අලුත්ගම හා ධර්ගා නගරයේ ගැටුමෙන් තුවාල ලබා කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන අයගේ සුවදුක් බැලීමට සාමාය සඳහා වන අන්තර් ආගමික සංවිධානය අද පැමිණියේය.
ගලගම ධම්මරංසි හිමි, සරත් හෙට්ටිආරච්චි පියතුමා, හසන් මවුලානා මවුලවිතුමා, බාබු ශර්මා කුරුක්කල්තුමා ද ඒ අතර වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දේවල් තමයි වැදගත්, ආදර්ශවත් දේවල් වෙන්නේ (නි)
මට හිතෙන්නේ ෆේස් බූක් එකේ ගොඩක් හිටියා බොරුවට කෑ ගහපු කට්ටියක්. නමුත් ඉන්නේ රටින් පිට. අපේ අහිංසකයෝ මරා ගන්නවා උන්ගේ ගිනි කාලා මට හිතෙන්නේ ලොකු යුද්දයකට මුල පිරුවේ ෆේස් බූක් එකෙන්. (අ)
ඡන්ද තමයි මේ සේරම විනාශයට මුල. (අ)
සාමය රකින්න සාකච්ඡාවට ගිය ඇමතිතුමා වේලාසනින්ම ලෙඩ්ඩු බලලා යන්න ඈති .. ඇරත් එතුමා ඔය පින්තුර වලට කැමතිත් නැහැන(අ)
මුනාෆ් ඔබට බොහොම ස්තුතියි අපගේ අදහස් වලට ගරු කලාට. අපි හැමෝම ජාති බේද , ආගම් , කුලය අමතක කරලා එක වගේ ඉන්නවා නම් ආයේ කවදාවත් මේ වගේ දුක හිතෙන දේවල් ඇහෙන්න දකින්න ලැබෙන එකක් නැහැ. (නදී)
ජිවිතයේ අවසාන කාලේ ගැන මතක් වෙනවා නම් මෙහෙම වෙන්නේ නෑ (නදී)
මේ අය ටිකක් ඉස්සර උනා නම් මෙහෙම වෙන්නේ නෑ හැමෝම එන්නේ ඔක්කොම උනාට පස්සේ එතකන් ඔක්කොම නිදි (අ)
අපේ රටේ බහුතරක් තමන් විශ්වාස කරන ආගමේ ඉගැන්වීම් ප්‍රායෝගිව බාවිතා නොකරන නිසයි මේ වගේ අවාසනාවන්ත දේවල් වෙන්නේ. (නදී)
සමාදී, කරුණාකරලා වුණදේ හරියට දැනගෙන අදහස් පළකරන්න (නි)
අනේ අපිට යුද්ධයක් නම් එපා නැවතත්. අතීතයේ පටන් හාමුදුරුවරුන් රට ජාතිය බේරාගන්න ජිවිත පුජා කරලා තියෙනවා. නමුත් භීතිය වපුරා නැහැ. (නි)
බොහොම අගනා ක්‍රියාවක් (නි)
සත්‍යය තිත්තයි, කටුකයි. (නි)
හැමෝම එකට බැදී සදාකල් ඉන්න ඕනේ (නදී)
ස්තුතියි මුනාෆ්, අපි සැම සාමය සතුට පිරි මව්බිමක් වෙනුවෙන් කැපවෙමු. (නදී)
ආගමික නායකයන් දුන්නේ උතුම් ආදර්ශයක් (නි)
බොහොම හොඳ ක්‍රියාවක් (නි)
මංජු, ඔයාගේ කතාව 100%ක් ඇත්ත (නි)
ලකුනු දාගන්න ඇමතිගොල්ලොත් වැල නොකැඩි එයි දැන් (නදී)
මෙවන් කටයුතු වලින් ආගමික සහජීවනය ඇතිවෙනවා. (නි)
අපි හැමෝම මොනා හරි ආගමක් අදහනවා නේද? ඒ කිසිම ආගමක මෙවැනි දේවල් අනුමත කරනවද? නැහැ නේද. අපි මේ ජීවත් වෙන කාලේ එකමුතුව ඉන්න ඕනේ. මේ කිසිම දෙයක් අපි ගෙනාපුවා නෙමෙයි. තාවකාලික දේවල් වලට බැදිලා ඉන්නේ නැතුව හැම දෙනාම එක වගේ ඉන්නකොට තමයි ලස්සන. හිත් වල තියෙන තරහව අමතක කරලා ඉන්න ඕනේ. ලංකාවේ නම කැත වෙන විදියට හැසිරෙන්න එපා. කිසිම රටක් මේ වගේ සුන්දර නැහැ. ඒ සුන්දර රටේ හැමදෙනාම එකමුතුව ඉමු.(නදී)
අපේ මිනිස්සුන්ගේ වැරැද්ද තමයි මොනා හරි දෙයක් උන ගමන් හොයන්නේ බලන්නේ නැතුව රණ්ඩු කරන එක. කව්රු හරි කියන දෙයක් අහගෙන කරන විනාශය පේනවා නේද? දේශපාලනය කරන අයත් අපේ මිනිස්සුන්ගේ හිත වනසනවා තව. මේ රටේ නීතියක් තවම තියෙනවා. මිනිස්සු උනාම ඒ දේවල් පිලිපදින්න ඕනේ. නැත්නම් රටක් නෙමෙයි පවුලක්වත් ගෙනියන්න බැහැ. මොනා හරි දෙයක් උනාම කෑගහගෙන රණ්ඩු වෙන එක නෙමෙයි කරන්න ඕනේ. ඒ දේවල් වෙන්න කලින් වලක්වා ගන්න එක. මහා ලොකුවට ඔය රණ්ඩු කරපු මිනිස්සුනේ ජීවිතේට එබිලා බැලුවොත් සමහර මිනිස්සු තමන්ගේ අම්මා තාත්තටවත් සලකන අය නෙමෙයි.(නදී)
ලෝකයට ඉන්නේ ජාතීන් දෙකයි. ඒ මනුෂ්‍ය ජාතියත්, සත්ව ජාතියත් යන දෙකයි. (නි)
මේ වගේ හැම කෙනෙක්ම හිතනවා නම් අපේ රට ලස්සන වේවි (නි)
බලන්න මෙතන ආගමික නායකයන්ගේ සමගිය. (නදී)
අපේ මිනිස්සු මොන ආගමේ උනත් දැන් ඉන්නේ බුද්දිමත් පිරිසක්. ඒ නිසා ජාතිවාදයට උඩගෙඩි නොදී එකා මෙන් සෑම ආගමක් ජාතියක්ම බුද්දියෙන් යුතුව ඉවසීමෙන් ක්‍රියා කිරීම ඔබෙත් රටෙත් අභිවෘද්ධියට බෙහෙවින් ප්‍රයෝජනවත් වේවි (නදී)
මෙහි අදහස් පළකර තිබෙන සියලු දෙනාම මිනිස්කම හඳුනන අයයි. මේ සියලු විනාශයන්ට මුල නීතිය බිඳවැටීමයි. සියලු ජාතින් හා සියලු ආගමිකයින් එකතුව අපේ රට රැක ගැනීමට කටයුතු කළයුතුව ඇත. (නි)
ආගමික නායකයන් මෙහෙමවත් ගිහින් අගතියට පත් උදවිය ගැන සොයනවා. කෝ මේ පළාතේ දේශපාලකයන් ? ඇහැ ඇරෙන්නේ ජනතිතුමා ආපසු මව්බිමට පැමිණි පසු. එතකොට වීරයෝ වගේ එතුමාත් සමග පළාතේ සංචාරය කරමින් චායා රුප වල පෙනී සිටියාට වැඩක් නැහැ. කල යුතු වෙලාවේ කිසිම දෙයක් දෙයක් නොකර බුදියාගෙන ඉඳලා. (දී)
මේක හොඳ ආදර්ශයක් (දී)
පැවිදි හෝ වේවා ගිහි හෝ වේවා නීතිය සියල්ලන්ටම සාධාරණව ක්‍රියාත්මක වියයුතුයි (නි)
ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි... (නි)
දේශපාලුවන් මේව වැඩක් නෑ එයාලට ඕන බලය විතරයි
කොහේ කොතන ගියත් සමගිය සහ ජීවනය කියන එක පුරුදු පුහුණු කරන්න ඕනේ (දී)
මේ අවස්ථාවේ ගත් වැදගත්ම තීරණයක් (නි)
මම දන්නවා සිංහල මිනිස්සු හොදයි කියා. අනේ මන්ද මොනවා වෙනවද කියලා (නදී)
අපි හැකි විදියට මේ පීඩාවට පත් උදවියට උදව් කරමු. මේ වෙලාවේ පංගු බේරු බලමින් නොසිට අපේ ගෙදර කෙනෙකුට කරදර කාලයකදී කටයුතු කරන අයුරින් පිහිට වෙමු . මේ වෙලාවේ සැමටම වඩා පීඩාවට පත් වෙලා ඇත්තේ කාන්තාවන් දරුවන් සහ මහලු උදවියයි. (නදී)
මේක තමයි නියම ආගමික සහජීවනය කියන්නේ.(නදී)
සිංහල බෞද්ධයන් ගේ ආයුධ සන්නද්ධ සංවිධාන නැහැ. නමුත් මේ රටේ වෙනත් ආගමික අන්තවාදී සහ ජාතිවාදී සංවිධාන මගින් මෙහෙයවන ආයුධ සන්නද්ධ කල්ලි තියෙනවා. ආගමික සංහිඳියාව පෙන්වන්න කියල බහු ආගමික සංවිධාන හෝ පෙරමුණු හදාගෙන රැවටීම් කරනවා වෙනුවට අර කියපු සන්නද්ධ කල්ලි විසුරුවාහැර ඔවුන් ළඟ තියන ආයුධ රජයට භාර දුන්නායින් පසුව තමයි මේ රටේ නියම සංහිඳියාව ඇතිවන්නේ. යටින් ගිනි පුපුරු තියාගෙන අළු උඩ බොරුවට ඇවිදින අය දිහා බලලා අහා! කොයි තරම් සමගියක් දැයි සතුටු වනවා නම් ඒ තරම් මෝඩකමක් තවත් නැහැ. සන්නද්ධ කල්ලි ඉන්නකම් අපේ රටේ ඉන්න සාමකාමී සිංහල, මුස්ලිම්, දෙමළ සහ අනෙකුත් ජාතීන්ට සාමයෙන් එකමුතුව ඉන්න ලැබෙන එකක් නැහැ. (ස)
ලංකාවේ මිනිස්සු බොහොම වැදගත් නුවණක්කාර මිනිස්සු කියල තමයි විදේශික රටවල ඉන්න ඇත්තෝ කියන්නේ. ඒ ගැන දන්නේ අපිම තමයි.(නදී)
සමාධි සහ ගයානිගේ අදහස් වලට ගරු කරනවා. ඇත්තෙන්ම ඔබ දේපල විනීතව අදහස් ප්‍රකාශ කර තිබෙනවා. ඔබට තෙරුවන් සරණයි! අල්ලාහ් දෙවි පිහිටයි! (නි)
බොහොම හොඳ වැඩක් (නි)
මේක අපි හැමෝම හිතට ගන්න ඕනේ දෙයක්
අපි පුළුවන් හැටියට මේ වෙලාවේ ගෙදර තියන හාල් තුනපහ ටිකක් , කිරි පිටි ටිකක් , පොඩි දරුවන්ට පාවිච්චි නොකළ ඇඳුමක් , හැකි පමණින් මේ පලාතට යවමු. අපි කිසිම කෙනෙක් අමරණීය නැහැ . මේ වෙලාවේ පීඩාවට පත් උදවියට හැමෝගෙම උදව් අවශ්‍යයි .(දී)
ජනමාධ්‍ය තුලින් අපි දකින ආගමික සහජීවනය ක්‍රියාවෙනුත් තියෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. (දී)
වටිනා ආදර්ශයක් . ජාතින් අතර ආගම් අතර සහජීවනයක් ඇති කර කාටත් එකසේ සාමයෙන් ජිවත් වීමට වාතාවරණයක් ලබා දෙන්න (දී)
දැන් හැමෝම එකතු වෙලා මේ කරදරයට පත් වුන උදවියට උදව් කලොත් නරකද ? (නදී)
ගයනි කාන්ති ඔබලා හරි. දැන් මේ වාද බේධ පැත්තකට දාලා කරදරයට පත් උදවියට අපිට කරන්න පුළුවන් දෙයක් කරමු. මුලිකත්වය ගන්න ඕන අපි වගේ සාමාන්‍ය ජනතාවමයි . දේශපාලකයන්ගෙන් ගන්න පුළුවන් ආදර්ශයක් වත් නිවැරදි මග පෙන්වීමක් වත් මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්න බැහැ . (දී)
ජාතික සමගිය ගැන කතා කරන්න ගිහින් එක හාමුදුරු කෙනෙකුට වෙච්ච වැඩේ මතකද? මෙම හාමුදුරුවන්ට එසේ නොවේවා කියල පතනවා. (නදී)
මෙතන අවසානයේ අර ලිප්ටන් වට රවුමේ ඉන්න කෙනෙක් සම්බන්ද ඇති (නදී)