‘මේ දින 100 ක කාලසීමාවේ දී ජනාධිපති විදියට මගේ හැසිරිම පිළිබද. සමහර අයගේ යම් යම් විවේචන තිඛෙනවා. සමහරු කියනවා මම ශක්තිමත් නැහැ කියලා. සමහර අය කියනවා දුර්වලයි කියලා. සමහර කියනවා නායකයෙක් නෙවේ කියලා. මේ විවේචන
හැබැයි ඒ සියලූ විවේචකයන්ට සහ මගේ ආදරණීය ජනතාවට මම කියන්න ඕන මේ දින 100 කාලයේ මේ අසීමිත බලතල තිබෙන තනතුරේ බලය මම පාවිච්චි නොකළ කෙනෙක්. ඇයි, තමුන්නාන්සේලා මා පත් කළේ මේ බලය දෙන්න. මම ආවේ ඒ දේ සදහා. විධායක ජනාධිපති ධූරය සතු අසීමිත බලතල ඉවත් කරන්න ආවේ.‘ යැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතිය අමතමින් කළ විශේෂ කතාවේ දී කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දින 100 තුළ අපි නම් පැහැදිලි වෙනසක් දැක්කේ නැහැ (නි)
හික් හික් සමහර අය හරියටම කියල තියෙනවනේ හිටන්. (ස)
අපේ රට විනාස නොකර යන්න. (ස)
කතාව සම්පුර්නේම්ම ඇහුව වංචා කාරයින ඉපදෙන්න දෙන්නෙත් නැති විදියට කතා කළේ. ඒ වුනාට මහා බැංකුවේ වැඩේ ගැන කිසි දෙයක් කිවුවේ නැහැ. මම හිතන්නේ අගමැති පත්කළේ ජනාධිපති තුමා නිසා වෙන්න ඇති. (බ)
"මේ අසීමිත බලතල තිබෙන තනතුරේ බලය මම පාවිච්චි නොකළ කෙනෙක්" එතකොට ප්‍රජාතන්ත්‍රවාදී රජයක් විසුරවල තමන්ට අල්ලස් දීපු රනිල්ට බලය දීපු එක....(ස)
මමත් හිතාගෙන හිටියේ ඔබතුමා නිවැරදියි කියලා. ඒත් අසීමිත බලතල පාවිච්චි නොකර රට පාලනය කළත් පාර්ලිමේන්තුව පාලනය කරන්න අමාරුයි (නි)
ඔබතුමා කියන්නේ ඇත්ත තමයි (නි)
දින 100කින් ලංකාව ස්වර්ගයක් බවට පත්කරන බවයි කිවුවේ සමහරු නම්. ඒත් කළ දෙයක් නැහැ. ඩීසල් පෙට්‍රල් මිල අඩුකළා. ඒකේ ප්‍රතිඵලය දැක්කා.ලංකාවෙි විශාලම මුල්‍ය වංචාව දින 100 තුළ සිදුවි අවසන් බව අපි දන්නවා (නි)
මේයාගේ කතා අහගෙන ඉන්නේ තොයියොම තමා
ඔබතුමා කොහොමත් හොඳ කෙනෙක් කියලා අපි දන්නවා (නි)
අපේ සමහර අය හිතන්නේ එහෙම බලතල පාවිච්චි නොකිරීම දුර්වල කමක් කියලා. මේ වහල් භාවය ගැන එතුමා කියලා තිබුන.(ස)
එතුමා කියන්නේ ඇත්ත (නි)
අසීමිත බලතල පාවිච්චි නොකලානම්, කොහොමද හිටපු අගවිනිසුරු එක දවසෙන් එලියට දැම්මේ. එක අසීමිත බලතලවලටත් එහා ගිහින් කල දෙයක්. ප්‍රසිද්ධ හොරු, කුඩුකාරයෝ එකෙක්වත් කොමිසම ඉදිරියට ගෙනාවද ? මොකද ඒවාට බලතල පාවිච්චිකරන්න බය ? මැඩම්, සර් දෙන්නනෑ අනුමැතිය නැත්ද ? රට විනාස නොකර ඔබතුමා ගෙදර යන්න. සෞඛ්‍ය ඇමති විදියට උපන් ගමේ වකුගඩු ලෙඩ්ඩු ටිකට මුකුත් කරන්න බැරි ඔබතුමා කොහොමද අංපිටින් ගොන්නු ගිලපු කපටින් එක්ක මේ රාජකාරිය කරන්නේ ? (ස)
සහතික ඇත්ත (නි)
නිසිලෙස නිසි බලය නිසි කල යොදාගත යුතුවේ (නි)
මෙතන ඉන්න සමහර අයට ඕනෑම මැර පාලනයක්. අනේ ! අපේ රටේ මෙහෙම අය ඉන්නකම් අපිට දෙවියන්ගේම පිහිටයි! (නි)