‘ටීස් මාර් ඛාන්’, ‘මුජ්සේ ශාදි කරෝගි’, ‘ජානේ මන්’ චිත්‍රපටවල රඟපෑ ආක්ෂේ කුමාර් හා සල්මාන් ඛාන් දෙදෙනා නැවතත් බොලිවුඩ් චිත්‍රපටයක ප්‍රධාන චරිත තුළින් සිය රසික පිරිස් මුණගැසීමට සුදානමින් සිටිති. ඒ කරන් ජෝහර් විසින් නිෂ්පාදනය කරන අනුරාග් සිං විසින් අධ්‍යක්ෂණය කරන බොලිවුඩ් චිත්‍රපටයක් තුළිනි.
මේ සම්බන්ධව ආක්ෂේ ‘සන්ටා බන්ටා’ වෙබ් අඩවියට පවසා ඇත්තේ කලකට පසුව සල්මාන් සමගින් චිත්‍රපටයක වැඩ කරන්නට ලැබීම අතිශය සතුට දනවන කරුණක් බවයි. එමෙන්ම කරන් ජෝහර්ගේ නිෂ්පාදනයකට සම්බන්ධ වී වැඩ කරන්නට තමා කාලයක සිට බලාපොරොත්තුවෙන් සිටි බවද මෙහිදි වැඩිදුරටත් සඳහන් කර ඇත.
මෙම චිත්‍රපටය 2018 වසරේදී තිරගත කිරිමට සැලසුම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd