(ජයන්ත සමරකෝන්)
අළුගෝසු තනතුර සඳහා තමන් බඳවා ගන්නා ලෙසට ඉල්ලමින් පුද්ගලයන් 8 දෙනෙකු ඉල්ලුම්පත් ඉදිරිපත් කර ඇතැයි බන්ධනාගාර මුලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කරයි.
මෙතෙක් මෙම තනතුර සඳහා ගැසට් පත්‍රය මගින් කැඳවා නැතැයිද ලබන 27 වැනි දා ඒ පිළිබඳ ගැසට් පත්‍රය මගින් ඉල්ලුම්පත් කැදවන බවද එම මුලසථානය කියයි.
දැනට ඉල්ලුම් පත් ඉදිරිපත් කර ඇති අට දෙනාම පිරිමි පුදගලයන් වෙති. තිදෙනෙකුට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ පවා නොමැති බවද සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට කලින්ද අලුගෝසු තනතුර සදහා ඉල්ලුම් පත් කැදව්වා මතකයි. නමුත් බදවා ගත්තේ නැහැ. ලංකාවේ අලුගෝසු තනතුර සදහා සුදුසුකම් ඇති පුද්ගලයෝ නැද්ද. නැත්නම් බන්ධනාගාර දෙපාර්තුමේන්තුව මාධ්‍ය සංදර්ශනයක් දානවා විතරද ?
පුළුවන් තරම් ඉක්මනට මේ තනතුර පුරවන්න.
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ නොමැති කෙනෙක් ගැලපෙනවා
මේ වැඩේට සාමාන්‍ය පෙළ උසස් පෙළ ගැන හිතන්න එපා.
දේශපාලකයන්ට අපොස සාමාන්‍ය පෙළ සමත්ද කියලා හොයලා බලන්නේ නැති පුරවැසියන් සමාජයේ සුබසිද්ධිය වෙනුවෙන් , අනාගත තරුණ පරපුර වෙනුවෙන් සේවය කිරීමට පැමිණි පුද්ගලයන්ගේ අධ්‍යාපන සුදුසුකම් බලන්නේ කුමක් සදහාද ???
අළුගෝසු තනතුරට වඩාත් ගැළපෙන අය රටේ ඉන්නවා. ඒ අයට ජනාධිපතිකම ලැබුනොත් රටේ තත්ත්වය සිතා ගැනීමට අපහසුය. රාජ්‍ය බලය නිසා නිරපරාදේ සිරබත් කාපු අයද රටේ නොසිටියා නොවේ. එල්ලුම් ගහ අවශ්‍ය වුනත් රටේ නීතියේ ක්‍රියාකාරිත්වය ගැන අපට සැහීමකට පත්විය හැකිද? තවමත් බොහෝවිට ඇසෙන්නේ ගෝත්‍රික පාලකයන් ගැනය. මරා වාහනයට දමා ගිනිතබා රිය අනතුරක් ලෙස ඔප්පුකරන නීතියක් පවතින රටක කුඩු දමා නිත්‍යානුකුල එල්ලුම් ගස් යවන කාලයක් උදාවේද?
මේ තනතුරට අවම වශයෙන් ගණිතය අංශයෙන් විශේෂ උපාධියක්වත් තිබිය යුතුයි....නැත්නම් මරණය අවබෝධ කර ගැනීමට නොහැකි වනු ඇත...සමහර ධර්ම දේශකයෝ දහම පතුරුවන්නේ ගණිතය දත් යට පමණක් නිසා මෙයත් එසේම විය යුතු යයි සිතුනා....