(අංජුල මහික වීරරත්න)

හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන්ට එක්සත් රාජධානියේ කැන්ටබරි ක්‍රයිස්ට් චර්ච් විශ්වවිද්‍යාලය ​ගෝලීය අධ්‍යාපනය  අධ්‍යාත්මික නායකත්වය සහ ප්‍රජා සේවය ඇගයීමට ලක් කරමින් Lifetime Achievement Honour Award (ජීවිතයේ එක් වරක් පමණක්  පිදෙන උපහාර සම්මානය)පිරිනමා තිබේ.

​මෙම සම්මාන ප්‍රදානෝත්සවය කැන්ටබරි ක්‍රයිස්ට් චර්ච්  විශ්වවිද්‍යාල සනාතන පරිශ්‍රයේදී පැවැත්විණි. 

දශක ගණනාවක් පුරා අස්සජි නාහිමියන් ශ්‍රී ලංකාවේ  මෙන්ම ජාත්‍යන්තරව ද ආගමික නායකත්වය, දේශීය,ජාතයන්තර අධ්‍යාපනය ,අන්තර් ආගමික සහජීවනය, සංහිදියාව, ප්‍රජා අධ්‍යාපනය සහ ප්‍රජා සංවර්ධනය වෙනුවෙන් ඉටුකළ සේවාව මෙහිදී ඇගයීමට ලක් විය.  

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිමල් සේනාධීර මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර ඔහු ශ්‍රී ලාංකේය ආගමික සම්ප්‍රදායන්හි ගෝලීය බලපෑම පිළිබඳව  දේශනයක් පැවැත්වීය. 

විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රාමා තිරුනමචන්ද්‍රන් සහ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය මොහොමඩ් අබ්දෙල්-මගුයිඩ්  මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.