‘ජනාධිපතිවරණය අවසන්වූ වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවා අලුත් තත්ත්වයට සංක්‍රමණය විය යුතුයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ජාතික විධායක සභාවේ කාර්යය දැන් අවසන්.‘ යැයි ජාතික විධායක සභාවේ මාධ්‍ය ප්‍රකාශක හා ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කීවේය.
මේ වන විට තොරතුරු දැන ගැනීමේ පනත පිළිබඳ එකඟතාවයකට පැමිණ ඇති අතර පාර්ලිමේන්තුවට ඉතිරි කටයුතු කිරීම අවශ්‍යයි. ජාතික විගණන කොමිසම් සභා පනත, මන්ත්‍රීවරුන්ගේ ආචාරධර්ම පද්ධතිය, වංචා දූෂණ සිදුකළ අයට දඬුවම් ලබාදීමට පැමිණිලි , මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ආදී සියල්ල ජාතික විධායක සභාවේ සාකච්ඡාවට බඳුන් කර ඒවා පිළිබඳ විධායක සභාවේ කාර්යය අවසන් බවත් ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඉදිරි කටයුතු සිදු කිරීම ආණ්ඩුවේ කටයුත්තක් බව හා විධායක සභාවේ කාර්යය හා කාලය අවසන්වී ඇති බැවින් තව දුරටත් එය පවත්වාගෙන යාම අර්ථ විරහිත දෙයක් බවත් අනුර කුමාර දිසානායක මහතා පවසයි. විධායක සභාවේ පමණක් නොව ආණ්ඩුවේ කාලයද අවසන් බවත් මැතිවරණයක් පැවැත්වීම අවශ්‍ය බවත් ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්, ඔව් මහින්ද මෛතී‍්‍රපාල එකතුව ඡන්දයකට ගිහින් දිනන්නට පෙර රනිල්ට වාසිවෙන ඉක්මන් ඡන්දයකට ගොස් රනිල් පත්කරගන්නට ජෝන් කෙරීගෙ උපදෙස් අනුව කටයුතු කරන්නට ජවිපෙට සිදුව ඇතිබව ප්‍රසිද්ධ රහසක්.(නදී)
සත්‍යපාල,බයිලා කියන්න එපා. (නි)
තමන් කළ වැරදි අමතකකර අද සුදනන් වී සිටින සැවොම ගෙදර යැවීමට මහා මැතිවරණයක් ලැබේවා! ජනතාවට නුවණ පහළවේවා! (නි)
දැන් ඔක්කොම හරි. බලාගෙන ඇත්තේ මැතිවරනේදී දෙපැත්තම එපා වුනු අය පෝලිමේ ඇවිත් ජේ වී පි එකට කතිරේ ගහාවී කියල වෙන්න ඇති. (නදී)
ආණ්ඩුවේ කාලෙත් ඉවරයි, ජේ.වී/පී කාලෙත් ඉවරයි.(නදී)