(මුදිතා දයානන්ද)
‘ආණ්ඩුව අස්ථාවර වෙන්න අපි කිසිසේත්ම ඉඩ තියන්නේ නැහැ. ආණ්ඩුව වට්ටන්න හිතාගෙන ආණ්ඩුවත් සමග සිටින මන්ත්‍රීවරු පිරිසක් ඉවත් කරගන්න කටයුතු කිරිමෙන් මහින්ද රාජපක්ෂ මහතාටත් සිදුවන්නේ හොඳට ලී ඉරමින් තිබූ පලංචියට නැග කූඤ්ඤය ඉවත් කළ වඳුරාට වෙච්ච වැඩේ‘ යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා අද(16) සිරිකොතදී පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.
‘අද බොහෝ පුවත්පත් වල ප්‍රධාන පුවතක් පවට පත්වී තිබුණේ මන්ත්‍රීවරු පිරිසක් ආණ්ඩුවෙන් ස්වාධීන වෙන්න සූදානම් බවයි. මේ විදිහට ස්වාධීන වෙන්න කතා කරන්නේ පහුගිය මැතිවරණයේදී පරාජිතයන් බවට පත්වූ අයයි. අපිට සැකයක් තිබෙනවා මේ අය උත්සාහ කරන්නේ රට අස්ථාවරයි කියලා මතයක් ඇති කරලා රටට එන්න ඉන්න අයෝජකයින් නැවැත්විමටද කියලා. එහෙම කරලා අපේ සැලසුම් අඩපණ කරලා ආණ්ඩුවට ඉදිරියට යන්න නොහැකි තත්වයක් ඇති කරන්න මේ අය හිතාගෙන ඉන්නවාද කියලා අපිට හිතෙනවා. නමුත් අපි කිසිසේත්ම මේ පරාජිතයන්ගේ වුවමනාව ඉෂ්ට වෙන්න ඉඩ තියන්නේ නැහැ‘ යැයි ද ඔහු කීවේය.
සයිටම් හා උමා ඔය ගැටලු ද පසුගිය ආණ්ඩුව නිර්මාණය කළ අර්බුද බවත් මේ වනවිට රජය ඒවා විසඳීමට කටයුතු කරමින් පවතින් බවත් ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම වුණොත් කූඤ්ඤයක් ගහගන්න තමයි වෙන්නේ...
ගං වතුරට බෙදන්න ගෙනාපු ආධාර වගයක් තියනවා... අරන් යනවද ඔහේගේ වගේ බෙදන්න?
ආණ්ඩුව අස්ථාවර වෙනවා වගේම හොරුන්ට දඬුවම් නොදෙන එකටත් අපි විරුද්ධයි. ඊළඟ දින 100දීවත් දඬුවම් දෙමු. නැත්නම් ගෙදර ගියාට කමක් නෑ.
එජාපයට නව නායකයෙක් ඕනේ...
ඔය දෙගොල්ලොම එකතුවෙලා මේ අස්ථාවර කරන්නේ අපේ රටත්, අපේ රටේ ආර්ථිකයත් බව මතක තියාගන්න...
අනුන් දුන්නු ගන් වතුර තමුන්ගේ වගේ අරන් ගිය මෙවැනි බංකොලොත් දේශපාලකයෝ කියන ඒවා කවුද ගණන් ගන්නේ?
ආණ්ඩුව ස්ථාවර වීමට ඉඩදීම හෝ නොදීම ඔබතුමාලාගේ කාරණයක්. අපේ ඉල්ලීම නම් රට අස්ථාවර දෙන්න එපා කියන එකයි. ආණ්ඩුවට පෙර රට ගැන හිතමු.
වැටෙන්නේ නැතිවුණාට දුවන්නවත් පණ නෑ.