ශ්‍රි ලංකාවේ ඇගළුම් වෙනුවෙන් ජීඑස්පී ප්ලස් සහනය නැවත දිනා ගැනීම සහා වන සාකච්ඡා යුරෝපා සංගමයේ නියෝජිතයන් පිරිසක් සම ආරම්භ කිරිමට ශ්‍රී ලංකා රජය බදාදා කටයුතු කළේය.
කර්මාන්ත හා වෙළඳ අමාත්‍ය රිසාද් බදුර්දීන් පවසන ආකාරයට ශ්‍රී ලංකාවට නැවත වරක් ජීඑස්පි ප්ලස් සහනය ලබාදිම සම්බන්ධයෙන් යුරෝපා සංගමය සුභවාදී ප්‍රතිචාරයක් ලබාදි තිබේ.
ජීඑස්පි ප්ලස් සහනය නැවත ලබාදිමට අමතරව දෙරට අතර තවත් ද්විපාර්ශවීය වෙළඳ සබදතා ඇති කිරිම ශ්‍රී ලංකාවේ සිට යුරෝපයට අපනයනය කෙරෙන මත්ත්ස්‍ය නිශ්පාදන මත පනවා ඇති බදු ලිහිල් කිරිම ආදි කරුණු සම්බන්ධයෙන් ද යුරෝපා සංගමයේ නියෝජිත පිරිස හා සාකච්ඡා කිරිමට ශ්‍රී ලංකා රජය සුදානමින් සිටි.
ශ්‍රි ලංකාවේ ඇති ආයෝජන අවස්ථා ගැන යුරෝපා සංගමය දැනුවත් කිරිමටද මෙහිදී සිදුකිරිමට සැළසුම් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම සහනයක් බලපෑමක් නොවේනම් සුභයි රටට (ම)
ජී.එස්.පී ලැබෙනවා යනු සංවර්ධන ශ්‍රේණියේ පහලට ගමන් කිරීමයි. ලංකාවට ජීඑස්පී කපා හැරියේ සංවර්ධනය නොවූ රටක් නොවන බව ලෝකය පිළිගැනීමෙන් පසුවයි. සහ එක්තරා ආකාරයක ලංකාවෙන් පලිගැනීමක් ලෙස. එය යලි ලැබෙනවා යනු එක් අතකින් සංවර්ධන ශ්‍රේණියේ පහලට යෑමකි. අනෙක් අතින් ලංකාවෙන් පලිගත් අයගේ බලාපොරොත්තු ඉටු වී ඇති බව පසක් කිරීමකි. ජීඑස්පී නැතුව රටක් විදිහට අපිට නැගිටින්න බැරිද? පුළුවන්. ඒකට හොඳ දැක්මක් ඕනි. වහාම දැක්මක් ඇති පාලකයෙක් පහලවේවා. (නදී)
පහුගිය රජය කාලයේ අහිමි කරගත් දේ නැවත ලබා ගැනීම රටට අවශ්‍යයි. අද චීනය ඇඟලුම් වලින් ලොව අල්ලනවා. මේ සහනය නිසා එවන් රටක් සමග අපත් තරඟයට එනවා. එවන් විශාල රටවල් අපව යට කර ගන්න කලින් අපේ ඇඟලුම් වලට නිසි තැනක් ලැබේවා. (ස)
මෙය ලැබුනොත් නම් ආපහු ඇඟලුම් සේවයේ රැකියා විශාල වශයෙන් බිහිවේවි.(හේ)
ජීඑස්පි ප්ලස් සහනය නැවත ලබා ගැනීමට රනිල් මත්තයට හැකියාව තියෙනවා එතුමාට රටේ ආර්ථිකය ගොඩ නගන්න පුළුවන්. (දිල්)
රාජ්තාන්ත්‍රික බොලඳ කම නිසා ජී එස් පී ප්ලස් නැති කරගත්තම ඇඟළුම් කර්මාන්තේ හැර වෙන හැකියාවක් නොතිබුණ කී දෙනෙක් අනාථ උනාද? කී දෙනෙක් ළමයි දාල මැද පෙරදිග ගියාද? අහිංසක අසරණ ඔබලා ගැන මතක් උනා. (ස)
ශ්‍රී ලංකාවට සුභවාදී ප්‍රතිචාරයන්..රටට සුභ කාලයක්, ස්වර්ණමය යුගයක් උදාවේවී. (ස)
මේ සහන ලැබුනම, සංචාරකයන්, ඇගලුම්, මත්ස්‍ය නිෂ්පාදන, තේ, වැනි දේවල් වලින් යුරෝපයෙන් අපිට විශාල අදායමක් ලැබෙනවා. (ර)