පුවත්පත් වලින් කපා ගත් අකුරු අලවා සැකකරුවන්ගේ නම් ගම් ඇතුළත් ලිපි සකසා පොලීසියට තොරතුරු ලබා දීමට ගැමියන් ඉදිරිපත් වී ඇත්තේ අත් අකුරින් හෝ දුරකතනයෙන් තොරතුරු ඉදිරිපත් කිරීමෙන් සිදු විය හැකි ප්‍රශ්න වලින් බේරිම සඳහාය.
පොලීසිය කියනුයේ ගැමියන් මෙතරම් බිය වීමෙන් මැරයන්ගේ තරම පෙනෙනා බවයි.
පසුගිය මාර්තු පළමුවැනිදා මීටියාගොඩ කුරුදු ව්‍යාපාරික යුවළ ඝාතනයත් සමඟ මැරයන්ට එරෙහිව බටපොළ ,නින්දාන,දොමංවිල,මීටියාගොඩ කුලීගොඩ පාර,අලුත්වල පාර,තානායම් හන්දිය ඇතුළු ප්‍රදේශයන් මැරයනට එරෙහිව පෝස්ටර් අලවා ඇත.
2025 දෙසැම්බර් මස 18
122
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අහු නොවී මැර තොරතුරු පොලීසියට දෙයි
සෙලිනා Tuesday, 31 March 2015 04:39 PM
පොලිසි ගැන නම් ලියන්න පුළුවන් පොත් ගණනාවක් (නි)
ජමීල් Wednesday, 01 April 2015 08:27 AM
මේ පුද්ගලයා අනිවාර්යෙන්ම බර්ෆි ෆිල්ම් 1 බලලා තියෙනවා, එකේ තමා අකුරු කපලා ලියුම් හදන්නේ.... වැඩි වැඩියෙන් ෆිල්ම් බලන්න. එත් අනුකරණය කරන්න එපා (බ)
ජීව Tuesday, 31 March 2015 06:15 PM
අනේ අපේ ගමට වෙච්ච දෙයක්! කොච්චර සාමකාමී ගමක්ද අද මෙහෙම වෙලා තියෙන්නෙ. (නි)
රන්ජනී Tuesday, 31 March 2015 07:49 PM
මෙච්චර තාක්ෂණය දියුණු කාලෙක ඇයි මෙහෙම වැඩ කරන්නේ? (නි)
ජයේ Tuesday, 31 March 2015 10:03 AM
මැරයන්ගේ තරම විතරක් නෙමෙයි පොලිසියේ තරමත් මේකෙන් පේනවා. (දිල්)
ගමගේ Wednesday, 01 April 2015 11:21 AM
මේ ලයිස්තුවේ පොලීසියේ කට්ටියගේත් නම් තියනවද දන්නේ නැහැ. (බ)
සල්ගාදු ප්‍රංශය Tuesday, 31 March 2015 12:22 PM
මිනිසුන්ගේ මෙම ක්‍රියාව සාදාරණයි , මොකද මැරයන් ගැන විස්තර දුන්නම පොලිසිය එම විස්තර දුන් මිනිසාවත් උසාවි ගෙන යනවා , සමහර මැරයන් ගේ සල්ලි වලට පොලිසිය ඔත්තු දුන් අයව පාවා දෙනවා , බහුතරය මැරයන් දේශපාලකයන් (බ)
අරවින්ද Tuesday, 31 March 2015 12:38 PM
අනේ අපොයි මේ පොලිසිය.මේක හදන්න මහන්සි උන මනුස්සයගෙ මහන්සිය?මේවගේ දෙයක් අගය කරන එක නෙවෙයි එ්ක සමච්චලයට ගන්න එක තමා අපේ කබා මහත්තුරු ටික කරන්නේ.(බ)
මාගරට් Tuesday, 31 March 2015 12:44 PM
මේ ක්‍රියාව අගේ කළ යුතුයි .තොරතුරුත් සත්‍ය බවත් තහවුරු කරගත යුතුයි (බ)
පාර්වතී Tuesday, 31 March 2015 12:47 PM
මේ මිනිස්සු කෙතරම් මර බියෙන් සිටිනවාද යන්න මෙයින් පැහැදිලියි .මොවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි (බ)
සොපී Tuesday, 31 March 2015 12:50 PM
මෙතරම් තාක්ෂණය දියුණු කාලෙක අපේ මිනිසුන්ට ජීවිත ආරක්ෂාව පතා මෙවැනි දේවල් කරන්නට වීම කණගාටුවක්. (ත)
ජයන්ත Tuesday, 31 March 2015 01:09 PM
මිනිස්සු බය පොලිසියට මොකද තොරතුරු දීපු අය හෙලිවෙන්නේ පොලිසියෙන්.මේකෙන් පේනවා පොලිසියේ හොඳකම.පොලිසියම මාරුකරන්න ඕනේ (බ)