ඉන්දීය හිටපු නායක මොහොමඩ් අසාර්දීන්ගේ ජීවිත කතාව අලළා නිර්මාණය වූ "අසාර්" චිත්‍රපටය මැයි මස 13 වැනිදා (අද දිනයේ සිට) ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත. ටෝනි ඩී සූසාගේ සිනමා අධ්‍යක්ෂණයක් වන මෙහි ඉන්දීය රුපියල් කෝටි 27ක නිෂ්පාදන බරපැන දරා ඇත්තේ සෝභා හා එක්තා කපූර් දෙදෙනා විසිනි. මෙම චිත්‍රපටයේ එන මොහොමඩ් අසාර්දීන්ගේ චරිතය නිරූපණය කරනු ලබන්නේ ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු එම්රාන් හසීම්ය.
ඔහුට අමතරව, ප්‍රචි දේසායි මොහොමඩ් අසාර්දින්ගේ සැබෑ ජීවිතේ මුල් බිරිඳ වූ නූරීන්ගේ චරිතයද, නර්ගිස් පක්රි දෙවැනි බිරිඳ වූ සංගීතා බිජ්ලානිද ඵන පොවන අතර, ලාරා දත්තා, ගෞතම් ගුලාටි, කුනාල් රෝයි කපූර් සෙසු චරිත සඳහා රංගනයේ දායක වී ඇත.
2013 වසරේ ජුනි මාසයේදී මෙහි රූපගත කිරීම් කටයුතු ආරම්භ කර තිබුණ අතර, එහි අවසන් රූපගත කිරීම් කටයුතු පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී සිදුකර තිබුණි. මෙහි බොහෝ රූපගත කිරීම් කටයුතු එංගලන්තයේ ලෝඩ්ස්, ඕවල්, කැන්ටබරී, ඩර්බි, එජ්බැස්ටන් ඇතුළු ක්‍රිකට් ක්‍රීඩාංගණ රැසක සිදුකර ඇත. සිනමා විචාරකයන් පවසන්නේ "අයි.පී.එල්" ක්‍රිකට් තරගවාරය අතරතුරදී මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට නිෂ්පාදක කණ්ඩායම කටයුතු කර ඇත්තේ මෙහි මුදල් අතින් ලාභ උපයා ගැනීමේ අපේක්ෂාවෙන් බවය.
2025 දෙසැම්බර් මස 30
115
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
"අසාර්" අද ලොවපුරා ප්‍රදර්ශනයට