(අංජුල මහික වීරරත්න)
අස්වැසුම වැඩපිළිවෙල මන්දගාමි කරන දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රධාන වගකිවයුතු සියලු නිලධාරීන්ට එරෙහිව කටයුතු කිරීමට වන බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නිලධාරීන්ට දැඩිව දැනුම් දී ඇත.
පීඩාවට පත්ව සිටින අඩු ආදායම්ලාභි ජනතාව වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන අස්වැසුම වැඩසටහන ඉක්මනින් ක්‍රියාත්මක කොට ජනතාවට සහන දීමේ රජයේ අපේක්ෂාව කිසියම් පිරිසක් විසින් ප්‍රමාද කරන බවට පෙනෙන්නට තිබෙන බැවින් ජනාධිපති ලේකම්වරයා මෙලෙස නිලධාරීන්ට දැඩිව අවවාද කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවක දී සමන් ඒකනායක මහතා මේ බව දැනුම් දී ඇත. අස්වැසුම නොලැබුණු අයට අභියාචනා ඉදිරිපත් කිරීම සේම අලුතින් අස්වැසුම යටතේ ලියාපදිංචි කිරීම ගැන සමාලෝචනයක් මෙහිදි සිදුකර තිබේ.
එහිදි එක් දිස්ත්‍රික් ලේකම්වරයකු ලබාදී තිබෙන ඉලක්කය 100% ක් සපුරද්දී තවත් අයෙකු එය 20% ක ප්‍රතිශතයකින් නිම කර තිබිම සම්බන්ධයෙන් කරුණු දක්වමින් ජනාධිපති ලේකම්වරයා මේ බව දැනුම් දී ඇත. නැවත මෙවැනි දේ විය නොහැකි බවට ද ඔහු අවවාද කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද බලාගෙන රටේ ජනගහනයෙන් භාගයකට පින්පඩි දෙන්න වැඩ කරන ජනතාව ලක්ෂ පහළවක් මරාගෙන කන එක නවත්වන්න. නිකම්ම පඩි දෙනකොට නිකමුන් වැඩිවීම නවත්වන්න බෑ නේද?...
රටේ පාලනයට බාල්දි පෙරලන්නේ රාජ්‍ය නිලධාරීන් කියන අය. ඔවුන්ගේ ඔලුවලට අසුචි බාල්දි හලන්න ඕනේ....!
රාජ්‍යපරිපාලන ධූරාවලියේ ඉහළම ස්ථරය නියෝජනය කරන මෙතුමා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ මෙන්ම ශ්‍රී ලංකා විදේශ සේවයේ ද අත්දැකීම් බහුල ඉතාමත් කාර්යශූර නිලධාරියෙකි. ආයු රක්ඛන්තු, ආවඩා...!!!