(ඩයනා උදයංගනී)
ආචාර්ය උපාධි සඳහා රජයේ මුදල් ලබා ගෙන එය සම්පූර්ණ කර නොමැති විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, මහචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.
ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඔවුන්ගේ ආචාර්ය උපාධි අතර මග නතර කර ඇති බව කී සභාපතිවරයා ඒ වෙනුවෙන් රජය ලක්ෂ ගණනක් වැය කර ඇති බව ද සඳහන් කළේය .
එවැනි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විශ්‍රාම යන අවස්ථාවේදී ඔවුන්ගේ ආචාර්ය උපාධිය සඳහා රජය වෙන් කළ මුදල් සේවක අර්ථ සාධක අරමුදලින් කපා හරින බව ද මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේය .
මෙලෙස ආචාර්‍ය උපාධිය සම්පූර්ණ නොකළ අය ගැන තමාට තොරතුරු ලැබී ඇතැයිද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කවදා කෙරෙන වැඩද? පුළුවන් නම් එක්කෙනෙක්ගේ කපලා පෙන්වන්න. කවදත් කයිවාරු...
විශ්ව විද්‍යාලවල දැන් ඉන්න සමහර ආචාර්ය මහාචාර්යවරු ලෝකෙ කාපු හොර හැත්තක්... ඔය කට්ටිය තමතමුන්ගේ දූදරුවන්ට තමයි මේවා ගන්න සලස්වලා තියෙන්නේ. ඉර, හඳ උලාකාපු මේ අයගෙන් සත 05ක් වත් අයකරගන්න ලැබේවි කියලා හිතනවද?
රට හදනවා කියලා ඡන්ද අරගෙන ජනතාවගේ මුදල් කාබාසිනියා කරපු දේශපාලඥයින්ට මොකද කරන්නේ...?
හොරාට ආචාර්ය උපාධිය ගත්ත අයට මොනාද කරන්නේ. ලංකා විශ්ව විද්‍යාලවල ආචාර්ය උපාධි බොරුව කරලා ගත්ත කට්ටියත් ඉන්නවා. මේ අය ජීවිතේට පිළිගත්ත ජර්නලයක රිසර්ච් පේපර් එකක් පබ්ලිශ් කළ අය නොවේ