පාර්ලිමේන්තු මූලාසනයේ සිටි ඒ එච් එම් අස්වර් මන්ත්‍රීවරයා මින් මද වේලාවකට පෙර මිනිත්තු දහයකට රැස්වීමේ වැඩකටයුතු අත්හිටුවීය.ඊට හේතු වූයේ එක්සත් ජාතික පක්ෂයේ රවී කරුණානායක සහ ලක්ෂමන් කිරිඇල්ල මහත්වරු මතුකළ රීති ප්‍රශ්නයකි.
ඔවුන් කියා සිටියේ අස්වර් මහතාට පාර්ලිමේන්තු මූලාසනය දැරීමට අයිතියක් නැති බවයි.
කතානායක වරයා ඊට කළින් දුන් තීන්දුවක් පදනම් කරගෙන ඔවුහු තම රීති ප්‍රශ්නය මතු කළහ.
එම තීන්දුවෙන් පසුව තමා පාර්ලිමේන්තු මූලාසනයේ කිහිප වරක් සිටි බව අස්වර් මහතා පැවසීය.
එහෙත් ඔහු සභාව අත්හිටුවා රැස්වීමෙන් නැගිට ගියේය.
පස්වරු 3.30ට යළි පාර්ලිමේන්තුව රැස්වූ විට අස්වර් මහතා මූලාසනයට පැමිණියේ නැත. නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා මූලාසනයට පැමිණියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්ථාවර නියෝග වල තියෙන දෙයක්ද (දී)
මොනවාද මේ වැඩ (දී)
නිතිය කියන්නේ මහා පුදුම දෙයක් (දී)
පාර්ලිමේන්තුවේ තමයි නිතිය අකුරටම තියෙන්න ඕනේ (දී)
එතුමා එය කියන රීති දන්නෙ නැද්ද දන්නෙ නැහැනේ. (නි)
අනේ මන්දා ඇත්තමයි (දී)
ඇත්තට මොකද්ද ප්‍රශ්නේ (දී)