
(අංජුල මහික වීරරත්න)
පාසල් ලිපිද්‍රව්‍ය ලබා ගැනීම සඳහා පාසල් ළමුන්ට දීමනාවක් ලබා දීමේ වැඩසටහන 2026 වසරේදී ද ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අස්වැසුම හිමි පවුල්වල ළමුන් සඳහා පාසල් ලිපිද්‍රව්‍ය ලබා ගැනීම පිණිස එක් ළමයෙකුට රුපියල් 6,000 ක දීමනාවක් සුබසාධක ප්රතිලාභ මණ්ඩලය හරහා ලබා දීමටත් අස්වැසුම වැඩසටහනට ඇතුළත් නොවන, එහෙත් දීමනාව හිමි විය යුතු දිවයින පුරා පිහිටි, සිසුන් 300ට අඩු පාසල්වල ඉගෙනුම ලබන සිසුන්, පිරිවෙන් හා සීලමාතා ආරාම වල ඉගෙනුම ලබන ගිහි හා පැවිදි සිසුන් සහ ළමා සංවර්ධන මධ්‍යස්ථාන වල සිටින පාසල් යන සිසුන් සඳහා එක් අයෙකුට රුපියල් 6,000 ක දීමනාවක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ගෙවීමටත් 2025 වර්ෂය තුළදී පියවරගනු ලැබ ඇත.
එම වැඩසටහන 2026 වර්ෂය තුළ ද ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd