ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් විදෙස් ගත වීමට උත්සහ කළ කාන්තාවක සහ ඇයට ඒ සඳහා උදව් කළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෛ්දී අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් විසින් සැකපිට අත් අඩංගුවට ගනු ලැබ සිටිති.
සැකකාරිය අලුත්ගම දර්ගා නගරයේ පදිංචි 57 හැවිරිදි කාන්තාවකි. අත් අඩංගුවට ගනු ලැබු ආගමන විගමන නිළධරයන්ගෙන් එක් අයෙකු ජ්‍යෙෂ්ඨ බලයලත් ආගමන විගමන නිලධාරියෙකි.
සැකකාර කාන්තාව සෞදි අරාබිය බලා යාමට ගුවන්තොටුපොළට පැමිණ ගුවන් ගතවීම සඳහා අවශ්‍ය ලේඛණ රැගෙන ආගමන විගමන අංශයට ගොස් ඇත. එහිදී අදාල ආගමන විගමන නිලධාරීන් දෙදෙනා ඇයගේ ගුවන් ගමන් බලපත ඔවුන්ගේ පරිඝණක පද්ධතියට අතුලත් නොකොට ඇයට ගුවන් ගත වීමට අවසර ලබා දී ඇති බව වාර්ථා වෙයි.
ඇය ඒ සඳහා අල්ලස් මුදලක් ලබා දී ඇති බවත් දැනගන්නට ඇත.
ආගමන විගමන අංශය පසුකර ගුවන් ගත වීමට යමින් සිටි කාන්තාව පිළිබඳ රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකයේ නිලධාරීන්ට ඇති වු සැකයක් මත ඇයගේ ලියකියවිලි පරීක්ෂා කර ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ ඕක මොකක්ද?(හේ)
මේ වගේ ගොඩක් දේවල් වෙනවා ගුවන් තොටුපොළෛ් ආගමන විගමන නිළධරයන්ගෙන් විතරක් නොව ව්දේශ සේවා එක ඉන්න නිළධරයනුත්.(හේ)
ප්‍රශ්න අහන්න තමා නිලධාරී ඉන්නේ. නැතිව ඔහේ රටට යන එන අයව ගන්න නෙමේ. කොලේ පුරවල නැති වුනාම විදෙශිකයන්ට ඒ බව කියන්නේ නැතිව කොලේ නොගෙන යවන්න කියලද දන්නේ නෑ කියන්නේ මේ කෙනා. (නදී)
වෙන රටවල ආගමන විගමන අංශයේ ඉන්න අයට බොහොම උසස් පෞරෂයක් තියෙනවා. නමුත් ලංකාවේ එහෙම පෙනුමක් වත් නැහැ.කොච්චරන නම් හොරු තක්කඩි රටට එනවා ඇද්ද. ඉන්දියානුවෝ රෙදි විකුණන්නත් එනවා. උන්ට රටේ සංචාරය කරන්න මුදල් තියෙනවාද කියලවත් බලන්නේ නැහැ. චින්නුත් මාලදිවයින් කාරයෝත් ඒ වගේම රටට මුදල් නැතිව ඇතුළු වෙනවා. මගේ චීන යාලුවෙක් අවා මිනහාගේ ආපහු යන ගුවන් ටිකට් එකවත් බලන්නේ නැතිව තමයි ඇතුළු කරල තිබුණේ (නදී)
කමක් නැහැ යුද්දේ දින්නානේ (නදී)
ඉතාලියට රැකියා සඳහා යන ගොඩක් අය එක්ක ආගමන විගමන නිළධාරීන් සම්බන්ධකම් තියෙනවා කියලා ආරංචියි.ටිකක් හොයලා බැලුවා නම් ඔය ගුවන් තොටුපොළේ ඉන්න බාගෙකට වඩා නිලධාරීන්ගේ හොරකම් හොයාගන්න පුළුවන්. (නි)
ඇයි මේ විදියට සෞදියට යන්නේ? (නි)
වගකිවයුත්තනුත් මෙහෙම උදවු කරනකොට අනෙක් අය ගැන කවර කතාද? (නි)
කවුද දන්නෙ තව මෙහෙම අය කොච්චර ඇද්ද කියලා? (නි)
ඔන්න බලන්න ඉතින්. කාට කියන්නද? (නි)
ඒ උනාට අපි යනකොට නම් බලන්න ඕනේ තරම් අය ඉන්නවා. විදේශ සේවා එකෙනුත් බලනවා. සපයන සේවාවකුත් නෑ. ළගදි පත්තරේ තිබුන, මැරුණු කෙනාගේ මිනිය ගෙනත් දෙන්න රුපියල් ලක්ෂ 3.5ක් ඉල්ලලා. එ්කට ගිවිසුමකුත් ලබාගෙන. (නදී)
ඒ ගොල්ලන්ගේ ඔක්කොම නීති අපිට තමයි. එතන ඉන්න සමහර නිලධාරීන් අපි ආවම අපි දිහා නිකන් හොරෙක් දිහා බලන විදියට බලන්නේ. ඒ මදිවට ප්‍රශ්නත් අහනවා. අත දරුවෙක් අරන් ඉන්න අයට ප්‍රමුකත්වයක් දෙන්නේ නැහැ. පොලිමේම ඉන්න ඕනේ. එ්ත් මම සේවය කරන රටේ නම් පෝලිම් නැහැ බබාල අරන් ඉන්න අයට. රටට ඇතුල් වෙනකොට පුරවන්න ඕන කොලයක් තියෙනවා විදේශිකයන්ට. සමහර විදේශිකයෝ ඕක නොදැන ආගමන එකට ආවම හරිම සවුත්තු විදියට ඒ අයට කියනවා කොලේ පුරවන් එන්න කියලා. කිසිම සුහදශීලී ගතියක් නැහැ. අපිට කතා කරන්නත් බයයි මොන ලෙඩක් දාල රඳවා ගනීද කියලා. (නදී)
මෙහෙ පිටරැටියන් පැමිණ වැඩකරන්නේ,බඩු විකුණන්නේ හොරෙන්ද? කොළඹ අවට පරීක්ෂා කළොත් නරකද? (නි)
මෙවැනි දේවල් තව කොපමණ සිදුවෙනවා ඇතිද.? දැන් බලනකොට මුදල් සම්බන්ධ වියහැකි සම තැනකම අධීක්ෂණය කරන්නට යන්ත්‍ර සවිකළ යුතුයි වගේ.(නදී)
හැකිතාක් දුරට නීත්‍යානුකුලව යායුතු රටකට මේ විදියට යන්නේ ඇය ඇණ ගහගෙන ආපසු එන්න වෙන්නැති. (හේ)
ගම ධර්ගා නගරය, යන්නේ සෟදි අරාබියට. අපිට හේතුව කියනවද ඇත අඩංගුවට ගත්ත. නැත්නම් අපිට වෙන වෙන සැක ඇති වෙනවා. (නදී)
මෙතන ලිංගික අල්ලසක් ගැන කියවෙන්නේ නැහැ නේද.මෙවැනි අල්ලස් වලට අනිවාර්යෙන්ම ඕක ඇතුලත් විය යුතුයි.(හේ)
මොකද්ද හේතුව සෞදි හොරෙන් යන්න ඕනේ නැහැනේ.(හේ)