවගේ වැඩි කැමැත්ත ලැබුන තීරණයක් පිළිබඳ අධිකරණය හමුවේ අභියෝග කරන්න පුලුවන්ද කියන එක නීතිය ගැන දැනීමක් නැති මට හිතෙනවා. එහෙනම් ජනමත විචාරණයත් නඩු මාර්ගයෙන් වෙනස් කරන්න පුළුවන් වේවි නේද? (නි)

:       0       0

ඉන්දික Wednesday, 13 May 2015 12:19 PM

සංජීව, ඔයාට හිනාගියේ මේකට විතරද? (නි)

:       0       0

රාජා ගුණවර්ධන Wednesday, 13 May 2015 12:20 PM

ඔබගේ උත්සාහය සාර්ථක වේවා! (නි)

:       0       0

කපිල Wednesday, 13 May 2015 12:22 PM

ගම්මන්පිල රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් බය නැතිව කතා කරන සුළු පිරිසෙන් කෙනෙක්.(හේ)

:       0       0

පීරිස් Wednesday, 13 May 2015 12:31 PM

තිස්ස අත්තනායකගෙ පත්වීම අල්ලසක් නම් තවත් පත්වීම් තිබෙනවා අල්ලස් වෙන. රටේ ජනතාව බලාගෙන ඉන්නවා තිස්සව දින 14ක් රිමාන්ඩ් කළා මෙන්ම ඒ අයටත් ඵ් අාකාරයටම වෙයි කියලා (නි)

:       0       0

උදාර Wednesday, 13 May 2015 12:38 PM

එක්කෝ මේ අයට පිස්සු නැත්නම් අපට පිස්සු. (හේ)

:       0       0

කුමාර Wednesday, 13 May 2015 12:40 PM

ඒක තමයි. දැන් අපේ වාරය... (නි)

:       0       0

පුෂ්පකුමාර Wednesday, 13 May 2015 12:43 PM

මේවට අපිට හොඳටම හිනායනවා අනේ (නි)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 13 May 2015 12:44 PM

පැහැදිලිව සාක්ෂි සහිතව ඔප්පු කළ හැකි තර්කයක්. මඩ සහ පච නෙමෙයි.ඔර්ජිනල් සත්‍යය.බලමුකෝ අල්ලස් කොමිසම ක්‍රියාත්මකවෙන ආකාරය.ඔබට ජය වේවා ගම්මන්පිල මැතිදුණි! (නි)

:       0       0

රොහාන් Wednesday, 13 May 2015 01:01 PM

රුපියල් 100 ඒවත් අල්ලස් නෙමෙයිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 58 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site