IMG-LOGO

ආචාර්ය රංග කලන්සුරිය ප්‍රවෘත්ති මහ පුටුවට

ප්‍රවෘත්ති  අධ්‍යක්ෂ ජනරාල්  ලෙස ආචාර්ය රංග කලන්සුරිය පත් කරනු  ලැබ සිටියි. ජනමාධ්‍ය පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයෙන් ආචාර්ය උපාධියක් දිනා සිටින කලන්සුරිය සෝමාදේවී පරණයාපා අභාවප්‍රාප්ත මාධ්‍යවේදීනියගේ පුත්‍රයාය. පියා හිටපු උප දිසාපතිවරයකුව සිටියදී අභාවප්‍රාප්ත විය.

රංග කලන්සූරිය මහතා ශ්‍රී ලංකා  පුවත්පත් ආයතනයේ  ප්‍රධාන විධායකවරයා  ලෙස ද කටයුතු කළේය.

ඩෙන්මාර්කය මුලස්ථානය කරගත්  ආසියා පැසිෆික් ජාත්‍යන්තර මාධ්‍ය පුහුණු  ආයතනයේ කලාපීය උපදේශකයා ඔහුය. ඔහු මලයාසියාව,පකිස්තානය ඇතුළු ආසියා පැසිෆික් රටවල මාධ්‍යවේදීන් පුහුණු කරන උපදේශකවරයෙකි.

කලන්සුරිය මහතා ලේක් හවුස් ආයතනයේ දිනමිණ හා ඩේලි නිවුස් පුවත්පත් හි මාණ්ඩලීය මාධ්‍යවේදීයක් විය.

images-(2)



අදහස් (0)

ආචාර්ය රංග කලන්සුරිය ප්‍රවෘත්ති මහ පුටුවට

ජයම්පති Thursday, 02 June 2016 02:52 PM

සුදුස්සාට නියම තැන දෙනවා විතරක් නෙවෙයි, ඊට පස්සේ අනවශ්‍ය දේශපාලන ඇඟිලි ගැසීමද නතර කළ යුතුයි. (බ)

:       0       0

සුජීව (ජර්මනි ) Thursday, 02 June 2016 03:10 PM

ශ්‍රී ලක් රජය, ගත් ඉතාම නිවැරදි තීන්දුවක්, රංග කලන්සුරිය මහතාණනි, මගේ ශ්‍රී ලංකාව ලෝකය තුළ ශ්‍රේෂ්ඨ රටක් කිරීමට ඔබට ශක්තිය ලැබේවා (බ)

:       0       0

ප්‍රසාද් පුර්නමාල් Thursday, 02 June 2016 03:35 PM

රජය ගත් නිවැරදි තීරණයක් .. මට අද වගේ මතකයි මම නිව්ස් එකක් අරන් පත්තර මහා ගෙදර ඉංග්‍රීසි පත්තරේට ගිය දවස එදා මට මුලින්ම හමු වුනේ මොහුයි .. මගේ ගොඩක් අවස්ථාවල මට උදව් කරලා තියනවා සැබෑම මනුෂයෙක් හොද ගුරුවරයෙක් ....තව තියනවා ලියන්න (බ)

:       0       0

උපුල් Thursday, 02 June 2016 04:22 PM

සුභ පැතුම් රංග ඔබට! (නි)

:       0       0

තිලක නවරත්න Thursday, 02 June 2016 09:03 PM

දවසින් දවසට ඉහළින් ඉහළට... දිරියෙන් සවියෙන් යන ජය ගමනට... මුදිත සිතින් පතනෙමි සුපැතුම් සෙට... රංග කලන්සුරිය අප සොයුරුට... (නි)

:       0       0

උපාලි Thursday, 02 June 2016 12:15 PM

ඔන්න ඔහොම සුදුස්සාට නිසි තැන දෙනවා නම් ආණ්ඩුව ඕනෑකමින් ගාගන්න මඩවලින් නිදහස් වෙන්න පුළුවන්. (ර)

:       0       0

රවී ගමගේ Friday, 03 June 2016 05:45 AM

රංග සුබ පැතුම් ඔබට, මට මතක් වෙනවා කුඩා කල මහරගම ධර්මයතන දහම් පාසලේ \"විදුරු නැණ\" පුවත් පත පල කිරීමේදීත් ඔබ කල මෙහෙය (ම)

:       0       0

කරුණාරත්න ගම්පොල. Friday, 03 June 2016 06:22 AM

හදවතට එකඟව දන්නදේ නිවැරදිව හරියට කරන්න. ඒ සඳහා ඔබට ශක්තිය ධ්‍යෛර්ය නොඅඩුව ලැබේවා! (ම)

:       0       0

සිරිල් Friday, 03 June 2016 06:24 AM

ඔබට සුබ පැතුම් කලන්සුරිය මහතාණනි (ම)

:       0       0

කරුණාරත්න ගම්පොල. Friday, 03 June 2016 06:22 AM

හදවතට එකඟව දන්නදේ නිවැරදිව හරියට කරන්න. ඔබට වාසනාවන් දිර්ඝායුෂ ලැබේවා (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 136 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 417 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site