‘රනිල්-මෛත‍්‍රී හවුල් ආණ්ඩුව කරමින් තිබෙන්නේ රටේ ජනතාවට අයිති දේපළ විකුණා එදාවේල සරිකර ගැනීමක් පමණයි. රටේ වටිනා සම්පත්, රාජ්‍ය ආයතන විකුණා ඈවර කිරීම තමයි වර්තමාන ආණ්ඩුවේ ආර්ථික උපායමාර්ගය වෙලා තියෙන්නේ. අපේ රට පාලනය කරපු පාලකයින් මීට කලිනුත් අපේ රටේ දේපළ විකිණීම මගින් ආර්ථිකය ගොඩගන්න පුළුවන් කියලා මතයක් ගොඩනැ`ගුවා. අද වර්තමාන ආණ්ඩුව අලූත් සංකල්පයක් ගෙනත් තිබෙනවා රාජ්‍ය-පෞද්ගලික ඒකාබද්ධ ව්‍යවසාය කියලා. ඒ නමින් රාජ්‍ය දේපළ කොම්පැනිවලට විකුනන්න යනවා. මේ විදිහට එකම විස ටොපිය විවිධ දවටනවල ඔතලා ජනතාව ඉදිරියට ගෙනාවා‘ යැයි ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා අද (15) පැලවත්ත පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘ආණ්ඩුවේ වෙන්දේසි ලැයිස්තුවේ ප‍්‍රධාන එකක් තමයි හම්බන්තොට වරාය. භූමි පිහිටීම අනුව හම්බන්තොට දියුණු කළ හැකි වරායක්. පිහිටීම අනුව වරායක් ඉදිකිරීම සඳහා මුලින්ම කැබිනට් පත‍්‍රිකාව ආවේ චන්ද්‍රිකා ආණ්ඩුව සමයේ. ඒ වෙනකොට අපිත් කැබිනට් එකේ හිටියා. නැව් තෙල් සැපයීම, ජලය, ආහාර වැනි සේවා සපයන වරායක් බවට පත්කිරීමට තමයි පළමු යෝජනාව තිබුණේ. නමුත් රාජපක්ෂ පාලනය භාණ්ඩ හුවමාරු කරන වරායක් බවට පත් කළා. දැන් හම්බන්තොට වරාය විකිණීමට ප‍්‍රධාන තර්ක දෙකක් ගේනවා. එකක් තමයි නැව් එන්නේ නැහැ කියන එක. අනෙක් කරුණ ණය බර. කුමන හෝ නැවක් වරායට ඇතුල් කරන විට එම වරායේ අයිතිය පිළිබඳව හොයා බලන්නේ නැහැ. ඒ නිසා වරාය විකුණුවා කියලා නැව් නැති එකට විසඳුමක් ලැබෙන්නේ නැහැ. නමුත් වරාය ආණ්ඩුව යටතේ තබාගෙන සේවා සපයන ස්ථානයක් ලෙස දියුණු කළ හැකි අතර එයින් විශාල ලාභයක් ලබා ගත හැකියි. එසේ තිබියෙදී තමයි විකුණන්න හදන්නේ‘ යැයි ද ජවිපෙ නායකයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මෙයාලා නින්දෙන් ඇහැරිලා! අනේ අපිට මේවට හිනායනවා (නි)
යහපාලයනට ආණ්ඩුවක් හදන්න කඩේ ගිහින් ,ඔයාලත් මේ පාප කාර්ම වලට හවුල් නේද? 88/89 කාලේ රාජ්‍ය දේපල ගිනි තියපුවා ,විකුණන් කන එකට වඩා විනාශයක් නේද (බ)
ජවිපෙ කවදත් ජනතාවගේ පැත්තේ ඉඳන් ජනතාවට සත්‍ය පෙන්වා දෙන්න උත්සහ කරනවා. උපන්දාකට පැණිරස නොකාපු ජනතාවකට පැණිරස කියලදෙන්න හදනවා.නමුත් ජනතාව ආසම කුණු රසට නිසා, හැමදාම කුනුරසම සොයා සොයා විඳවනවා. මුන්ව එපා වුනාම අරුන්ව ගේනවා. අරුන්ව එපා වුනාම මුන්ව අායෙත් ගේනවා. (බ)
පෙර ආණ්ඩුව රට උගස් කරලනේ සංවර්ධනේ කළේ. මේ ආණ්ඩුව දැන් උගස් කරපු රට බද්දට දෙනවා ණය ගෙවාගන්න බැරි නිසා (බ)
ඔබතුමාට ඕක දැන් තේරුනාට, අපි නම් ඕක දන්නේ 2002 කටත් කලින් ඉඳල, හැබැයි මේ කාලෙක ඉඳල ඔබතුමා කියන දේවල් තේරුම් ගන්න හරිම අමාරුයි (බ)
ජවිපෙ කිව්වේ මහින්දව පරද්දන්න සහ පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ජවිපෙට දෙන්න කියල. රෝමේෂ්ගේ අදහසට මන් සම්පුර්ණයෙන්ම එකගයි. උපන් දා ඉදන් දුක්විදින, ජීවිතයේ සතුට සැනසිල්ල කියන්නේ මොකක්ද දන්නේ නැති, ප්‍රශ්නවලින් මිරිකිලා ඉන්න මිනිස්සුන්ට, තමුන්ට එහෙම වෙලා තියන්නේ මොකක් නිසාද කියල තේරුම් ගන්න බැරිවීම ගැන මට තියන්නේ කලකිරීමක් , දුකක් විතරයි. (බ)
ජවිපෙ හැමවිටම ඇත්ත පවසනවා. ජනතාව මේවා තේරුම්ගන්නෙ නැහැ (නි)
මේ විදිහට එකම විස ටොෆිය විවිධ දවටන වල ඔතලා ජනතාව ඉදිරියට ගෙනෙන බව පළපුරුදු ජනතාවාදී දේශපාලකයින් විදියට හංකාවිසියක්වත් මේ රජය පත්කිරීමට පෙර ඔබලාට දැනුනේ නැද්ද (නි)
දැන්ද දැනගත්තේ? (නි)
ඕනෑම ප්‍රශ්නයක් එක එක පැති වලින් බලලා තර්ක කරන්න පුළුවන්. විපක්ෂයේ ඉඳිද්දි අති පණ්ඩිත කතා කියන කාටවත් බලය ලැබුනම කියපු දේ වලින් එකක්වත් කර ගන්න බැහැ. සහෝදරයා, තර්ක එපා. පුළුවන් දෙයක් තියනවා නම් රටට කරලා පෙන්නන්න. එ්කට මුළු පාර්ලිමේන්තුවේම බලය අල්ලන්න ඕනෑ නැහැ (නි)
අනේ ඔයාලගේ කතා අපිට එපාවෙලා (නි)
සහෝදරයා, ඔයාලා ඉන්නේ අවුරුදු ගානක් පස්සේ. අන්තිම පුරුක ෆිඩෙල් මැරුණා. මම හරිම ආදරෙයි ඔයාලට. නමුත් ඔයාලගේ ප්‍රතිපත්ති වලට නොවේ. ඔයගොල්ලෝ පාරවල් බ්ලොක් කරන්න කරන්න මිනිසුන්ගේ අප්‍රසාදය වැඩිවෙනවා. (නි)
හැමදාම රටේ සිදුවෙන මහා මංකොල්ල ගැන කිව්වේ ජවිපෙ. ලබන පාර ඔවුන්ට දීලා බලමු. (නි)
රෙද්දක් ඇඳගෙනද ඔය කථාව කියන්නේ...? ඕවා හිතන්න තිබුනෙ කඩේ යන්න කලින්..... (නි)
මේ ආණ්ඩුව බලයට ගෙනෙන්න පෝස්ටර් ගැහුවේ අපිද? කුම්බලා මාළු කෑවා නම් විඳවපන් බළලෝ කිවුවලු (නි)
දිනේෂ් කියනවා ජවිපෙ හැමවිටම ඇත්ත පවසනවා කියා. ජනතාව මේවා තේරුම්ගන්නෙ නැහැ කියනවා. කී දේ තේරුම් අරගෙන කරගත්ත දේ මදැයි (නි)
පසුගිය මැතිවරණයේදී ජවිපෙ විසින් කළ මහින්ද විවේචනයේ බර ටිකක් අඩුකළා නම් ජවිපෙට බලයට ඒම කෙසේවෙතත් ප්‍රධාන විරුද්ධ පක්ෂය වීමට බොහෝවිට ඉඩ තිබුනා. මේ මගේ පුද්ගලික මතයයි. (නි)
එදා කිවුවනේ අලුත් කඩේ බඩු ෂුවර් නැත කියලා. එහෙම කියලත් කඩේ අරින්න සම්මාදන් වුණා නේද. දැන් ඉතින් බැනලා වැඩක් නැත. (නි)
පවතින පාලනයට කඩේ ගිය රතු මල්ලිලා දැන් 60% මෝඩ ශ්‍රී ලාංකිකයන්ට බණ කියන්නත් පටන් අරගෙනද? (නි)
අනේ! නැගෙනහිර සිංහලයින්ට වෙන කරදර ගැනත් ටිකක් කතා කරන්නකෝ (නි)