
(අංජුල මහික වීරරත්න)
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්නා ලෙස සියලු රජයේ ආයතනවලට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා උපදෙස් ලබා දී ඇත.
රජයේ අරමුදල් ලබා ගනිමින් සිදු කරන කාර්යයන් සංවිධානය කිරීමේදී රජයේ ප්‍රතිපත්තියට හා දැක්මට අනුකූල වන පරිදි කටයුතු කිරීම අවශ්‍ය බවද ජනාධිපති ලේකම්වරයා රාජ්‍ය ආයතනවලට වැඩිදුරටත් දැනුම් දී තිබේ. සියලු අමාත්‍යාංශ ලේකම්වරු, සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රජයේ සංස්ථා මණ්ඩල ඇතුළු ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් සහ රජය සතු සමාගම් ප්‍රධානීන් වෙත ලිඛිතව ජනාධිපති ලේකම්වරයා විසින් මෙම දැනුම්දීම සිදු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාස්තියට තිත. මෝඩ චූන්වලට තිත. රජ පිස්සුවට තිත..
ඉතාම හොඳ තීරණයක්.. තවදුරටත් මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි තමන්ගේ අතින් වියදම් කරපු විදිහට සෝබන දාන්න වැඩකරපු අයට හොඳ පාඩමක්...
ඒක හොඳයි. දැන් කට්ටියට මඩගහන්න ජනාධිපති සහෝදරයාගේ පින්තූර පාවිච්චි කරන්න බෑ. මුද්දරේට තිත..
බොහොම හොඳ තීරණයක්...
ගොඩක් හොඳ තීරණයක්...