IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අස්වැසුම හරි අයටම ලැබුණා දැයි බලන්න කමිටුවක් පත් කරයි

(අංජුල මහික වීරරත්න)

අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ ලබාදීම සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී සිදුවූ අසාධාරණ පිළිබඳව පරීක්ෂණයක් කිරීම සඳහා බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා විසින් දස පුද්ගල කමිටුවක්  පත් කර තිබේ.

අමාත්‍ය විජිත හේරත් මහතාගේ උපදෙස් පරිදි මෙම කමිටුව පත්කර ඇත.

අස්වැසුම ප්‍රතිලාභ ක්‍රමය සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී සත්‍ය වශයෙන් ප්‍රතිලාභ ලැබිය යුතු එහෙත් ඒ අවස්ථාව අහිමි වූ සමෘද්ධි ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් සැකසීම, අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී සත්‍ය වශයෙන් ප්‍රතිලාභ ලැබිය යුතු සමෘද්ධිලාභීන් අස්වැසුම වැඩසටහනට ඇතුළත් නොවීමට බලපා ඇති හේතු අධ්‍යයනය කොට වාර්තා කිරීම සහ සත්‍ය වශයෙන්ම ප්‍රතිලාභ ලැබිය යුතු සමෘද්ධිලාභීන් අස්වැසුම වැඩසටහනට ඇතුළත් කර ගැනීම සඳහා තෝරා ගැනීමේ ක්‍රමවේදයට ඇතුළත් විය යුතු යැයි නිර්දේශ කරන නිර්ණායක වාර්තා කිරීම අදාළ කමිටුවට පැවරෙන වගකීම වේ.

සමෘද්ධි ප්‍රතිලාභීන් ලෙස ප්‍රතිලාභ ලබමින් සිට අස්වැසුම ප්‍රතිලාභ අහිමි වූ එහෙත් සත්‍ය වශයෙන්ම ප්‍රතිලාභ ලැබිය යුතු විශාල කණ්ඩායමක් මේ වන විටත් දිවයින පුරා සිටින බව ලැබී ඇති තොරතුරු සහ ඉල්ලීම් සලකා බලා අදාළ කමිටුව පත් කර ඇත.
 



අදහස් (2)

අස්වැසුම හරි අයටම ලැබුණා දැයි බලන්න කමිටුවක් පත් කරයි

primeshika Sunday, 03 November 2024 04:43 PM

සමහර අස්වැසුම ලාභීන්ගේ බැංකු ගිණුම්වල ලක්ෂ 40-50 හේ ස්ථාවර තැන්පතු. හැඳුනුම්පත් අංකයෙන්ම බාගයක් හොරාට ගන්න අය හොයාගන්න පුළුවන් බැංකුත් උදව් කරනවා නම්. තමන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේ අවසරයක් ලිඛිතව අස්වැසුම ලාභීන්ගෙන් ගත්තානන් තවත් ලේසියි...!

:       0       10

MaheshSunday, 03 November 2024 05:43 PM

ගම්වල සමහර අය බැංකුවෙන් මුදල් අරගෙන ගෙවල්වල පෙට්ටගම්වල තැන්පත් කරනවා කන්නේ නැහැ. අඳින්නේ නැහැ... ඒත් ළමයින් ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරනවා. ගෙවල් පිලිසකර කරන්නේ නැහැ. මොකද සල්ලි නැහැ වගේම ඉන්නවා අපි දන්නා අක්කර දෙකක් තුනක් තේ, රබර් තියෙන අයට අස්වැසුම දෙනවා. එකම ගෙදර එක ඇතිලියේ උයලා කෑවත් ඡන්ද ලැයිස්තු දෙකක් තියෙනවා මොකටද අස්වැසුම නැත්නම් සමුර්ධි ගන්න තමයි තවත් එකක් පදිංචි වසමෙන් පිටවෙන ප්‍රදේශවල ආදායම් බලන්න ක්‍රමයක් නැහැ...

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site