ව්‍යවස්ථාව අනුව ආණ්ඩුව පෙරළීමට කිසිම ඉඩක් නැති බවත්, අද ආණ්ඩු පෙරළන බව කියන අයගෙන් තව මාස 6කින් පමණ ‘කෝ පෙරළුවාද’ කියා ප්‍රශ්න කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (5) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රජාතන්ත්රවාදී පක්ෂයක් බැවින් ජාතික ආණ්ඩුව හා සම්බන්ධ අයට අස්වෙන්නට අවශ්‍ය නම් දම්වැල් දා තියාගත නොහැකි බව කී ඇමැතිවරයා ඒකාබද්ධ විපක්ෂයේ අරමුණු ඉටු නොවන බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරු කට ඇරගෙන බලාගෙන ඉන්නෙ අගමැති වෙලා ජනාධිපතිත් වෙන්නනේ (නි)
ජනතාව ඔබ කියන කරන දේ ගැන බොහොම කල්පනාවෙන් ඉවසාගෙන ඉන්න බව විතරක් හිතට ගන්න. ඉවසීම කෙළවර වන්නේ කොහොමද දන්නේ දෙයියෝ විතරයි. මා කිසිම දේශපාලන පක්ෂයකට කඩේ යන හෝ ගිය කෙනෙක් නොවෙයි. (නි)
ආණ්ඩු පෙරළන්න පුළුවන් ජනතා ඡන්දෙන් පමණයි. වෙන කවුරුහරි වෙන ක්‍රම වලින් පෙරළනවා කියනවානම් ඔවුන් රාජද්‍රෝහියෝ නොවේද? (නි)
මීළඟ ඡන්දෙදි ජනතාව ඔයාල ගැන බලාගනීවි. (නි)
වැලිකඩ හිරගෙදර හීනෙන් පෙනෙන කට්ටිය තමයි ආණ්ඩු පෙරළෙන කතා කියන්නේ (නි)
මෙතුමන්ලා නම් හැම පැත්තටම පෙරළි පෙරළි ඉන්න දන්නා බව ඉතිහාසය මොනවට පෙන්වා දෙනවා. (නි)
දැන් මොකක්ද වෙන්නේ කියලා හිතා ගන්න බෑ.(හේ)
මේ නාටක දිහා ජනතාව බලාගෙන ඉන්නවා. ජනතාවට සෙතක් වෙන්නේ කවදද.? (ර)
මහින්දට බඩ කපා ගන්න හිතෙනව ඇති එයාගේ පරණ ගෝලයන්ගේ කතා ඇහුවාම (බ)
මෙයා හොඳට පෙරලි පෙරලී ඉන්න බබෙක් (අ)
හැබැයි මහත්තයෝ මහජන ඡන්දෙකින් නම් පුළුවන්වේවි. (නි)