සියලුම පළාත් ආණ්ඩුකාරවරුන්ගේ බලතල අඩුකරන ලෙස දෙමළ ජාතික සන්ධානයත් උතුරු පළාත් සභාවත් රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.සිවඥානම් පැවසීය.
උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥානම් මේ බව පැවසුවේ උතුරු පළාත් සභාවට ඉඩම් බලතල අවශ්‍ය බවට පසුගියදා උතුරු මහ ඇමැතිවරයා කළ ඉල්ලීම සම්බන්ධයෙන් විමසීමේදීය.
‘මෙම යෝජනාව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන විට සලකා බැලීම සඳහා ද දෙමළ ජාතික සන්ධානය වීසින් රජයට ඉදිරිපත් කර තිබෙනවා. ආණ්ඩුකාරවරුන්ගේ බලතල අඩුකරන ලෙස ඉල්ලා සිටින නමුත් ආණ්ඩුකාරවරයා පත්කිරීම ජනාධිපතිවරයා විසින් සිදුකිරීම පිළිබදව දෙමළ ජාතික සන්ධානය හෝ උතුරු පළාත් සභාව විරුද්ධත්වයක් නෑ‘ යැයිද සභාපතිවරයා කියා සිටියේය.
උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම්ගෙන් විමසීමේදි කියා සිටියේ ආණ්ඩුකාරවරයා යන වචනයෙන් පවා අසීමිත බලයක් ඔවුන් වෙත පැවරී ඇති බව ගම්‍ය වන අතර ආණ්ඩුකාරවරයා විධායක ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකු බැවින් ඔහුට විශාල බලයක් හිමිවීම නිසා පළාත් සභාවල සෙසු නියෝජිතයින්ට ආණ්ඩුකාරවරයාගේ නිර්දේශයකින් තොරව කිසිවක් කරගැනීමට පවා නොහැකි නිසා දෙමළ ජාතික සන්ධානය රජයට මෙම යෝජනාව ඉදිරිපත් කළ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල ජාතිකයන් ජාතිවාදයට තල්ලු කරන්නේ දෙමළ ජාතිවාදයෙන්මයි. පස්සේ කනවා කනවා කියලා කෑගහනවා. සියළු ජාතිවාදීන් රට කනවා (නි)
දිමුත් කියන එක හරි. ඔය පළාත් සබා ක්‍රමේ අයින් කළා නම් හොඳයි (බ)
ටීඑන්ඒ එකට ඕනේ විදියට දැන් වැඩ කරන්නේ මහ ඇමැතිලා කරන කෙංගෙඩියක් නෑ (බ)
ඔය පළාත් සභා ටික අහෝසි කරලා, තුන් සිංහලය (රුහුණු,මායා,පිහිටි) නැවත ක්‍රියාත්මක කළා නම්, ප්‍රශ්න ගොඩක් විසඳෙනවා. (නි)
60% ශ්‍රී ලාංකිකයිනි, ඔබට සතුටුයිද දැන්? (නි)
වචනයක් කතා කරන්න එපා. සංහිඳියාව නැතිවෙනවා. (නි)
"ආණ්ඩුකාරවරුන්ගේ බලතල අඩුකරන ලෙස ඉල්ලා සිටින නමුත් ආණ්ඩුකාරවරයා පත්කිරීම ජනාධිපතිවරයා විසින් සිදුකිරීම පිළිබදව දෙමළ ජාතික සන්ධානය හෝ උතුරු පළාත් සභාව විරුද්ධත්වයක් නෑ...." කොහොමද වැඩේ...? (නි)
දකුණේ මිනුස්සුන්ට ආණ්ඩුව එපා කරවන්න කටගැස්ම දෙන්නේ මේ. (බ)
මහජනයා පළාත් සභාවලට ඉඩම් බලතල දෙනවට කැමති නැත දැනට තිබෙන බලතල නිසා මහජනයාට තිබේ අම්රුකම් ගැන මහජනයාගේ විශාල කල කිරීමක් ඇත දෙපාර්තමේන්තු තුල රජයේ නිලධාරීන් කළ යුතු දේ කිසිම සුදුසු කමක් නැති පරිපාලන අවබෝධයක් නැති පළාත් සභා කාරයෝ කොරන්න යාමෙන් රට විනාශ වී ඇත (බ)
මේ ඉතිං ඕවා ඔක්කොම ඔය තමිල්නාඩුවෙ තියනේනේ මෙහෙන් යනවලකෝ හරිම කරදරේ තමුසෙලාගෙන්. ගිහිං පාරෙ ජරා කර කර මැරෙනවා. අපිට මොකද!! මෙහේ ඇති තොගේ නිජබිම් මගුලක් නැ. හදාගන්න රටක් තමිල්නාඩුවේ ගිහිං හදාගනිං...(බ)