රුපියල් දහයේ කාසි නිකුත් කිරීම නිම්ත්තෙන් මහින්ද රාජපක්ෂ ජනපති පැමිණි දිනයේ මිලිමීටර් නවයේ උණ්ඩයක් හා හිස් උණ්ඩ හතරක්  ළඟ තබාගත් බව කියන  මහ බැංකු ආරක්ෂක නිලධරයෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත්  තිලිණ ගමගේ මහතා විසින්  දෙසැම්බර් 04 දක්වා රිමාන්ඩ් කරණු ලැබීය.

ජනපති එහි පැමිණිමට මද වේලාවකට පෙර  ජනපති ආරක්ෂක අංශය විසින් මාතර අමිල ප්‍රියදර්ශන නම් සැකකරු අත්අඩංගුවට ගන්නා ලදැයි පොලීසිය අධිකරණයට දැන්වීය.

නාවික හමුදාවේ හිටපු නිලධාරීයකු වන ඔහු ත්‍රස්ත කණ්ඩායමකට හවුල් බව කිසිදු තොරතුරක් නැතත්  සැකකටයුතු ලියැවිලි කිහිපයක් ඔහු නතර වී සිටි බෝඩිමෙන් සොයාගත් බව පොලීසිය අධිකරණයට දැන්වීය.

සිද්ධිය වීමට දිනකට පෙර ගිනි අවි පුහුණුවකදී  අහුලාගත් මෙම උණ්ඩ ජ්‍යෙෂ්ඨ නිලධරයකුට භාරදීම සඳහා ඔහු බෑගයක් ඇතුලේ දමා තිබිණැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නිතීඥයා අධිකරණයට පැවසීය.