පසුගිය ජනපතිවරණයට පෙර 2014 නොවැම්බර් 21 වැනි දින මාධ්‍ය හමුවක් පවත්වමින් ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා (දැන් ජනපති) තමා ජයග්‍රහණය කළහොත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් කරන බවට කළැයි කියන ප්‍රකාශය අල්ලස් දීමක් බව කියමින් පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල අද (13) පස්වරු 3ට අල්ලස් කොමිසමට පැමිණිල්ලක් බාර දුන්නේය.
1981 අංක 15 දරණ ජනාධිපතිවරණ පනත අනුව ජනාධිපතිවරණයේදී තමන්ගේ ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහා තනතුරු පොරොන්දු වීම, තනතුරු ලබාදීම මෙන්ම තනතුරු බාර ගැනීම ද අල්ලස් වරදක්වේ. ඒ අනුව ජනාධිපති සිරිසේන මහතා ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා කටයුතු කිරීම වෙනුවෙන් තනතුරක් පොරොන්දු වීම සහ ලබාදීම යන වැරදි ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තනතුරක් භාර ගැනීම යන වරදද සිදු කර ඇතැයි පැමිණිල්ලේ දැක්වේ.
‘ආණ්ඩුවේ දින 100 ඉවරයි. දැන් තියෙන්නේ අපේ දින 100. මෙතැන් පටන් සතිපතා අපි අල්ලස් කොමිසමට ඇවිත් දින 100ත් ඊට පෙරත් සිදුවුණු දූෂණ ගැන පැමිණිලි කරනවා‘ යැයි ගම්මන්පිල එහිදී පැවසීය.
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුෂාරගේ ඔලුව කොහේහරි වැදිලා මම හිතන්නේ. (නි)
ගම්මන්පිල ගිය උඩ! (නි)
ආයෙමත් රු 100 ක් ඉල්ලන්නද කොහෙද වහෙන් ඔරෝ එන්නේ...(නි)
ඇත්තටම හිටපු ජනාධිපති තුමා තිස්ස අත්තනායක මහත්මයට දුන්නු චන්ද අල්ලසට නම්, නඩු දාන්නම ඕනා. (අ)
ඡන්දෙට මුදල් ඉල්ලා ගැනීමත් අල්ලසක්ද? (අ)
අල්ලස් කොමිසමට වැඩ තියෙනවා. අල්ලස් කොමිසමට බොරු පැමිණිලි කිරීම යටතේ නඩු වැටෙන්නත් පුළුවන් බලාගෙන මහත්තයෝ (නි)
නරකද නඩු ගාස්තුවට ආයෙත් රුපියක් 100 ගානේ එකතුකර ගත්තා නම් දැන්මම. (නි)
මේ ලෙඩේට බෙහෙත් නැත (අ)
කුඩු ඒතනොල් සුදුව වැනි බයානක දුසිරිත් වලින් රටෙි ජනතාවත් දරුවන්වත් පත් කල මහින්දට කඩෙි යන මොවුන් ජාති දේාහින්ය. (අ)
කෝ කෝ කෝ දින සියය නෙවෙයි ඉක්මනට රුපියක් 100 ක් සමාදම් කරන්න කට්ටිය . (කේ)
ගෙම්මන්පිල මහතාණනි, බෙන්ගමුවේ නාලක හාමුදුරුවොත් කිව්වේ,ඔයවගේ කතා තමයි. (අ)
ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිව කියල තියෙනවා මෛත්‍රිපාල මහතා ජානාධිපති උනාම රනිල් මහත්තයව අගමැති කරන බව. ලක්ෂ 62 ක ජනතාව චන්දය දුන්නේ ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයට. හෙන ලොකුවට කයිවාරු ගහල මේකද දාපු පැමිණිල්ල ? අනේ මන්ද මේවට හිනාවෙන්නද අඩන්නද කියල... (කේ)
බලමුකෝ අල්ලස් කොමිසම ක්‍රියාත්මකවෙන ආකාරය.ඔබට ජය වේවා ගම්මන්පිල මැතිදුණි (නි)
සුසිලා වැදගත් කෙනෙකුගේ නමට වෙනත් දෑ ආදේශ කරන්න එපා. එතකොට ජයන්තිමාලා අන්ගුලිමලා වෙනවා. (කේ)
වැදගත් වෙන්නේ මේ වගේ මාද්‍ය සන්ධර්ශන , පලි ගැනීම් හෝ එකට එක කිරීම් නොවේ . රට මුහුණ පා ඇති ජාතික හා ජාත්‍යන්තර ප්‍රසන තේරුම් අරගෙන් ඒවාට කල් පවතින තිර සාර විසදුම් යෝජනා කිරීමයි (කේ)
මෝඩ කමට බෙහෙත් නැහැ කියන්නේ ඕකට, මිනිස්සු ලක්ස 62 ක් ජන්දේ දුන්නේ ඒ පොරොන්දුවට (කේ)
බටගල සහ පෙරී, ජනවාරියේ තිබුනේ ජනාධිපතිවරණයකි. එයින් පත්විය යුත්තේ ජනාධිපති කෙනෙකි. ඒ වන විට ජනතා ඡන්දයෙන් පත්කෙරුණු ඉදිරියට දෙවර්ෂයක ධුර කාලයක් ඉතිරිව තිබුණු පාර්ලිමේන්තුවක්ද අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයක්ද විය. ඒ සියල්ල එසේම තිබියදී පොදු අපේක්ෂක ලෙස තෝරාගැනීම වෙනුවෙන් දුන් පෞද්ගලික පොරොන්දුවක් මත අලුතෙන් සුළුතරයේ අගමැති කෙනෙක් පත්කිරීම කිසිදු රටක සිදු නොවුණ කිසිදු පිළිගත් නීතියකට රීතියකට හෝ සම්ප්‍රදායකට හෝ එකඟ නොවන ක්‍රියාවකි. ජනාධිපතිවරණයේදී මොහුට ඡන්දය දුන් ඡන්දදායකයන් මෙය දැන සිටියත් නැතත් පොදු ජනාධිපති අපේක්ෂකකම ලබාදීම වෙනුවෙන් ජයලද පසු තනතුරක් ලබාදීමට පොරොන්දුදීමත් දිනු පසු එය ලබාදීමත් ලබාගැනීමත් අල්ලසක්ම නොවන්නේද? (නි)
එහෙනම් අපි වැඩ පටන්ගනිමු නේද? (නි)
දැන් අපේ කාලයයි (නි)
ඔබතුමාට ජයවේවා! (නි)
එයා කවුද කියලා එයාවත් දන්නවද දන්නේ නැහැ. හිතට අරගෙන තියෙන්නේ නම් ලංකාවේම ඉන්න දක්ෂම දේශපාලකයා කියලා වගෙයි. මීළඟ මැතිවරණය සියල්ල තීන්දු කරාවි. (නි)
රජයේ නිලධාරීන් තමන්ගේ ඡන්ද වැඩට යොදා ගැනීමත් බලපතල වැරැද්දක් . ආරක්ෂක ලේකම් කියන්නේ රජයේ නිලධාරියෙක්. (හේ)
කතාව ඇත්ත. මැතිවරණයට ආ ගමන්ම එහෙම පොරොන්දුවක් ගැන ප්‍රසිද්ධියේ කිවුවානේ. කිවුවා වගේම කළානේ. (නි)
මට හිතෙන්නේ ගොඩක් අයගේ දැන් මොළ අවුල්වෙලා කියලා. මීටවැඩිය කොච්චර දේවල් පොරොන්දුවුණ අය ඉන්නවද? ඇයි ඒවාට නඩු දාන්නේ නැත්තේ? (නි)
මේ මොකද මේ? (නි)
මේ උත්සාහය සන්ධානෙන් පාර්ලිමේන්තු යන්න වෙන්න ඇති නේද සර්.(හේ)
මේ මිනිස්සු හැබෑවටම උගත්තුද?(හේ)
ඔබට ජය.(හේ)
ගම්මන්පිල ඔබ දේශපාලනයේ සිටිය යුතු නායකයෙක් . ඔබ කෙලින් කතා කරන බය නැති බුද්ධිමත් නායකයෙක් . ඔබට අපේ සුබ පැතුම් .(හේ)
මොනවා නම් කරනවද මන්දා? (නි)
ගම්මන්පිල ගැන නම් අපි දන්නවා. ඒත් මධුමාධව ගැන දැනගත්තේ දැන්නේ (නි)
ජය වේවා ගම්මන්පිල මහත්මයා.(හේ)
කෙලින් කතා කරන බය නැති බුද්ධිමත් නායකයෙක්,ඔබට අපේ සුබ පැතුම් !(හේ)
කතාව ඇත්තනේ .(හේ)
අනේ මට නම් හිනායනවා මේවා දකිනකොට. (නි)
ජනතාවගේ වැඩි කැමැත්ත ලැබුන තීරණයක් පිළිබඳ අධිකරණය හමුවේ අභියෝග කරන්න පුලුවන්ද කියන එක නීතිය ගැන දැනීමක් නැති මට හිතෙනවා. එහෙනම් ජනමත විචාරණයත් නඩු මාර්ගයෙන් වෙනස් කරන්න පුළුවන් වේවි නේද? (නි)
සංජීව, ඔයාට හිනාගියේ මේකට විතරද? (නි)
ඔබගේ උත්සාහය සාර්ථක වේවා! (නි)
ගම්මන්පිල රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් බය නැතිව කතා කරන සුළු පිරිසෙන් කෙනෙක්.(හේ)
තිස්ස අත්තනායකගෙ පත්වීම අල්ලසක් නම් තවත් පත්වීම් තිබෙනවා අල්ලස් වෙන. රටේ ජනතාව බලාගෙන ඉන්නවා තිස්සව දින 14ක් රිමාන්ඩ් කළා මෙන්ම ඒ අයටත් ඵ් අාකාරයටම වෙයි කියලා (නි)
එක්කෝ මේ අයට පිස්සු නැත්නම් අපට පිස්සු. (හේ)
ඒක තමයි. දැන් අපේ වාරය... (නි)
මේවට අපිට හොඳටම හිනායනවා අනේ (නි)
පැහැදිලිව සාක්ෂි සහිතව ඔප්පු කළ හැකි තර්කයක්. මඩ සහ පච නෙමෙයි.ඔර්ජිනල් සත්‍යය.බලමුකෝ අල්ලස් කොමිසම ක්‍රියාත්මකවෙන ආකාරය.ඔබට ජය වේවා ගම්මන්පිල මැතිදුණි! (නි)
රුපියල් 100 ඒවත් අල්ලස් නෙමෙයිද? (නි)