( තිළිණි ද සිල්වා )
මෙරට ආගමික ප්‍රජාවන්ට එරෙහිව සිදුවෙන වෛරී ප්‍රකාශ සහ ප්රචණ්ඩ තත්ත්වයන් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.
මෙලෙස වර්ගවාදී හා ජාතිවාදී ක්‍රියාවන් සිදුකිරීමට මුල්වන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවද එම සංගම් සභාපති ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා මහතා කියා සිටියි.
එහි සභාපති ජනාධිපති නීතීඥ යූ. ආර් ද සිල්වා මහතා සඳහන් කළේ මෙම තත්ත්වය හේතුවෙන් මෙරට ජාතික සමගියට දැඩි බාධාවක් සිදුව ඇති බවයි.
නීතියේ ආධිපත්‍ය දැඩි ලෙස සුරකින ප්රජාතන්ත්රවාදී සමාජයක එවැනි තත්ත්වයක් අපෙක්ෂා කළ නොහැකි බව ජනාධිපති නීතීඥ යූ.ආර් ද සිල්වා මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගම යනු විශ්වසකි. සෑම ආගමකට සම්බන්ද කරුණු ලියා ඇත්තේ ආගම බිහිවී අවුරුදු දෙසීයකට පමණ පසුවය. ආගම අදහන්නා ගේ විශ්වාසය නම්, තමන්ගේ ආගම අනිකෙකුගේ ආගමට වඩා ශ්‍රේෂ්ටය යි යනු ආකල්පයි. තම ආගම ආරක්ෂා කරගැනීම ඔවුන්ගේ යුතුකම යි නිතර දෙවේලේ දොඩයි. ආගමක් යනු සංකල්පයකි, දේශනයකි.එය ලෙහෙසියෙන් විනාශවන ගොඩනැගිල්ලක් නොව.බොහෝ අය, ආගම අදහනවා පමණි. එය එදිනෙදා ජිවිතයේ කොටසක් හැටියට සලක්නේ නැත. ඔබ ගේ ආගමට අනුව, මා කරන යමක් වැරදි හෝ පාපකර්මයක් විය හැකිය. එහෙත් එය හෙළා දැක මට දඩුවම් කිරීම ඔබට යුතු නැත. ඔබ,ඔබගේ ආගම හරියට පිළිපැදීම ගැන මා,අගය කරන අතරම,මගේ විශ්වාසයන් හා පිළිපැදීම් මට කරගෙන යන්න සාමකාමිව ඉඩහරින්න.මගේ ආගම, තවත් මනුෂ්‍යකුට, මොනම හේතුවක් නිසාවත් කරදරයක් හිංසාවක් නැතුව ජිවත් වීමයි.
අනේ මොනවටද ඔය කතා. එතකොට උතුරේ පුරාවිද්‍යා ස්මාරක, බුදුපිළිම, පන්සල්, විනාෂ කරනකොට බහුතර බෞද්ධ අපිට වෙන සිත් තැවුල් ?? කෝ ඒවාට කතාකරන්න නීති සංගම්??? රටට හෙනගහල ඉවරයි.. අපේ බෞද්ධ උරුමය ආරක්ෂා කරගන්න කෑගහන එකද ?...වරද?...
පිළිමයක් යනු කලා හා සංස්කෘතයි. එය කෙනෙකු හෝ සමුහයක් විසින් කරනලද නිර්මාණයකි.උරුමය යනු තම පරම්පරාවකින් ලැබෙන දෙයකි. ඔබ වෙනත් ආගමකට හෝ ජාතියකට දාව උපන්නනම් මේ ඔබගේ කතාව වෙනස් වීමට තිබුණි.