ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ආචාර්ය රංග කලන්සුරිය පත් කරනු ලැබ සිටියි. ජනමාධ්‍ය පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයෙන් ආචාර්ය උපාධියක් දිනා සිටින කලන්සුරිය සෝමාදේවී පරණයාපා අභාවප්‍රාප්ත මාධ්‍යවේදීනියගේ පුත්‍රයාය. පියා හිටපු උප දිසාපතිවරයකුව සිටියදී අභාවප්‍රාප්ත විය.
රංග කලන්සූරිය මහතා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ප්‍රධාන විධායකවරයා ලෙස ද කටයුතු කළේය.
ඩෙන්මාර්කය මුලස්ථානය කරගත් ආසියා පැසිෆික් ජාත්‍යන්තර මාධ්‍ය පුහුණු ආයතනයේ කලාපීය උපදේශකයා ඔහුය. ඔහු මලයාසියාව,පකිස්තානය ඇතුළු ආසියා පැසිෆික් රටවල මාධ්‍යවේදීන් පුහුණු කරන උපදේශකවරයෙකි.
කලන්සුරිය මහතා ලේක් හවුස් ආයතනයේ දිනමිණ හා ඩේලි නිවුස් පුවත්පත් හි මාණ්ඩලීය මාධ්‍යවේදීයක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදුස්සාට නියම තැන දෙනවා විතරක් නෙවෙයි, ඊට පස්සේ අනවශ්‍ය දේශපාලන ඇඟිලි ගැසීමද නතර කළ යුතුයි. (බ)
ශ්රී ලක් රජය, ගත් ඉතාම නිවැරදි තීන්දුවක්, රංග කලන්සුරිය මහතාණනි, මගේ ශ්‍රී ලංකාව ලෝකය තුළ ශ්‍රේෂ්ඨ රටක් කිරීමට ඔබට ශක්තිය ලැබේවා (බ)
රජය ගත් නිවැරදි තීරණයක් .. මට අද වගේ මතකයි මම නිව්ස් එකක් අරන් පත්තර මහා ගෙදර ඉංග්‍රීසි පත්තරේට ගිය දවස එදා මට මුලින්ම හමු වුනේ මොහුයි .. මගේ ගොඩක් අවස්ථාවල මට උදව් කරලා තියනවා සැබෑම මනුෂයෙක් හොද ගුරුවරයෙක් ....තව තියනවා ලියන්න (බ)
සුභ පැතුම් රංග ඔබට! (නි)
දවසින් දවසට ඉහළින් ඉහළට... දිරියෙන් සවියෙන් යන ජය ගමනට... මුදිත සිතින් පතනෙමි සුපැතුම් සෙට... රංග කලන්සුරිය අප සොයුරුට... (නි)
ඔන්න ඔහොම සුදුස්සාට නිසි තැන දෙනවා නම් ආණ්ඩුව ඕනෑකමින් ගාගන්න මඩවලින් නිදහස් වෙන්න පුළුවන්. (ර)
රංග සුබ පැතුම් ඔබට, මට මතක් වෙනවා කුඩා කල මහරගම ධර්මයතන දහම් පාසලේ \"විදුරු නැණ\" පුවත් පත පල කිරීමේදීත් ඔබ කල මෙහෙය (ම)
හදවතට එකඟව දන්නදේ නිවැරදිව හරියට කරන්න. ඒ සඳහා ඔබට ශක්තිය ධ්‍යෛර්ය නොඅඩුව ලැබේවා! (ම)
ඔබට සුබ පැතුම් කලන්සුරිය මහතාණනි (ම)
හදවතට එකඟව දන්නදේ නිවැරදිව හරියට කරන්න. ඔබට වාසනාවන් දිර්ඝායුෂ ලැබේවා (ම)