මදුරුවන් බෝවන ස්ථාන ඇත්දැයි සොයා ශ්‍රී ලංකාවේ සියළුම ආගමික ස්ථාන අද දිනයේ පරීක්ෂාවට ලක්කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. පසුගිය 10 දා සිට 16 දා දක්වා ප්‍රකාශයට පත්කැර ඇති ජාතික මදුරු මර්ධන සතිය වෙනුවෙන් මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. මදුරු මර්ධන සතිය වෙනුවෙන් මෙතෙක් කරන ලද ස්ථාන පරීක්ෂා කිරීම් 80,000 දී මදුරුවන් බෝවන ස්ථාන 9,221 ක් සොයාගත හැකි වූ බව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය පවසයි.